Tuesday, January 3, 2012

මිහිරිද ආදරේ ----------------- 5වන පරිච්ඡේදය

(මෙතෙක් රූ සැදෑව කණ්ඩායමේ පමණක් ප්‍රසිද්ධ කරන ලද මෙම ආධුනික නව කතාව මෙතැන් සිට මෙසේ පල කරමි.මෙහි පුද්ගල නාම, සිදුවිම් සියල්ල ප්‍රබන්ධයි.)

බසය ක්‍රමයෙන් ඈතින් ඈතට ඇදි යන තෙක්ම මලිත් බලාන හිටියා. මුළු ලොවම ගුලි වෙලා යනවා වගේ දැනුනා. කාලාන්තරයක් තිස්සේ දළුලමින් වැඩුනු සදාදර ප්‍රේමය හුවමාරු කර ගත් මොහොතේම ඒක ඈතට ම ගහගෙන ගියා. දෑස් අගට කදුලු බිංදුවක් මෝදු වෙනවා දැනුනා. හරියට සුනාමි යක් ඇවිත් ගියා වගේ මලිත් ට දැනුනා. මලිත් දෑත ඉනට තියාන බස් නැවතුමේ කණුවට හේත්තු වුනා.

වජිර අතිජාත මිත්‍රයා මලිත් ලගටම ආවා.

මොකෝ මේ බූට් සීන් එක.. මෙන්න බලාපල්ලකෝ... වජිර අනෙක් මිතුරන්ට පෙන්වමින් හිනා වෙන්න ගත්තා...

ඇයි මොකෝ වුනේ නෙරංජි ටටා බායි කිව්වාද....

පිස්සු කෙලින්න එපා බං.. ඒයා කැමතියි කිව්වා...

මල් හතයිනේ.... ඒ මෙන්න බොලේ මූත් දැන් මනමාලයෙක්... ඒයි කොල්ලනේ මේ අහපං අද ටොප් ෆෝම් එකෙන් මූ ගානේ සයිවර්..... චන්දන කිව්වා

අනේ පලයං යන්න.. වද දෙන්නේ නැතිව..
නෙරංජි ඉන්න තැනක් දන්නේ නෑ.. ටෙලිෆෝන් නම්බර් එක වත් දන්නේ නෑ.. ආදරේ කියලා දැන ගත්තට මොනා කරන්නද යකුනේ...
මලිත් වේදනාවෙන් යුතුව කිව්වා

ඈ ... උබ ඕක හොයාගන්නේ නැතිවද බූරුවෝ පස්සෙන් ගියේ... මේ අපිවත් දක්කන් ආවේ..

මූ නම් බූරුවෙක් නෙමේ.. මහ පොල් බූරුවෙක්... මනෝජ් අත් දිගු කරමින් බැන්නා..

හරි හරි ඒකට කමක් නෑ.. අපි මෙහෙම කරමු.. ලබන සතියේ විබාගේ නේ.. ඉස්සෙල්ලා ඒක කරමු.. අන්තිම දවසේ කොහොම හරි විබාගේ ඉවර වෙච්ච ගමන්ම බාලිකා එක ලගට දුවමු ..
මොකද කියන්නේ... වජිර යෝජනා කලා...



පසුගිය කොටස්

1 වන කොටස
http://harshanonis.blogspot.com/2011/10/1.html
2 වන කොටස
http://harshanonis.blogspot.com/2011/10/2.html
3 වන කොටස
http://harshanonis.blogspot.com/2011/10/3.html
4 වන කොටස
http://harshanonis.blogspot.com/2011/10/blog-post_5867.html