Monday, October 31, 2011

හදේ සැපය

හද
නුබ ඇති දහවල

හද
සැනසුනා තනිවම

තරු
නැති වුනාට

තරු
අතරේ කිමිදුනා මිහිරට

Sunday, October 30, 2011

ගල්ලෙනේ කවිය

සිංහයාට නිදහසේ
ඹබ මොබ සරන්නට
දඩයමක් කර ගන්නට
ලොකු ඈණුමක් යවන්නට
වැජබෙන්න සිංහයා ම
විලසේ....
මග ඇහුරුවේ කව්රුන්ද ?
සිත බින්දෝ කවරහුද ?
කෝ උන් දැන් ?
සිංහයා අසරණයි....
අද.....
නමුත් තේජස ම ඇත්තේ
සිංහයෙක් විලස.....

Saturday, October 29, 2011

ලකුණු සහ සළකුණු

ආ මග කෙටියි
යා යුතුයි බෝ දුර
පා සළකුණු
මැකෙයි රැල්ලට
පසු පසින් එන අය
නොදනී ආ දුර
යා යුතුයි බෝ දුර
වෙන අය ගිය මගක්
නෑ ඉදිරියේ අප
සොයා යමු මග
මකාගෙන බාදා
විදින්නට හැකි වේය
නින්දා
යමු කෙසේ හෝ
අරමුණට....!!!

Friday, October 28, 2011

මිහිරිද ආදරේ ----------------- 4වන පරිච්ඡේදය

ටිකෙන් ටික උසස්පෙල විබාගය සදහා දින ලංවිය. සැබැවින්ම විබාගය සදහා ඇත්තේ තවත් දින කීපයකී. වසර දෙකක් වැනි කාලයක් තුල ගොඩනඩා ගත් මිතුදමට සමුදීම සිදුවන බොහෝ දෙනෙකුට පසක් වී ඇත.
එකිනෙකා ගේ අතින් අත සමරුපොත් හුවමාරු වන අතර සමහරු දුරකථන අංක සහ ලිපිනයන්ද හුවමාරු කර ගනිමින් සිටි.තවත් පිරිසක් පන්තියේ අවසන් දිනය තුල පැවැත්වීම සදමා සාදයක් සංවිධානය කරමින් සිටින බවත් පෙනේ. කෙසේ වෙතත් මලිත්ලා ගේ කණ්ඩායම මේ කිසි දෙයකට සම්බන්ධයක් ඇති බව පෙනෙන්නට නැත. මලිත්ට වද දෙන ගැටළුව නම් තම අදහස කෙලින්ම නෙරංජි ත් එක්ක කතා කරන්නේ කෙසේදැයි යන්නය. කෙදිනක නෙරංජී සමග අතිනත පටලා ලංව උණුසුම විදිමින් නිදහසේ ඇවිදමින් ගතකරනට හැකිවේදැයි සිතයි. නමුත් සැබෑ ආදර හැගීමක් නෙරංජි තුලත් ඇතිවී දෙදෙනා ට දෙදෙනා පිළිබද සමාන හැගීමක් ඇති විය යුතු බව මලිත් විශ්වාස කරයි. නෙරජීගේ සිත තුලත් මලිත් පිළිබද ආදර හැගීමක් දළුලා වැඩී තමා නෙරංජීට දක්වන ආදරය පිළිබද සමාන හැගීමක් නෙරංජී තුලත් ඇති වන දිනයක් අද ඒදොයි මලිත් සිහින දකී. මලිත් දවසින් දවස බලා සිටින්නේ ඒ දිනය එන තෙක්ය. නමුත් දැන් පන්තියෙන් සමුදෙන දිනයටත් ලංවී ඇත.

-------------------

පන්තියේ අවසන් දිනයත් උදා වී ඇත. මිතුරු මිතුරියන් වෙනදාටත් වඩා වෙනස් වී ඇත. ඇදුම් පැලැදුම් පවා වෙනස්ය. සර් උගන්වන වේදීකාව ඇත්තටම වෙනස් කර ඇත. එය බැළුන් සහ මල්වලින් සරසා ඇත. මේසයක් මත තෑගි පාර්සල් කීපයක් තබා ඇති බව පෙනේ. පසෙක තබා ඇති මේසය කෑම මේසයක් වී අවසානය. නානිවිධ කෑම වර්ග වලින් එය පිරී ඇත.කීප දෙනෙක් ගීටාරයන් ටියුන් කරමින් සිටී.සියළු දෙනා බලා සිටින්නේ අල්විස් සර් එන තුරුය. කීප දෙනෙක් මල් මාලයක් ද සුදානම් කරගෙන දොරටුව අබියස සිටි.

අල්විස් සර්ගේ ජීප් රථය එන දැක පිරිසක් ඒ දෙස දුව ගියහ. ඔවුන් සර්ව පෙරටුකර ගෙන පැමිණියහ. පිළිගැනිමේ දොරටුව අසලදී මල් මාලාව දමා ගෙන පිළිගත්හ.ඉන් අනතුරුව අල්විස් සර්වත් කාඩ් ටික්කා වන ජයන්ත අය්යා වත් පෙරටු කරගෙන කොල්ලෝ කෙල්ලෝ ටික පන්තියට ඇතුළු විය. පන්තියේ සිටින සියල්ලෝ අසුන් වලින් නැගිට අත්පොලසන් දෙමින් උත්තමාචාර දැක්වීය.

අල්විස් සර්ත් ඒසේම ජයන්ත අය්යාවත් වෙනම සුදානම් කර තිබු ආසන මත අසුන් ගත්හ. වජ්‍රපානීත් කසුනුත් වේදිකාව ට ගොඩවී නිවේදන කටයුතු ආරම්බ කර අල්විස් ගුරුපියානන්ට සිසුසිසුවියන් අමතන ලෙස ආරාධනා කරනු ලැබීය.

" ළමයිනේ මාව මෙහෙම පිළිගත්තට ස්තූතියි. මම මේවා බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ බලාපොරොත්තුව මේක නෙමෙයි. විශ්ව විද්‍යාලය යන එක කෙසේ වෙතත් සියළු දෙනාම රසායනයත් අනිත් විශයනුත් ඉහලින් සමත් වෙන එක තමයි බලාපොරොත්තුව " සහ විබාගේ දිනවල කටයුතු කලයුතු ආකාරයත් විබාගෙන් පසුව තමන්ගේ අනාගත දියුණුය පිණිස කටයුතු කරන්නේ කෙසේද යැයි සදහන් කරමින් කෙටි කතාවක් කරන ලදි. ඉන් අනතුරුව තිලින ප්‍රදානයක් සිදුවු අතර ඒ අවසන සිසු සිසුවියන්ගේ ගායාන වාදන ප්‍රසංගයක් පැවැත්විනි. එහිදී එක් එක් සිසුවින්ගේ නම් වජ්‍රපානී සහ කසුන් විසින් සදහන් කර ආරාධනා කරන අතර සිසු සිසුවියෝ විත් ගායනා සහ වාදන මෙන්ම සමහරු රංගන පවා ඉදිරිපත් කරන ලැබිය.ගායනා වලදී අනෙක් සිසු සිසුවියෝ තාලයට අත්පොලසන් දෙමින් සතුටු වෙයි.

මීලග ගායනය ඉදිරිපත් කරන්නේ මලිත් විජේසිරිවර්ධන යනුවෙන් ඇසිනි.
වජිර අන්න පල තොගේ නම කියනවා පල විගහින් මෙතැන ලැජ්ජ කරන්නේ නැතිව කීය.

මම නම දුන්නේ නෑනේ. උබ දුන්නා නම් උබම පලයන් මලිත් එය ප්‍රතික්ශේප කලේය.

අපි නැවතත් ආරාධනා කරනවා අපගේ ආලවන්ත මලිත් විජේසිරිවර්ධන යනුවෙන් එවර වජ්‍රපානී ආරාධනා කෙරීය. ඒ සැනින්ම සියල්ලෝම වේගවත් අත්පොලසන් හඩක් නැගීය.

මලිත් ට කරන්නට ම දෙයක් නැත

ඔහු හෙමින් හෙමින් වේදිකාව වෙතට ගියේය.

අල්විස් සර් දෙපා නැමද සියල්ලන්ගෙන්ම අවසර පැතීය.

මම දන්නේ නෑ මේ බව. මට හොරෙන් ම මේ වැඩේ කලේ වජිර මගේ මිත්‍රයා. මම වජිර සම්බන්ධව මෙව්වා වන ගමන් සියළු දෙනාට එලබෙන විබාග කඩඉම ජයගන්නට හැකිවේවා යැයි කියමින් ගීය සදහා සම වැදිනි.

ඔබ මා හමුවන
මේ ඉර හද යට
කොතනැක සිටියත්
මා මළ දවසට
මගේ ළග තනියට
ඉනු මැනවී

මගේ ළග තනියට
ඉනු මැනවී

http://www.youtube.com/watch?v=Yt-h-S8-lXs

යන ගීතය නෙරංජී දෙස බලාම ගායනා කලේය.නෙරංජී ටික වේලාවක් මලිත් දෙස බලා සිට එකවරම බිම බලාගත්හ. නෙරංජිගේ දොකොපුල් කදුලෙන් තෙත්වන බව යමුනාට වැටහිනි.මලිත් ගීය ගයමින් සීටි. මුළු ශාලාවම නිහඩයි. ඇසෙන්නේ මලිත්ගේ හඩ පමණි.

ස්තූතියි පවසා මලිත් වේදිකාවෙන් බැස ගියේය.සියල්ලෝම වේගයෙන් අත්පොලසන් නාදයක් දුන් උණුසුම් ප්‍රතිචාර දැක්වීය.

සාදයද නිමවිය. ක්‍රම ක්‍රමයෙන් මිතුරු මිතුරියන් වෙන්වී යන්නට විය. නෙරංජි සහ යමුනා ඇතුළු පිරිවරද නුගේගොඩ ටවුම වෙත සිනහා වෙමින් යන අතර මලිත්, වජිර ඇතුළු පිරිවර ත් ඔවුන් පසුපසින් යයි.

සවිවිරි බස් හෝල්ට් එක ලගට ආ සැනින් 138 බස් එකක් පැමිණ නැවැත්වීය. යමුනා නෙරංජි ඇදගෙන බස් එකට ගොඩවන්නට විය.

මලිත් ද ඒ අසලට දුව ගියේය.

නෙරංජි ෆුට්බෝඩ් එකේය. බසය සෙමෙන් ඇදෙ.

මම ඔයාට ආදරෙයි නෙරංජි...

මමත්..... නෙරංජී කීය.

මලිත් පසුකර බස්රථය ඇදී ගියේය.

මිහිරිද ආදරේ ----------------- 3 වන පරිච්ඡේදය

අල්විස් සර් ඉදිරියේ සිට තාමා දෙසට එනු පෙනේ. සර් තමා දෙසට එත්ම ඉදිරිපස බංකුවල සිටින මිතුරන් පසු පස හැරෙමින් තමා දෙස බලයි. සමහරු සිනහා වෙමින් වෙන්නේ මොනවාදැයි බලමින් සිටී.‍ ඒ අතර වජිර ද මේස‍ය යටින් කකුල පාගමින් මොකක්ද පඩියෝ තෝ මේ ‍කලේ යැයි කණ‍ට ලංවී ඇසුවේය.
මලිත් වජිර ගේ මුහුණ දෙස බැලු මුත් වජිර ගේ කේන්තියෙන් පිරුනු මුහුණ දැක මුවග‍‍ට ආ සිනහව වලක්වා ගත නොහැකි විය. එම සිනහාවෙන්ම හිස හරවා දකුණු පස හැරුණු කල ‍පෙනුනේ නෙරංජි නැවතත් තමා දෙස ඉතාමත් දුකින් බලා සිටින අයුරකි.කුමකින් කුමක් වේ දො යැයි වික්ශිප්ත බවක් ඇගේ මු‍හුනෙන් දිස්විය.

නැගිටිනවා..... ‍මොන ලෝකේද ඉන්නේ... ‍ගෙදර කියලා හිතුවද..අල්විස් සර් ලගටම ඇවිත් ඇසුවේය

සමාවෙන්න සර්.... මලිත් පැවසීය

සමාවෙන්න.... විබා‍ගෙට තව සති 3යි මේක කෝලම් මඩුවක් කර ගත්තද.....

නැහැ සර්...

නැහැ සර්... ඔහොම ගියොත් තමුසෙ ලාට වෙන්නේ ඉයස් සර් නෝ සර් කිය කිය ඉන්න තමා....
හොදයි....කියනවා බලන්න ජලය විද්‍යුත් විච්ඡේදනය මගින් හයිඩ්‍ර‍ජන් සහ ඔක්සිජන් වායුව හදන හැටි...

මලිත් බිම බලා සිටි.

කෝ.....මේ ඔළුව උස්සනවා ... බලනවා මගේ දිහා... හ්ම් ..... දැන් කියනවා.....

කි .... කියනවා සර්....

සර්....... බේසමක් පරීක්ෂණ නල දෙකක් ඒකටම හරියන හීනි ඉලෙක්ට්‍රෝඩ හයි කරපු ඇබ දෙකක්,අල්පාම්ලික ජලය, 4.5 වොල්ට් බැට්රියක් සහ වයර් කෑල්ලක් තව පැරපින් ඉටි ටිකක් ලැහැස්ති කර ගන්න ඕනේ මුලින්ම..

ඊ‍ට පස්සේ සර්.....

හරි ...ඇති ඇති....

මලිත්, තමන් ඇසු පැනයට සාර්ථකව පිළිතුරු දෙන බව අල්විස් සර්ට වැටහිනි. ඒ අනුව මලිත්ගේ පිළිතුරු දිම නැවත්වීමට කල්පනා කෙරීය.

කෝ දෙනවා පොත බලන්න..... සර් මොකක් හෝ වැරැද්දක් සොයන්න ට සැරසෙන බව මලිත් ට දැනුනි.සර් මලිත් ගේ පොත හොදින් නිරීක්ෂණය කලේය. මලිත් සිය නෝට් ඉතාමත් පැහැදිලිව සටහන් කර ගෙන තිබුනි. අත් අකුරු පවා කැටයම් අකුරු මෙනි.

පුතා කොහේ ඉදන් ද එන්නේ... අල්විස් සර්ගේ මුළින් තිබුන සැර ගතිය බාල වී ඇත.රාගම ඉදන් සර්...

හ්ම් ..... එහෙනම් හොදට වැඩ කරගන්නවා.... ඔය වගේ විබාගෙටත්....

මලිත් සැබැවින්ම ඉගෙනීමට රුසියෙකි. එක් වරක් ඉගෙන කියවන දෙයක් බොහෝකලක් අමතක නොවේ. අපොස සාමාන්‍ය පෙල ලියද්දීත් නිදි වරාගෙන පාඩම් කලේ නැත.මිතුරු සමාගම එක්වී රැ බොවී පාඩම් කලත් මලිත් සාමාන්‍යයෙන් රාත්‍රී එකොලහට පමණ නිදා ගත්තේය.

මුලින් තමා දෙස අවඥාවෙන් බැලු පිරිස් දෙස සිංහ සෙයියාවෙන් මලිත් බැලීය. සමහරු ෆිට් තමා යනුවෙන් සංඥා කෙරිය. මේ අතර නෙරංජි ද සිය වමත මත දකුණු කම්මුල තියා තමා දෙස බලා සිටි. දකුණතින් නළල මත ඇති වැටි ‍හිසකෙස් මෑත් කොට මද සිනහාවක් පෑහ.කොපමණ කෙල්ලෝ දැක තිබුණත් මෙවැනි සුන්දර අවිහිංසක කෙල්ලෙක් තමාට මෙතෙක් මුණ නොගැසී ඇතැයි මලිත් ට සිතිනි. මැයත් සමග නිදහසේ දොඩමළු වන්නේ කවදාදැයි සිහිවිය.

නෙරංජි ගේ දකුණු පසින් සිටි යමුනා නෙරංජි ගේ වමතින් අල්ලා හෙල්ලීය.
‍මේ ...නෙරෝ ඊලගට උබ හරිද.... උබට පුළුවන් ද ඒ වගේ .....සැරෙන් විමසුවාය.
නෙරංජි දෙවුර ගස්සා සිනහා වෙමින් ඉදිරිපසට හැරිනි.

මලිත් වාඩිවෙන ගමන්ම අඩෝ වජිරයෝ තොටත් ඔනේ ද මොනවා හරි විච්ඡේදනය කරගන්න.. ඕනේ නම් කියපන් හොදේ කියමින් වජිර ගේ කණ මිරිකමින් වාඩිවිය.

එහි වේදනාවට එකවරම උයි යකෝ කියා කියවෙන්නට ගිය වචන වජිර එකවරම ගිල්වා ගත්තේය.

මිහිරිද ආදරේ ----------------- 2 වන පරිච්ඡේදය

2 වන පරිච්ඡේදය

රත්තරනේ ....ඔය සුදු මුහුණ දිහා බලන් ඉන්න තියෙනවානම් ....... තේරෙන්නැද්ද මගේ හිතේ ඔයා‍ට තියෙන ආදරේ........... මම කෝමද මගේ හිතේ තියෙන ආදරය ඔයාට කියන්නේ...
මලිත් ට සිතිනි.

නෙරංජි මලිත් දෙස මදක් බලා සිට ‍යමුනා එන්න අනේ පිස්සුද කෑ ගහන්නේ ලැජ්ජයි .....එන්න අනේ කියමින් ..... යමුනා ගේ අතින් ඇද පන්තිය ඇතුලට ගෙන ගියාය. යමුනා පන්ති‍ය ඇතුලට ගියේද මලිත්ට සැර ඉරියව්වක් පෙන්නා ගෙනය.

ආ ඔය අපි දැක්කේ ලව් එක නිකම් පව් නොදි යන්න මල්ලි......... කාඩි ටික් ජයන්ත අය්යා කීය...

වරෙං බං යන්න.... වජිර ද මලිත් ගේ අතින් ඇද පන්තිය ඇතුලට ගෙන ගියේය... යකෝ ගොන් බූරු තඩියෝ කොන්ද කෙලින් තියෙන පිරිමියෙක් වගේ ගිහින් කෙලින්ම කියපං මම ඔයාට ආදරෙයි කියලා....නිකම් පණුවෙක් වගේ ඇඔරෙන්නේ නැතිව .... ඉක්මනට කියලා ඕක බේරුමක් කර ගනින්.... තව සති කීයද විබාගෙට..... නිවාඩු දුන්නම ඉතින් සොරිම තමා හොදේ.......

උඔ හිතන්නේ එයා දන්නෑ කියලාද බං........ ඒකනේ ටික්කාගේ දෝස් මුරේට එයා මුකුති කිව්වේ නැත්තේ......... ඒකට අර හැපින්න........ බලපන්කෝ හරියට මං ඒකිට ලව් කරනවා වගේනේ...

මං උබට එකක් කියන්නම් උබ ඔය නෙරංජියෙක් ගැන හිතලා විබාගේ ඇනගන්නවා ශුවර් ගොය්යෝ

හරි හරි මං ඒක බලා ගන්නම්කෝ....... උබ හිටපං පඩියා වෙන්නේ නැතිව....

අල්විස් සර් පැමිණ රසායන පාඩම පටන් ගත්තත් මලිත් සිටියේ වෙනත් ලෝකයක‍‍ය. මලිත්ට නෙරංජි මුලින්ම දුටු දිනය සිහිවිය. අත්කොට සුදු පැහැති බ්ලවුසකින් සහ ජීන්ස් එකකින් සැරසි සිටි ඇ සිය මව් සමග මුලින්ම ‍රොටරි ඔෆීස් එකට පැමිණි දින සිහිවිය. ඇය මහත් ලැජ්ජාශීලි තරුණියක් බව වැටහිනි. ඇගේ පුසන්න පෙනුමැති වතින් තමන්ගේ මිය ගිය මව් ගේ රුව මැවී පෙනිනි.සමුද්‍රා කාන්තා විද්‍යාලය අසල රොටරිය තිබුනත් රොටරියේ කොපමන කෙල්ලන් සිටියත් මලිත්ගේ සිත ප්‍රියකලේ නෙරංජිට ය. දින දින මලිත් ගේ සිත් තුල නෙරංජි පිළිබද ආදර සිතක් ලියලමින් වැඩෙන්නට විය. ඇය ගැන සිතමින් නොනිදා රැ පහන් කල අයුරුත් පාඩම් කරන අතර තුර ඇය වෙනුවෙන් ලියවුනු කවි නිසදැස් ද මතක් විනි. ඇගේ පසුපස ගිය සැටිත් දිනක් ඇහොමාගම බලා යන 138 දරන බසයට දිව ගොස් එල්ලෙන්ට ගොස් වැටී තුවලා වූ අයුරුත් සිහිවිය.

මලිත් සිය දකුණත වැලමිට අසල ඇති එම තුවාල සලකුණු බැලෙන ගමන් නැවතත් ප්‍රකෘති සිහියට පැමිණියේය.මොහොතක් නෙරංජි දෙස බලන්නට සිත්විය. නෙරංජි ද මලිත් දෙස බලා සිටී. මලිත් තමන් දෙස බලනවා දුටු නෙරංජි ලැජ්ජාශිලී ලෙස ඉදිරියට හැරිනි.

මලිත් ට ඉස්පාසුවක් නැතිවිය. ‍ඉබේම yes කියා කියවිනි.
සියල්ලෝම මලිත් දෙස බැලූ අතර සමහරුන් හඩ දෙමින් සිනහා වූහ.

අල්විස් සර් ඇයි මලිත් මොකක්ද ප්‍රශ්නේ කියමින් මලිත්ලා සිටි බංකුව දිසාවට එන්නට ගත්තේය.

මිහිරිද ආදරේ ----------------- 1 වන පරිච්ඡේදය

ඔය කාඩ් අරගෙන අරගෙන පේලියට එනවා...නුගේගොඩ ‍රොටරියේ රසායන ක්ලාස් එකේ කාඩ් ටික්කා බෙරිහන් දෙනු ලැබීය. කෙල්ලෝ කොල්ලෝ පොරකමින් ඉදිරි අසුන් සහ විදුලි පංකා ආසන්නයේ ඇති අසුන් සොයා යන නිසා දොරටුව අසල අධික තදබදයක් ඇති නිසාවෙනි.

මලිත් ඇතුළු පිරිවර ට එසේ අවශ්‍ය නොවුවත් මලිත් ට අවශ්‍ය වන්නේ නෙරංජි පෙනෙන දුරින් ඇති අසුනක් සොයා ගන්නටය. එබැවින් මලිත් සිය මිතුරු කැළ සමගින් දොරටුව අසල සිට නෙරංජිත් ඇගේ මිතුරියන් ඇතුළුවන විගසම ඇතුළුවීම සදහා මාන බලමින් සිටී.

නෙරංජි පැමිණෙන්නේ හෝමාගම සිටයි. ඇය පාවුළු බාලිකා විද්‍යාලයේ සිසුවියක් වන අතර කොණ්ඩය කොටට කපා ඇති වටකුරු දැකුම්කළු පෙනුමක් ඇති තරුණියකි. ඇය පන්තියට ඇතුළුවීමට පෙරතුව සිය මිතුරියන් හා එක්ව ගෙදරින් ගෙන බත්මුල් බෙදාගනිමින් දහවල් ආහාරය අනුබව කරයි.

මලිත්ද බම්බලපිටියේ ශාන්ත විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකි. පෙනුමෙන් කඩවසම් ඉලන්දාරියෙකු වන මොහු නුගේගොඩ සව්සිරි හෝලට් එකේ සිට මග රැක සිටිමින් පසුපසින් එයි. මිතුරන් හා එක්වන මලිත් නෙරංජි ලා දිවා ආහාරය ගන්නා තෙක් ඒ අවට සිටිමින් ආගිය රස තැන් කියමින් කාලය ගත කරයි.

කාඩ් ටික්කා ටත් මෙය මහ හිසරදයකි. නෙරංජි ඇතුළු පිරිස ඇතුළු වන සැනින් ම මලිත්ලාද සැමවිටම කඩා පාත්වෙයි.එය ඔහුට මල කරදරයකි.

ඕයි තමුසේලාට පිස්සුද පේන්නැද්ද පෝලිමක් තියෙනවා.... යනවා යන්න ගිහින් එනවා පෝළිමේ
කියමින් කෑ ගැසුවේය.

‍අය්යාට තේරෙන්නේ නෑනේ ..... ඔහොම කරන එක හොදද... ප්‍රෙමවන්තයන්ට උදව් කරන්න එපෑයෑ..
නැත්නම් ඔයා ලබන ආත්මේ පෙරේතයෙක් වෙයි..... වජිර පැවසීය. වජිර යනු මලිත් ගේ මිතුරෙකි.

ආ දැන් එතකොට කව්ද ප්‍රෙමවන්තයා සහ ප්‍රෙමවන්ති.......කියනවා බලන්න
කාඩ් ටික්කා වන ජයන්ත අය්යා ඇසීය

මලිත් පෙන්වමින්.... වෙන කවිද ඉතින් මූ යි ....... අර අර ඉන්නේ නෙරංජි ... අන්න එයයි යැයි ...
වජිර කීය

මොකක්ද කිව්වේ .... කියනවා බලන්න තමුසේ ආපහු ... නෙරංජිගේ මිතුරියක් වන යමුනා සැරෙන් වජිර ගෙන් විමසීය.

නෙරංජි එක එල්ලේ මලිත් ගේ මුහුණ දෙස බැලීය.

තැටි රොටි

සීතල දැනෙනවා
ටික ටික ගතට මගේ
යන්න හිතෙනවා
තැටි රොටියට
දෙන්න බැටේ

හී ගීය

හී ගීය

හී නයක් වගේ
හී තල දුරු කරන්
හී යක් සේ විදින්න
හී නියට සතුටු වන්න

හී ගීය