Monday, May 27, 2013

පඩික්කම් පුරව පුරව බෞද්ධ දායකයන්ගේ සල්ලි වලින් නඩත්තු වන සුපිරි ගනින්නාන්සේලා ඉන්න රටක බෝවත්තේ ඉන්ද්‍රරතන, නානසාර වැනි හිමියන් උතුම් මය.

පඩික්කම් පුරව පුරව බෞද්ධ දායකයන්ගේ සල්ලි වලින් නඩත්තු වන සුපිරි ගනින්නාන්සේලා ඉන්න රටක
බෝවත්තේ ඉන්ද්‍රරතන, නානසාර වැනි හිමියන් උතුම් මය.

උදේට, රෑට, පෝයට, 7 දවසේ-තුන්මාසේ-අවුරුද්ද මතක බණට, කඨීන සහ නානප්‍රකාර අවස්ථාවල බන කිය කියා නම හදාගන්නා ගනින්නාන්සේලා නිසා අද බුදු බණත් සාමාන්‍ය ජනයාට නිකම් ස්ටාර් ගායකයන්ගේ ගී තරමටම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

පඩික්කම් පුරෝ පුරෝ ඉන්න ගමේ දායකයන් සල්ලි එකතුකරලා පන්සල නඩත්තු කර කර බෞද්ධයන් නිදි කරමින් ඉන්න අවස්ථාවක,
මහා නායක, අනු නායක සහ අනෙකුත් නායක කාරකාදීන් සුවෙන් සැතපී ඉන්න අවස්ථාවක,
නොයෙක් නොයෙක් විකාර සහ ශෛලීන් අනුව බන කියන්න සුපිරි ගායකයන් වැනි ගනින්නාන්සේලා බිහිවෙන කාලයක,
අල්පේඡ්ඡ බව අමතක කරලා මහේශාඛ්‍ය ලීලාවෙන් දිවි ගෙවන සුපිරි ගනින්නාන්සේලා ඉන්න කාලෙක,
බෞද්ධයන් නමට පමණක් බෞද්ධයන් වී කොසොල් රජු දැක්ක සිහින වලින් කියවෙන කාලයක් නිර්මාණය වෙමින් තියෙන කාලයක,
බෞද්ධයන්ගේ මර්මස්ථානවලට අන්‍ය ආගමිකයන් බලපෑම් කරන කාලයක
(තවත් ඕනෑ තරම් මේ හා සමාන තත්වයන් ඇති කාලයක)

නිදා සිටින බෞද්ධයා,මනෝ ලෝකයක ස්ථාන ගත කරවා සිටින බෞද්ධයා අවධිකිරීමට මේ බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන් ගත් ක්‍රියා මාර්ගය අකමැත්තෙන් වුවත් සතුටු වෙමි.

එයින් දැන් බෞද්ධ නාමය මත ඉන්නා බොහෝපිරිස් අවධිවි ඇත. බෞද්ධ පුනරුදයක් ඇති කිරිම සදහා වෙහෙස වෙන සහ එය මර්ධනය කල යුතු යැයි සිතන කණ්ඩායම් දෙකක් බිහිවී ඇත. දැන් බෞදධ පුනරුදයක් ඇතිවන පිරිස් ලාම්පුතෙල් ගෑවුනු ගැරඩින් මෙන් ඇවිස්සී ඇත. කුපිත වී ඇත. ෆේස් බුක් සමාජයේද එවැන්නෝ බහුලව වාසය කරති.

ඉතින් ඔවුන් වැන්නන් ගේ ප්‍රතිවිරෝධතා බෞදධ පුනරුදයට හේතුවන්නක්ම වේ.උතුරේ යුද්ධ කරනකොටත් ඕක දිනන්න බෑ දිනල වැඩක් නැ, දෙමළ ජනතාවට අයිතිවාසිකම් දීමෙන් පමනක් උතුරේ අර්බූදය විසදිය හැකි යැයි කියපු, පිටරැටියන් එක්ක කුමන්ත්‍රණය කරපු ලාංකිකයන් ඉදිද්දී තමා යුද්ධේ දිනලා ඔය කොයි කුම්භාන්ඩයන්ටක් අද යාපනේ ගිහිල්ලා නල්ලුර් කෝවිල වැදලා ආරුගම්බේ මහුදේ කිමිදෙති.

ඉතින් ඒක නිසා මේ බොදු සිංහල පුනරුදයට විරුද්ධ වන අය සිටීම අරුමයක් නොවේ. ඔවුන් ආශිර්වාදයකි.

බොදු සිංහල පුනරුදයට ජය ශ්‍රී..!

Friday, May 17, 2013

නුඔ හෙළු රුහිරට අද අපි බෝ ණයතෑ..!


සදාදර ආනන්ද නාලන්ද රණවිරුවනි..

හෙළු රුහිරු ලක් පොලොව මතටෑ
අදුරු කලේ නැත මවිබිමේ දවසෑ
දුක්වූවත් නැති සොව පසුගිය දිනකෑ
නුඔ හෙළු රුහිරට අද අපි බෝ ණයතෑ

තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් සිව්වන විජයග්‍රහණ දිනය සමරන අද දින නාලන්දා මෑණියන් දායද කල රණවිරු පුතුන් රැසක් රට වෙනුවෙන් දිවි පුදා ඇත. ඒ සදාදරණීය සොහුයුරන් සහ සහෝදර ආනන්ද විද්‍යාලයේ න් යුද බිමට බැස දිවි පිදූ සොහොයුරන් වෙනුවෙන් මේ උපාහරය..!


Thursday, May 16, 2013

ලංකාවේ කොහෙද යුද්ධයක් තිබ්බේ............ යනවා මනුස්සයෝ යන්න



ලංකාවේ අපි මෙහෙම වාහන වල නැගලා සතුටු වෙවි ගිය දිනයක් තිබ්බා 2009 මැයි 19 වෙනිදා.. එදා පාට බේද නැතිව, ජාති බේද නැතිව පක්ෂ බේද නැතිව, සියල්ලෝම මෙසේ සතුටු වෙමින් ප්‍රීති ඝොෂා නගමින් මං මාවත් ඔස්සේ ගමන් කලේ 1948 දී උදා කර ගත් නිදහසෙන් අපිට දායද වෙච්ච ප්‍රතිඵලයක් වූ තිස් වසරත ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල නිසාවෙනි. මේ යුද්ධයේ අවසාන අධියර පටන් ගත් මොහොතේදී එය නැවත්විම සදහා වලිකාපු බොහෝ අයත්, යුද්ධය දිනා ගන්න බැහැ කියූ බොහෝ අයත් අවසානයේදී මැයි 19 වෙනිදා මෙසේ සතුටු වන්නට ඇති. එසේම කිලිනොච්චි යනවා කියා මැදවචිචිය යනවා කියු අයත් අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා කියූ අයත් එසේම යුද්ධය කරපු යුධ හමුදාපති වරයා ගැලවීමේ හමුදාවකට වත් සුදුසු නැතැයි කී අයත් 2009 මැයි 19 වෙනිදා අපමණ සතුටු වෙන්නට ඇති.

අවසාන අධියරේ යුද්ධය අරඹන්නට කලින් පවා අපේ ජනතාගෙන් සැලකිය යුතු පිරිසක් පවා අදහස් කලේ මේ යුද්ධය කිසිදා දිනිය නොහැකි බවත් මෙය සාකච්ඡාවෙන් එල්ටීටීයට රටෙන් කොටසක් වෙන් කර දී හෝ විසදා ගත යුතු බවයි. ඒ තරමටම මේ යුද්ධය සියළු ජනතාවට පීඩා කල එකක් බවට පත්ව තිබිනි.

නිදහසේ පාරක ගමනක් බිමනක් යන්නට, අවධානම් දිස්ත්‍රීක්ක යන්හි ජීවත් වූවන්ට නිදහසේ ජීවත්වන්නට කිසිම අවස්ථාවක් නොතිබූ කාලයක් අප ගත කර තිබූ බව අපට දැන් දැන් අමතක වෙමින් තිබේ.





ඉහත ජායාරූප වල සිදූවීම් ලංකාවේ සිදුවුනා යැයී සිතීමට තරම් පවා දැන් අපට අමතක ව ගොසින්ය. උදේට බසයට දුම්රියට නගින විට අවට අයිතිකරුවන් නැති පාර්සල් නැතිබව පරීක්ෂාකර බැලීමටත් බසයේ හෝ දුම්රියේ පාර්සල් බෑග් සහිතව ගමන් කරන පුද්ගලයන් දෙස වපර ඇසින් බලා සිටින තත්වයට පවා අප පත්වූ බව දැන් නම් අපට අමතකය.

දැන් මේ දිනවල විජයග්‍රහනයේ සැමරුම නමින් හමුදා ඛන්ඩ උත්සවයක් සමරීම සදහා කොළඹ පුරවරය සැරසෙමෙන් සිටින කාලයකි. මෙයින් අපි සමරන්නේ කුමක්ද ? යුද්ධයක් තිබී එය පරාජය කල බව අපිට දැනේද ? නැත. දැන් අපිට ඒවා අමතකය. මෙය තවත් නිදහස් උත්සවයක් හා සමාන තත්වයට පත්ව ඇත.
මෙවැනි උත්සවයක් සමරන්නේ නම් මෙයට සමගාමීව එක් එක් දිස්ත්‍රීක්කයන්හි සංකේතාත්මකව ධාවනයට ගත නොහැකි අබලන් බස් රථ මහ මගදී පුපුරවා හැර එවැනි කාලයක් අප පසුකල බව අප ජනතාවට මතක් කර දිය යුතුය.

----කලබල සිතුවිලි----

Thursday, May 2, 2013

වැස්ස


වැස්ස වැස්ස ගත සීතල කරන්නා
ගස්ස ගස්ස රෝම කෙලින් කරන්නා
හෙමින් හෙමින් කූඩාරම් ගහන්නා
තදින් තදින් උණු ලොදිය ගලන්නා


මැයි දිනය සතුටින් සැමරිනි.

වාර්තා වන පරිදි ශ්‍රී ලංකාවේ කම්කරු අයිතීන් කඩවීමක් නැත. විරැකියාවක් නැත. කම්කරු දිනය මහ ඉහලින්ම ඊයේ දිනයේදි සැමරිනි.

කම්කරු අයිතීන් සටන් පාඨ වෙනුවට පොදු කාරණා ඉස්මතු වී ඇත. එහෙයින් වැඩ පොළ, රැකියා ස්ථානය නිරවුල්ය. රැකියා බහුලය. රැකියාවලට සේවකයන් ඌනතාවයක් පවතී.පඩි වැඩි කල යුතු නැත. වියදම් අඩු කර දුන්නොත් යහපති බව ඊයේ කම්කරු දිනයේදී ප්‍රධාන පක්ෂ කීපයේ මැයි දින සටන් පාඨ වල කියැවිනි. එය මේසේය.

වැඩි කළ විදුලි බිල අඩු කරනවා - ජනපති කියයි
ජනතාවට සහන දෙන්න බැරිනම් යන්න - රනිල් කියයි
විදුලි බිල අඩුනොකොලොත් දීප ව්‍යප්ත වර්ජන- ජවිපෙ කියයි.

ඔන්න කතන්දරේ..!