Saturday, June 29, 2013

චින්තක රණවීර සහ ෆියුචර් මයින්ඩ්ස් (Future Minds)


දිනුක පෙරේරා නාලන්දේ මගේ පන්තියේ මිත්‍රයෙක්.අපි 2005 වසර අග බාගයේ වෙනකොට 90 කණ්ඩායමේ කටයුතු වලට දායක වෙමින් සිටියා.

එක්තරා දිනක දිනුක මට කිව්වා මචං වරෙන් ජූනියර් ඕබීඒ එකේ රැස්වීමක් තියෙනවා සෙට් වෙමු කියලා. මමත් ඉතින් ඒකට ගියා. ඒකට ගියහම ඒ අවුරුද්දේ එකේ සභාපති වෙලා හිටියේ බිනර ගුණසේකර සොහොයුරා. ඔහු මේ ව්‍යාපෘතිය පැහැදිලි කරමින් සිටියා. වැඩි දුරටත් චින්තක රණවීර සොහොයුරා පැහැදිලි කලා. එසේ පැහැදිලි කිරීමේදී මෙය IDM නැමැති ආයතනයත් සමග එකතුවී කරන්නට සිටි වැඩ සටහනක් බවත් IDM ට වඩා නාලන්දේට ආදරේ නිසා නාලන්දෙට මෙය පරිත්‍යාග කරන බවත් පැවසුවා.
ඒ අනුව මේ සදහා සංවිධායක කමිටු ඇති කලා. මම මුළුන්ම ඇතුළු වුනේ ප්‍රචාරණ අංශයට. මට වැඩ කරන්න වුනේ චින්තක රණවීර සමග. චින්තක තමයි මේ ව්‍යාපෘතිය පිළිබද අදහස ආසභ අය්යාට දැම්මේ. කිසි දිනක කර නැති නොදන්නා මේ ව්‍යාපෘතිය කිරීමේ වගකීම ආසභ අය්යා ගත්තා. මේ වැඩේට ලොකු වියදමක් යනවා. පාඩුවුනොත් සංගමයට බරක් දෙන්නේ නෑ කියලා මට මතක හැටියට ආසභ අය්යා කිව්වා පසුදිනක රු ලක්ෂ 8 ක පමණක් වෙන් කරලා තිබ්බා කියලා පුද්ගලික මුදලින් ප්‍රෂ්නයක් වුනොත් පරිත්‍යාග කරන්න.

මේ වැඩේ අළුත්. බරපතලයි. එහි මුල්ම ව්‍යාපෘති සභාපති වුනේ නිහාල් පතිරගේ අය්යා. සෑම දෙයක්ම මුල ඉදලාම පටන් ගත්තා වැඩේ අළුත් නිසා. සමහර ඒවා කොහෙන් පටන් ගත්තද කියලා හිතා ගන්නත් බෑ.
මට පැවරුනේ චින්තකත් එක්ක වැඩ කරන්න. කතා වෙලා අපි දෙන්නත් මට මතක හැටියට ඒෂියන් පේන්ට්ස් එකේ චන්න හේවගේත් අපි 3 දෙනා රත්මලාන ටෙම්ප්ලර්ස් පාරේ තොසේ කඩේක සෙට්වුනා දවල්. චින්තක එදා ලැප්ටොප් එකේ දාලා පෙන්නුවා ලොගෝ සහ මාකටින් ප්‍රොපෝසල් සහ සියළුම ඇඩ්වටයිසින් ඩිසයින් ටික. මේ මිනිහා ව දුරකථනයෙන් අල්ල ගන්න මහ වදයක් වුනා. මට ප්‍රචාරක කමිටුවේ ඉන්න එක ඇතිවෙලා තිබුනා. නමුත් චින්තක අවශ්‍ය වේලාවට ඉතාමත් ලස්සන මනරම් ඩිසයින් ටිකක් කරලා තිබ්බා.
මට පස්සෙයි තේරුනේ ආප්ප දානවා වගේ ඩිසයින් කරන්න බෑ කියලා. ප්‍රචාරන කටයුතු කරගෙන යන ගමන් මාව දිනුක අලෙවිකරන අංශයටත් ඇදලා ගත්තා.
ප්‍රචාරණය සහ අලෙවිය එකට බැදිලා තිබ්බා. නමුත් අදාල ඩිසයින් තිබ්බත් මේවා දාන්න බැහැ. මාධ්‍ය ආයතන වලට ගෙවන්න ඕනේ. ආසභ, චින්තක සහ මොහාන් අය්යා සෑහෙන මහන්සි වුනා මීඩියා ස්පොන්සර්ශිප් එකක් ගන්න. ආසභ අය්යාටත් නිහාල් අය්යාටත් පුළුවන් වුනා රු මිලියන 2.5 ක ස්පොන්සර්ශිප් එකක් ගන්න ලේක හවුස් එකෙන්. ඒකෙන් තමියි පටන් ගත්තේ. Ground Handling අංශය බාරව හිටපු නොයෙල් කිසිම පූර්ව අත්දැකීමක් නැතිව බොහොම සංවිධානාත්මක Exhibitor Booth Layout එකක් ඇදලා ගෙනවා. ඒකට අනුව වෑපොලට පුළුවන් වුනා (Future Minds) ඉතිහාසයේ පලවෙනි ස්ටෝල් වෙන්කිරීම NIBM එකෙන් ලබා ගන්න.

බොහොම අමාරුවෙන් අවසානයේදී සාර්ථක (Future Minds) එකක් සංවිධානය කරන්න පුළුවන් වුනා. සෑහෙන ලාබයක් සංගමයට ලැබුනා.රු මිලියන 6ක් විතර ලැබුනා පලවෙනි එකෙන්ම. චින්තක මේ කටයුත්ත වෙනුවෙන් ගොඩක් මහන්සි වුනේ සංගමයේ කිසිම නිලයක් නැතිව. චින්තක ගේ අදහසට ආසභ ගුණසේකර ,නිහාල් පතිරගේ,මොහාන් තිලකවර්ධන, විජිත ජයසේකර, ජයලත් අය්යාලා කර දුන්නා. නිශාන්ත වික්‍රමසිංහ, ප්‍රදීප් පීරිස් සුසන්ත සිරිවර්ධන, අරෝෂ අමරසිංහ, දිනුක පෙරේරා, නොයෙල් විජේතුංග, චන්දිම ද සිල්වා ඇතුළු තවත් සොහොයුරෝ රැසක් එකාවගේ වැඩ කලා. ඒවගේම චන්දිම වීරක්කොඩි සොහොයුරාත් පසුකාලයේදී සංජීව පෙරේරා,රවී අහංගම,අරෝෂ කුමාර,සුගත් නාගහවත්ත,නලීන් ධර්මසිංහ සහ සංජය ප්‍රනාන්දු සොහොයුරන්ද මේ සදහා නායකත්වය දුන්නා.

පසුගිය සිකුරාදා (Future Minds) හි 7 වන දිග හැරුම ඇරඹෙනවා. ඊයේ එය නුවර වැඩසටහන ආරම්භ වුනා. එදා මෙදා තුර පාසලට (Future Minds) නිසා ලැබුනු මුදල මිලියන ගණනාවක් වෙනවා.පාසලට මෙවැනි වටිනා කටයුත්තක් තිලිණ කලත් එදා ඉදන් අද වෙනකම් මට හිතෙනවා චින්තක රණවීර කියන චරිතයට මේ සංගමයෙන් හරි හමන් ඇගයීමක් ලැබුනේ නෑ කියලා. පසුගිය වර්ෂයේ එක්තරා දිනක ආරම්භයේ සිට මේ දක්වා (Future Minds) සදහා වැඩ කල සොහොයුරන්ට සම්මාන ලබා දී තිබුනත් චින්තක රණවීර සොහොයුරා ව අමතක වී ඇති බව වාර්තා වෙනවා.


මැලේසියාව ගොඩ නැංවූ එහි නායක මහතීර් මොහොමඩ් ව ලංකාවේ අපිද අගය කරන කාලයක සංගමයට මුදලින් මිලියන ගණනාවක් ලැබී පාසලට සේවය කරන්න ව්‍යාපෘතියක් ලබා දුන් චින්තක රණවීර සොහොයුරා ව නොසලකා හැර ඇත්තේ ලංකාවේ එකම 100% බෞද්ධ පාසලක කළගුන සැලකීමේ බෞද්ධ හරය අමතක කරමින් බව සිහියට නැගීම වැලක්විය හැකිද ?

Friday, June 21, 2013

හමුවෙමු අපි ....

හිමිදිරියේ පොද වැටිලා
නැවුම් දිනක් උදා වෙලා
නව පැතුමන් මෝදු වෙවි
හිරු රැස් ටික ගලා අවුත්
පිණි කැට වියලා දාවී
පීදෙන පැතුමන් හනිකේ
දවා නිවා අළු කරලා
සැඩ හිරු රැස් වට කරලා
ගිනි සැඩ රැස් පිට කරාවි
චන්ඩ හිරුට වහන් වෙලා
දහවල සගවා පැතුමන්
සීත සීත රැ එද්දි
තරු කැට එයි දිලිසි දිලිසි
සොමි රැස් පිරි හද එළියේ
තනිවෙමු සුළු මොහොතක්
හිරුට හොරා සද එළියේ
පින්න වැටි තෙත් වීලා
හිරු නැග එන්නා කෙක්

හර්ෂ - කලබල සිතුවිලි