Tuesday, April 30, 2013

සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්..!

සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්..!
(නූතන කය්ය)

සුදු වෑන් බංග වෙයන්..!
චින්තනයේ ණය-වැය ප්‍රොඩාව හෙළා දකිමු

රාජ්‍ය අංශයට10000කින් පඩි වැඩි කරව්..!
පුද්ගලික අංශයට 40% වැඩි කරපියව්..!
ඉන්ධන මිල අඩු කරව්..!
කම්කරු පනත හකුලා ගනියව්..!
අධ්‍යාපනයට 6% ක් දියව්..!

අගවිනිසුරුට අත තිබ්බොත් බලාගෙනයි..!
ලයිට් බිලද වැඩියි ගොය්යෝ අඩුකරපන් නැතිනම් තොගේ අඩුද කැඩෙයි..!

ඔය වගේ බයිලා තමා...


දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගේ වත්කම

"දැන ඉගෙන ගත්තම
 තමයි කෙනෙකුගේ වත්කම
 ගුණ නුවණ දැක්කම
 සළකයි රටේ ඔක්කොම "

පසුගිය දවසක මට ලැබුනා නුගේගොඩ අනුලා විද්‍යාලයේ කණිෂ්ඨ ශිෂ්‍ය නායක පත් කිරීමේ උත්සවයකට සහභාගී වන්න. එහිදි විදුහල්පතිනිය ඉහතින් දැක්වෙන කවිය සිය කතාවේදී සදහන් කලා. ඇය එම කවිය ශිෂ්‍ය නායකයෙකුට ගැලපෙන අන්දම මැනෙවින් පැහැදිලි කලා. දින කීපයකට පසු මට ලැබුනා අවස්ථාවක් බ්ලොග් කරුවන් විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දිමේ පිංකමකට සහභාගී වෙන්න. සොයුරු උමන්ද ගේ ආරාධනාවෙන්. ඒක තිබ්බේ වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ. ඒ පන්සලේ ධර්ම ශාලාවේත් ඔය කවිය සදහන් කරලා තිබ්බා.

"දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගේ වත්කම"

මේ ගැන සිතිය යුතුයි. මොනව ඉගෙන ගත්තොත් ද අපිට එය වත්කමක් වෙන්නේ. ඉස්සර නම් කිව්වා උගත මනා ශිල්පය මයි මතු රැකෙනා කියලා. එය තවදුරටත් වලංගුද? අද අප ඉගෙන ගන්නා තියෙන දේවල් අනාගතයට වලංගුද ? එය මෙසේ සංස්කරණය වුනොත්, "මතු රැකෙනා ශිල්පය මයි උගත මනා ලෙස".

එය කාලයට වලංගුයි මට සිතෙන විදිහට. මතු රැකෙනා ශිල්පය මයි උගත මනා වී "දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගේ වත්කම" යන්න සාර්ථක වෙන්නේ. එහෙයින් අනාගතය සාර්ථක කර ගත ශිල්ප අනාගතයට ගැලපෙන ශිල්ප නිදහස් පාසල් අධ්‍යාපන ධාරාවන්ට එකතු කිරීම අද බලධාරීන්ගේ වගකීමක්. ඒ වගේම සමාජයේ ප්‍රමිතියක් ඇතිව පවත්වාගෙන යන පුද්ගලික ආයතන තුල ඇති පාඨමාලා පිලිබදව ද සිසුසිසුවියන්ට දෙමාපියන්ට අවබෝධය ලබාදීම වැදගත්.

"ගුණ නුවණ දැක්කම - සලකයි රටේ ඔක්කෝම"

පසුගිය 27 වෙනිදා දෙහිවල ගල්කිස්ස නගරාධීපති ධනසිරි අමරතුංග මැතිතුමා විසින් සංවිධානය කරනු ලැබු එරබදු වසන්තය බක්මහ උත්සවය තිබුනා. එකේ ළමුන්ට තිබුනා අංගයක් විවිධ ඇදුම් තරගය යනුවෙන්. එම තරගය සදහා ඉදිරිපත් වෙච්ච එක දුවෙක් රෙද්දයි හැට්ටෙයි ඇදගෙන ආවා වේදිකාවට. ඇය ගැමි තරුණියක් යනුවෙන් හදුන්වා දුන්නා. පසුව ගීතයක් වාදනය කරන්න යැයි ඉල්ලීමක් කලා රංගනයක් ඉදිරිපත් කරන්න. අනතුරුව පසුබිමෙන් ගීතයක් වාදනය වුනා. මේ දුව රෙද්ද දණහිසේ ඉහලම තැනට උස්ස උස්සම නටන්නට වුනා. යටින් කලිසමක් වැනි දෙයක් ඇද තිබුනත් ඇයගේ රංගනයට නරඹන්න සිටි අය විසිල් ගසමින් අත් පොලොසන් නාද දුන්නා. ඇය නික්මෙන කොට උණුසුම් ප්‍රතිචාර ඇයට ලැබුනා. එහි නිවේදන කටයුතු කරමින් සිටි මම ඇයගේ නීක්මිමත් සමගම නරඹන්නන්ට පැවසුවා ඒ දියණිය රංගනයෙන් ඉදිරිපත් කලේ ඔබ රූප පෙට්ටියෙන් ඇයට පෙන්වන දේ කියලා. සිනාසීසි වේදිකාව ඉදිරිපිට සිටි වැඩිහිටියන්ගේ මුහුණු මැලවිලා ගියා මට තේරුණා.

සභ්‍යත්වය විකුණා මාධ්‍යන් බලවත්වී අප ගිලගනිමින් සිටින කලක නුවණ වැඩි උනත් ගුණ දම් පවතීද? කොතරම් වලංගුද? එහෙම ගිය කලක සලකයිද රටේ ඔක්කෝම

ඔවි.එහෙම තමයි අද වෙන්නේ. අද ගුණදම් සභ්‍යත්වය මාධ්‍ය විසින් විනාස කර දමන කාලයක්. ජනප්‍රිය ගායක යුවලක් දික්කසාද වුනා. දෙදෙනාට දියණියක්ද සිටියා.ගායිකාව වෙනමත් ගායකයා වෙනත් සාපේක්ෂව ලාබාල තරුණියක් විවාහ කර ගෙන අළුතින් ජීවිතය පටන් ගත්තා යැයි පැවසුවා. දැන් ඒ අයටත් දරුවන් ඉන්නවා. පසුව රූපවාහිනි නාලිකාවක වැඩසටහනක මේ දෙන්නා දික්කසාද වීමේ විස්සෝපය ගැන කියන ගීතයක් ගායනා කරනවා එකට. දැන් එම ගීතයට හොද ඉල්ලුමක් තියෙනවා. ගායිකාව කියනවා මම ආසාවෙන් බලා හිටියේ නැවතත් ඒ ගායකයත් එක්ක එකට ගීයක් ගයන්න කියලා. ගායකයත් ඒක කියනවා. ඒ පුවත මාධ්‍ය මගින් පුළුල්ව යනවා. මේ දෙන්නා එකට ගායනා කරන ගීතය අහන්න මිනිස්සු එනවා. බොහොම ලංවෙලා ගීත ගයනවා. හැගුම්බරව.

බලන් ඉන්න ප්‍රේක්ෂකයා හිතනවා විවාහය කියන්නේ මොන තරම් බොරු වැඩක්ද කියලා.මේ අයුරින් අසම්මත විවාහ සමාජගත කරනවා. නුවණ තිබුනත් ගුණ යහපත් කම් නැතිවුනත් සමාජය ගරු කරනවා අද කාලේ.

එබැවින් ගුණ නුවණ දැක්කම - සලකයි රටේ ඔක්කෝම කොතරම් වලංගුද අද?

චුට්ටක් හිතන්න.

Wednesday, April 24, 2013

දුක ජය ගත් මිනිසුන් # 1



ඊයේ ප්‍රවීන සූපවේදී පබ්ලිස් සිල්වා ගේ උපන් දිනය. ඒ වගේම ඊයේ දිනය තුල ඔහුගේ පොත් 3ක් එළි දැක්වුනා ගල්කිස්ස හෝටලයේදී. ඒ අවස්ථාවට මෙටත් සහභාගි වෙන්න ලැබුනා නගරාධිපතිතුමාත් එක්ක. ඔහුගේ ගම රජ්ගම ගම්මැද්දෙගොඩ. ගමේ අය භාවිතා කරපු නම් කිරි මහත්තයා.

ඉස්කෝලේ ගමන මැදදි නැවතුනා. ආර්ථීක දුෂ්කරතා හින්දා. පවුලේ වියදම් හොයාගන්න පොල්ලෙලි තැළුවා. අවු 12 දී මහින්ද ප්‍රෙස් කියලා මුද්‍රණාලයක අකුරු අමුණන්න ගියා.කෙටි කාලයක් එතන හිටියා. ඊට පස්සේ ධීවර රැකියාවට ගියා. දවස් කීපයක්ම කන්න ලැබුනේ ලොකු බත් පිගානයි මාළු කෑල්ලයි. සුළු මුදලක් පමණයි ලැබුනේ. ඊට පස්සේ පොල් කඩලා ලැබුනු මුදලින් කොච්චියේ නැගලා මරදානට ආවා. දන්න කෙනෙක් තරවටු කරලා ආපහු ගෙදර ගෙනත් බැස්සුවා. ඊටපස්සේ ආයිත් කොළඹ ආවා. 4වෙනි හරස් වීදියේ කඩයක රැකියාවක් ලැබුනා වේටර් කෙනෙක් විදිහට. එදාම හවස තමා ඒ කඩේ මුදලාලි ව දැක්කේ. ගම රජ්ගම කියලා දැනගත්තම කඩෙන් එලෙව්වා. ඊට පස්සේ තේ ෆැක්ටරියක පොඩි රස්සාවක් කලා. ඒකත් හරි ගියේ නෑ. රිචඩ් පීරිස් එක ලග සයිවර් කඩේක රැකියාවක් කලා ටික දවසක්. තෝසේ දාන්න ඉගෙන ගත්තා. චන්ඩියෙක් ඇවිල්ලා තර්ජනය කරලා සිද්ධියක් වුනා. එතනින් ඒ රස්සාවත් ඉවර වුනා.

ඊට පස්සේ පේමන්ට් එකේ දොඩම් වික්කා. ආපහු ගමට ඇවිල්ලා බූරුවා/ඔමී ගැස්සුවා සල්ලි වලට. ගැහුවේ නෑ. තෝං ආදායම ගත්තා. 1956 දී කසාද බැන්දා. ඊට පස්සේ මේසන් බාස්ලට අත් උදව් දුන්නා. එහෙම ඉන්නකොට ගල්කිස්ස හෝටලයට දකුණේ අයව ගන්නවා කියලා දැනගත්තා. 1956 දී ගල්කිස්ස හෝටලයට ආවා. අත් උදව් කරුවෙක් ලෙස. ලිපට ගල්අගුරු දාන්න ලැබුනේ මුල්ම රස්සාව. සෑහෙන කාලයක් ගියා. තනතුරු කීපයකින් පස්සේ මම අද ගල්කිස්ස හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ.

අද පබ්ලිස් සහ ගල්කිස්ස හෝටලය දෙකක් නොවේ එකක්. මම සැමට අවවාදයක් දෙන්න කැමතියි. මමත් ඉගෙන ගත් දෙයක්. එනම් කරන මොනයම් හෝ රස්සාවක් ආදරයෙන් වගකීමෙන් කරන්න. එය ඔබේ අනාගතයේ රන් දොරටු විවර කරයි. ඒ පණිවිඩය ඔබට දෙන්නත් හිතුනා.

උත්සහය උනන්දුව මත පැරදුම පැරද පලායයි.

(නාලන්දාවෙදි උසස් පෙල කරලා පාසලෙන් සමුගත් දින මා මිත්‍ර පබලු සුලෝචන මගේ සමරු පොතේ එහෙම ලිව්වා මතක් වුනා)