Friday, July 22, 2011

බාහුං සහස්ස....

අතැගිලි එක්කොට
නෑසිය අභියස
සුන්දර සිහිනය
සැබැවක් වු දින
මතකය අවධිව
සොදුරු අතීතය
සුන්දර වෙරලේ
සිහිලස විදලා
අභිනව සයනේ
සුවසේ සැනසී
දස වසකට පසු
සිහිවිය අද දින

මළ වදේ ....!!!!

අරයා ඇවිත් අතින් අදියි එන්න කියා
බෙල්ල සිබියි නලල සිබියි තනියි කියා
සරම කැඩෙයි බලාගෙනයි හෙමින් ඔයා
නිදි රැජිනේ මම එන්නම් යන්න ඔයා

අප දිවියත් කොයි මොහොතෙද කියා නැතේ
යනවිටදි ලද සේරම දමා යතේ
පෙම් කෙරුමට මේ ලොව තහනමක් නැතේ
කිසිදු මලක් කිසිවෙකුටත් අයිති නැතේ

රන් කෝමල වැනෙනා නිතඔ ඇගේ
මන පුබුදා නලියයි මුලු ගතම මගේ
ගස්ස ගස්ස යන විට ඈ පාර දිගේ
‍මක් කොරන්න සදුහිමි නැත දිවියේ මගේ

‍අප්‍රමාදය

බඔරා
පියඹා
සිම්බා
රෝස මල
එනවා අසබඩ
පුසුඔ පිච්ච මලේ
මොන මලකින්
පැණි ගන්නද
අරකින්දෝ
මේකෙන්දෝ
සිතමින් තැවුලින්
සිටී සටී
වෙන බඹරෙක් විත්
ඒ මල් සිප ගත්තේ

පිපිරීමක්

ඈත දිලෙන 
තනි තරැවේ 
මා හද බිදිලා
අදුරුයි අදුරුයි
හැමතන
පැතුමන් ගිලිහීලා
තරු එළියට 
බලන් උඩින්
සුන්දරි
කොහිදැයි

Thursday, July 21, 2011

ආයු‍‍බෝවන්........!!!!!

මාගේ සොදුරු නවාතැනේ දොරගුළු අද සිට විවෘතයි....!!!