Monday, August 26, 2013

හැදිමිට කොච්චර දිගද ?


ග්‍රාමීය සංවර්ධනය පිළිබද පාඨමාලාවක් මේ දිනවල ජයවර්ධන විශ්ව විද්‍යාලයේ හදාරමින් සිටිමි. මාත් සමග එම පාඨමාලාව හදාරන සහෘදයන්ට එක් එක් කොටස් අවසානයේ නිබන්ධන පැවැරම් ලැබේ. එහි එක් කොටසකට අදාලව ග්‍රාමීය සංවර්ධන කටයුතු වලදී කාන්තාවට මුල් තැන දිය යුතුය යන්න මාතෘකාව කොට ගෙන මා වෙත නිබන්ධනයක් පැවැරිණි. ඒ අනුව එහි කටයුතු කරමින් යද්දී සදුදා මාධ්‍ය මගින් එක් ප්‍රවෘත්තියක් ප්‍රසිද්ධීයට පත් විය.

එනම් රු ලක්ෂ 4ක් සහිත අත්බෑගයක් ඇදුම් සාප්පුවක ඇදුම් රැක් එකක එල්ලා ඇදුමක් ෆිටොන් කිරීම සදහා ෆිටෝන් කාමරයකට ගිය කාන්තාවක් සම්බන්ධ පුවතකි. එහිදි අදාල කාන්තාව මහරගම පිහිටි ජනාකීර්ණම ඇදුම් සාප්පුවක රැක් එකක අතිවිෂාල මුදල් සහිත අත්බෑගයක් එල්ලා නව ඇදුමක් පිරික්සීමට යන කාන්තාවක් සිටීනම් ඒ කාන්තාව ගැන කිව හැක්කේ කුමක්ද ? තවද එම අත්බෑගය හොරකම් කරනු ලැබූයේ තවත් කාන්තාවක් විසින් මැයි යනුවෙන්ද මාධ්‍ය වාර්තා කරයි.

දුටු දුටු දේ ලොල්වී මනස විකල් කරගන්නා කාන්තාවන් වෙසෙන සමාජයක ග්‍රාමිය සංවර්ධනය සදහා කාන්තාවන්ට මුල් තැන දීම කෙසේ කල හැකිද ?

සොරකමට අදාල වීඩියෝ පුවත

කාන්තාව සම්බන්ධ ආටක නාටක වීඩියෝවක්

Thursday, July 11, 2013

නැතිවුනා - සම්බවුනා

මධුර යාමයක කෙලෙවර ආදා
දැනෙන සිතුවිලි ගෙන විත් බාදා
පුබුදමි නව නව පැතුමන් සැමදා
පතමින් ඉක්මන් කෙලෙවර ඈදා



Saturday, June 29, 2013

චින්තක රණවීර සහ ෆියුචර් මයින්ඩ්ස් (Future Minds)


දිනුක පෙරේරා නාලන්දේ මගේ පන්තියේ මිත්‍රයෙක්.අපි 2005 වසර අග බාගයේ වෙනකොට 90 කණ්ඩායමේ කටයුතු වලට දායක වෙමින් සිටියා.

එක්තරා දිනක දිනුක මට කිව්වා මචං වරෙන් ජූනියර් ඕබීඒ එකේ රැස්වීමක් තියෙනවා සෙට් වෙමු කියලා. මමත් ඉතින් ඒකට ගියා. ඒකට ගියහම ඒ අවුරුද්දේ එකේ සභාපති වෙලා හිටියේ බිනර ගුණසේකර සොහොයුරා. ඔහු මේ ව්‍යාපෘතිය පැහැදිලි කරමින් සිටියා. වැඩි දුරටත් චින්තක රණවීර සොහොයුරා පැහැදිලි කලා. එසේ පැහැදිලි කිරීමේදී මෙය IDM නැමැති ආයතනයත් සමග එකතුවී කරන්නට සිටි වැඩ සටහනක් බවත් IDM ට වඩා නාලන්දේට ආදරේ නිසා නාලන්දෙට මෙය පරිත්‍යාග කරන බවත් පැවසුවා.
ඒ අනුව මේ සදහා සංවිධායක කමිටු ඇති කලා. මම මුළුන්ම ඇතුළු වුනේ ප්‍රචාරණ අංශයට. මට වැඩ කරන්න වුනේ චින්තක රණවීර සමග. චින්තක තමයි මේ ව්‍යාපෘතිය පිළිබද අදහස ආසභ අය්යාට දැම්මේ. කිසි දිනක කර නැති නොදන්නා මේ ව්‍යාපෘතිය කිරීමේ වගකීම ආසභ අය්යා ගත්තා. මේ වැඩේට ලොකු වියදමක් යනවා. පාඩුවුනොත් සංගමයට බරක් දෙන්නේ නෑ කියලා මට මතක හැටියට ආසභ අය්යා කිව්වා පසුදිනක රු ලක්ෂ 8 ක පමණක් වෙන් කරලා තිබ්බා කියලා පුද්ගලික මුදලින් ප්‍රෂ්නයක් වුනොත් පරිත්‍යාග කරන්න.

මේ වැඩේ අළුත්. බරපතලයි. එහි මුල්ම ව්‍යාපෘති සභාපති වුනේ නිහාල් පතිරගේ අය්යා. සෑම දෙයක්ම මුල ඉදලාම පටන් ගත්තා වැඩේ අළුත් නිසා. සමහර ඒවා කොහෙන් පටන් ගත්තද කියලා හිතා ගන්නත් බෑ.
මට පැවරුනේ චින්තකත් එක්ක වැඩ කරන්න. කතා වෙලා අපි දෙන්නත් මට මතක හැටියට ඒෂියන් පේන්ට්ස් එකේ චන්න හේවගේත් අපි 3 දෙනා රත්මලාන ටෙම්ප්ලර්ස් පාරේ තොසේ කඩේක සෙට්වුනා දවල්. චින්තක එදා ලැප්ටොප් එකේ දාලා පෙන්නුවා ලොගෝ සහ මාකටින් ප්‍රොපෝසල් සහ සියළුම ඇඩ්වටයිසින් ඩිසයින් ටික. මේ මිනිහා ව දුරකථනයෙන් අල්ල ගන්න මහ වදයක් වුනා. මට ප්‍රචාරක කමිටුවේ ඉන්න එක ඇතිවෙලා තිබුනා. නමුත් චින්තක අවශ්‍ය වේලාවට ඉතාමත් ලස්සන මනරම් ඩිසයින් ටිකක් කරලා තිබ්බා.
මට පස්සෙයි තේරුනේ ආප්ප දානවා වගේ ඩිසයින් කරන්න බෑ කියලා. ප්‍රචාරන කටයුතු කරගෙන යන ගමන් මාව දිනුක අලෙවිකරන අංශයටත් ඇදලා ගත්තා.
ප්‍රචාරණය සහ අලෙවිය එකට බැදිලා තිබ්බා. නමුත් අදාල ඩිසයින් තිබ්බත් මේවා දාන්න බැහැ. මාධ්‍ය ආයතන වලට ගෙවන්න ඕනේ. ආසභ, චින්තක සහ මොහාන් අය්යා සෑහෙන මහන්සි වුනා මීඩියා ස්පොන්සර්ශිප් එකක් ගන්න. ආසභ අය්යාටත් නිහාල් අය්යාටත් පුළුවන් වුනා රු මිලියන 2.5 ක ස්පොන්සර්ශිප් එකක් ගන්න ලේක හවුස් එකෙන්. ඒකෙන් තමියි පටන් ගත්තේ. Ground Handling අංශය බාරව හිටපු නොයෙල් කිසිම පූර්ව අත්දැකීමක් නැතිව බොහොම සංවිධානාත්මක Exhibitor Booth Layout එකක් ඇදලා ගෙනවා. ඒකට අනුව වෑපොලට පුළුවන් වුනා (Future Minds) ඉතිහාසයේ පලවෙනි ස්ටෝල් වෙන්කිරීම NIBM එකෙන් ලබා ගන්න.

බොහොම අමාරුවෙන් අවසානයේදී සාර්ථක (Future Minds) එකක් සංවිධානය කරන්න පුළුවන් වුනා. සෑහෙන ලාබයක් සංගමයට ලැබුනා.රු මිලියන 6ක් විතර ලැබුනා පලවෙනි එකෙන්ම. චින්තක මේ කටයුත්ත වෙනුවෙන් ගොඩක් මහන්සි වුනේ සංගමයේ කිසිම නිලයක් නැතිව. චින්තක ගේ අදහසට ආසභ ගුණසේකර ,නිහාල් පතිරගේ,මොහාන් තිලකවර්ධන, විජිත ජයසේකර, ජයලත් අය්යාලා කර දුන්නා. නිශාන්ත වික්‍රමසිංහ, ප්‍රදීප් පීරිස් සුසන්ත සිරිවර්ධන, අරෝෂ අමරසිංහ, දිනුක පෙරේරා, නොයෙල් විජේතුංග, චන්දිම ද සිල්වා ඇතුළු තවත් සොහොයුරෝ රැසක් එකාවගේ වැඩ කලා. ඒවගේම චන්දිම වීරක්කොඩි සොහොයුරාත් පසුකාලයේදී සංජීව පෙරේරා,රවී අහංගම,අරෝෂ කුමාර,සුගත් නාගහවත්ත,නලීන් ධර්මසිංහ සහ සංජය ප්‍රනාන්දු සොහොයුරන්ද මේ සදහා නායකත්වය දුන්නා.

පසුගිය සිකුරාදා (Future Minds) හි 7 වන දිග හැරුම ඇරඹෙනවා. ඊයේ එය නුවර වැඩසටහන ආරම්භ වුනා. එදා මෙදා තුර පාසලට (Future Minds) නිසා ලැබුනු මුදල මිලියන ගණනාවක් වෙනවා.පාසලට මෙවැනි වටිනා කටයුත්තක් තිලිණ කලත් එදා ඉදන් අද වෙනකම් මට හිතෙනවා චින්තක රණවීර කියන චරිතයට මේ සංගමයෙන් හරි හමන් ඇගයීමක් ලැබුනේ නෑ කියලා. පසුගිය වර්ෂයේ එක්තරා දිනක ආරම්භයේ සිට මේ දක්වා (Future Minds) සදහා වැඩ කල සොහොයුරන්ට සම්මාන ලබා දී තිබුනත් චින්තක රණවීර සොහොයුරා ව අමතක වී ඇති බව වාර්තා වෙනවා.


මැලේසියාව ගොඩ නැංවූ එහි නායක මහතීර් මොහොමඩ් ව ලංකාවේ අපිද අගය කරන කාලයක සංගමයට මුදලින් මිලියන ගණනාවක් ලැබී පාසලට සේවය කරන්න ව්‍යාපෘතියක් ලබා දුන් චින්තක රණවීර සොහොයුරා ව නොසලකා හැර ඇත්තේ ලංකාවේ එකම 100% බෞද්ධ පාසලක කළගුන සැලකීමේ බෞද්ධ හරය අමතක කරමින් බව සිහියට නැගීම වැලක්විය හැකිද ?

Friday, June 21, 2013

හමුවෙමු අපි ....

හිමිදිරියේ පොද වැටිලා
නැවුම් දිනක් උදා වෙලා
නව පැතුමන් මෝදු වෙවි
හිරු රැස් ටික ගලා අවුත්
පිණි කැට වියලා දාවී
පීදෙන පැතුමන් හනිකේ
දවා නිවා අළු කරලා
සැඩ හිරු රැස් වට කරලා
ගිනි සැඩ රැස් පිට කරාවි
චන්ඩ හිරුට වහන් වෙලා
දහවල සගවා පැතුමන්
සීත සීත රැ එද්දි
තරු කැට එයි දිලිසි දිලිසි
සොමි රැස් පිරි හද එළියේ
තනිවෙමු සුළු මොහොතක්
හිරුට හොරා සද එළියේ
පින්න වැටි තෙත් වීලා
හිරු නැග එන්නා කෙක්

හර්ෂ - කලබල සිතුවිලි

Monday, May 27, 2013

පඩික්කම් පුරව පුරව බෞද්ධ දායකයන්ගේ සල්ලි වලින් නඩත්තු වන සුපිරි ගනින්නාන්සේලා ඉන්න රටක බෝවත්තේ ඉන්ද්‍රරතන, නානසාර වැනි හිමියන් උතුම් මය.

පඩික්කම් පුරව පුරව බෞද්ධ දායකයන්ගේ සල්ලි වලින් නඩත්තු වන සුපිරි ගනින්නාන්සේලා ඉන්න රටක
බෝවත්තේ ඉන්ද්‍රරතන, නානසාර වැනි හිමියන් උතුම් මය.

උදේට, රෑට, පෝයට, 7 දවසේ-තුන්මාසේ-අවුරුද්ද මතක බණට, කඨීන සහ නානප්‍රකාර අවස්ථාවල බන කිය කියා නම හදාගන්නා ගනින්නාන්සේලා නිසා අද බුදු බණත් සාමාන්‍ය ජනයාට නිකම් ස්ටාර් ගායකයන්ගේ ගී තරමටම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

පඩික්කම් පුරෝ පුරෝ ඉන්න ගමේ දායකයන් සල්ලි එකතුකරලා පන්සල නඩත්තු කර කර බෞද්ධයන් නිදි කරමින් ඉන්න අවස්ථාවක,
මහා නායක, අනු නායක සහ අනෙකුත් නායක කාරකාදීන් සුවෙන් සැතපී ඉන්න අවස්ථාවක,
නොයෙක් නොයෙක් විකාර සහ ශෛලීන් අනුව බන කියන්න සුපිරි ගායකයන් වැනි ගනින්නාන්සේලා බිහිවෙන කාලයක,
අල්පේඡ්ඡ බව අමතක කරලා මහේශාඛ්‍ය ලීලාවෙන් දිවි ගෙවන සුපිරි ගනින්නාන්සේලා ඉන්න කාලෙක,
බෞද්ධයන් නමට පමණක් බෞද්ධයන් වී කොසොල් රජු දැක්ක සිහින වලින් කියවෙන කාලයක් නිර්මාණය වෙමින් තියෙන කාලයක,
බෞද්ධයන්ගේ මර්මස්ථානවලට අන්‍ය ආගමිකයන් බලපෑම් කරන කාලයක
(තවත් ඕනෑ තරම් මේ හා සමාන තත්වයන් ඇති කාලයක)

නිදා සිටින බෞද්ධයා,මනෝ ලෝකයක ස්ථාන ගත කරවා සිටින බෞද්ධයා අවධිකිරීමට මේ බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන් ගත් ක්‍රියා මාර්ගය අකමැත්තෙන් වුවත් සතුටු වෙමි.

එයින් දැන් බෞද්ධ නාමය මත ඉන්නා බොහෝපිරිස් අවධිවි ඇත. බෞද්ධ පුනරුදයක් ඇති කිරිම සදහා වෙහෙස වෙන සහ එය මර්ධනය කල යුතු යැයි සිතන කණ්ඩායම් දෙකක් බිහිවී ඇත. දැන් බෞදධ පුනරුදයක් ඇතිවන පිරිස් ලාම්පුතෙල් ගෑවුනු ගැරඩින් මෙන් ඇවිස්සී ඇත. කුපිත වී ඇත. ෆේස් බුක් සමාජයේද එවැන්නෝ බහුලව වාසය කරති.

ඉතින් ඔවුන් වැන්නන් ගේ ප්‍රතිවිරෝධතා බෞදධ පුනරුදයට හේතුවන්නක්ම වේ.උතුරේ යුද්ධ කරනකොටත් ඕක දිනන්න බෑ දිනල වැඩක් නැ, දෙමළ ජනතාවට අයිතිවාසිකම් දීමෙන් පමනක් උතුරේ අර්බූදය විසදිය හැකි යැයි කියපු, පිටරැටියන් එක්ක කුමන්ත්‍රණය කරපු ලාංකිකයන් ඉදිද්දී තමා යුද්ධේ දිනලා ඔය කොයි කුම්භාන්ඩයන්ටක් අද යාපනේ ගිහිල්ලා නල්ලුර් කෝවිල වැදලා ආරුගම්බේ මහුදේ කිමිදෙති.

ඉතින් ඒක නිසා මේ බොදු සිංහල පුනරුදයට විරුද්ධ වන අය සිටීම අරුමයක් නොවේ. ඔවුන් ආශිර්වාදයකි.

බොදු සිංහල පුනරුදයට ජය ශ්‍රී..!

Friday, May 17, 2013

නුඔ හෙළු රුහිරට අද අපි බෝ ණයතෑ..!


සදාදර ආනන්ද නාලන්ද රණවිරුවනි..

හෙළු රුහිරු ලක් පොලොව මතටෑ
අදුරු කලේ නැත මවිබිමේ දවසෑ
දුක්වූවත් නැති සොව පසුගිය දිනකෑ
නුඔ හෙළු රුහිරට අද අපි බෝ ණයතෑ

තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් සිව්වන විජයග්‍රහණ දිනය සමරන අද දින නාලන්දා මෑණියන් දායද කල රණවිරු පුතුන් රැසක් රට වෙනුවෙන් දිවි පුදා ඇත. ඒ සදාදරණීය සොහුයුරන් සහ සහෝදර ආනන්ද විද්‍යාලයේ න් යුද බිමට බැස දිවි පිදූ සොහොයුරන් වෙනුවෙන් මේ උපාහරය..!


Thursday, May 16, 2013

ලංකාවේ කොහෙද යුද්ධයක් තිබ්බේ............ යනවා මනුස්සයෝ යන්න



ලංකාවේ අපි මෙහෙම වාහන වල නැගලා සතුටු වෙවි ගිය දිනයක් තිබ්බා 2009 මැයි 19 වෙනිදා.. එදා පාට බේද නැතිව, ජාති බේද නැතිව පක්ෂ බේද නැතිව, සියල්ලෝම මෙසේ සතුටු වෙමින් ප්‍රීති ඝොෂා නගමින් මං මාවත් ඔස්සේ ගමන් කලේ 1948 දී උදා කර ගත් නිදහසෙන් අපිට දායද වෙච්ච ප්‍රතිඵලයක් වූ තිස් වසරත ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල නිසාවෙනි. මේ යුද්ධයේ අවසාන අධියර පටන් ගත් මොහොතේදී එය නැවත්විම සදහා වලිකාපු බොහෝ අයත්, යුද්ධය දිනා ගන්න බැහැ කියූ බොහෝ අයත් අවසානයේදී මැයි 19 වෙනිදා මෙසේ සතුටු වන්නට ඇති. එසේම කිලිනොච්චි යනවා කියා මැදවචිචිය යනවා කියු අයත් අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා කියූ අයත් එසේම යුද්ධය කරපු යුධ හමුදාපති වරයා ගැලවීමේ හමුදාවකට වත් සුදුසු නැතැයි කී අයත් 2009 මැයි 19 වෙනිදා අපමණ සතුටු වෙන්නට ඇති.

අවසාන අධියරේ යුද්ධය අරඹන්නට කලින් පවා අපේ ජනතාගෙන් සැලකිය යුතු පිරිසක් පවා අදහස් කලේ මේ යුද්ධය කිසිදා දිනිය නොහැකි බවත් මෙය සාකච්ඡාවෙන් එල්ටීටීයට රටෙන් කොටසක් වෙන් කර දී හෝ විසදා ගත යුතු බවයි. ඒ තරමටම මේ යුද්ධය සියළු ජනතාවට පීඩා කල එකක් බවට පත්ව තිබිනි.

නිදහසේ පාරක ගමනක් බිමනක් යන්නට, අවධානම් දිස්ත්‍රීක්ක යන්හි ජීවත් වූවන්ට නිදහසේ ජීවත්වන්නට කිසිම අවස්ථාවක් නොතිබූ කාලයක් අප ගත කර තිබූ බව අපට දැන් දැන් අමතක වෙමින් තිබේ.





ඉහත ජායාරූප වල සිදූවීම් ලංකාවේ සිදුවුනා යැයී සිතීමට තරම් පවා දැන් අපට අමතක ව ගොසින්ය. උදේට බසයට දුම්රියට නගින විට අවට අයිතිකරුවන් නැති පාර්සල් නැතිබව පරීක්ෂාකර බැලීමටත් බසයේ හෝ දුම්රියේ පාර්සල් බෑග් සහිතව ගමන් කරන පුද්ගලයන් දෙස වපර ඇසින් බලා සිටින තත්වයට පවා අප පත්වූ බව දැන් නම් අපට අමතකය.

දැන් මේ දිනවල විජයග්‍රහනයේ සැමරුම නමින් හමුදා ඛන්ඩ උත්සවයක් සමරීම සදහා කොළඹ පුරවරය සැරසෙමෙන් සිටින කාලයකි. මෙයින් අපි සමරන්නේ කුමක්ද ? යුද්ධයක් තිබී එය පරාජය කල බව අපිට දැනේද ? නැත. දැන් අපිට ඒවා අමතකය. මෙය තවත් නිදහස් උත්සවයක් හා සමාන තත්වයට පත්ව ඇත.
මෙවැනි උත්සවයක් සමරන්නේ නම් මෙයට සමගාමීව එක් එක් දිස්ත්‍රීක්කයන්හි සංකේතාත්මකව ධාවනයට ගත නොහැකි අබලන් බස් රථ මහ මගදී පුපුරවා හැර එවැනි කාලයක් අප පසුකල බව අප ජනතාවට මතක් කර දිය යුතුය.

----කලබල සිතුවිලි----

Thursday, May 2, 2013

වැස්ස


වැස්ස වැස්ස ගත සීතල කරන්නා
ගස්ස ගස්ස රෝම කෙලින් කරන්නා
හෙමින් හෙමින් කූඩාරම් ගහන්නා
තදින් තදින් උණු ලොදිය ගලන්නා


මැයි දිනය සතුටින් සැමරිනි.

වාර්තා වන පරිදි ශ්‍රී ලංකාවේ කම්කරු අයිතීන් කඩවීමක් නැත. විරැකියාවක් නැත. කම්කරු දිනය මහ ඉහලින්ම ඊයේ දිනයේදි සැමරිනි.

කම්කරු අයිතීන් සටන් පාඨ වෙනුවට පොදු කාරණා ඉස්මතු වී ඇත. එහෙයින් වැඩ පොළ, රැකියා ස්ථානය නිරවුල්ය. රැකියා බහුලය. රැකියාවලට සේවකයන් ඌනතාවයක් පවතී.පඩි වැඩි කල යුතු නැත. වියදම් අඩු කර දුන්නොත් යහපති බව ඊයේ කම්කරු දිනයේදී ප්‍රධාන පක්ෂ කීපයේ මැයි දින සටන් පාඨ වල කියැවිනි. එය මේසේය.

වැඩි කළ විදුලි බිල අඩු කරනවා - ජනපති කියයි
ජනතාවට සහන දෙන්න බැරිනම් යන්න - රනිල් කියයි
විදුලි බිල අඩුනොකොලොත් දීප ව්‍යප්ත වර්ජන- ජවිපෙ කියයි.

ඔන්න කතන්දරේ..!

Tuesday, April 30, 2013

සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්..!

සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්..!
(නූතන කය්ය)

සුදු වෑන් බංග වෙයන්..!
චින්තනයේ ණය-වැය ප්‍රොඩාව හෙළා දකිමු

රාජ්‍ය අංශයට10000කින් පඩි වැඩි කරව්..!
පුද්ගලික අංශයට 40% වැඩි කරපියව්..!
ඉන්ධන මිල අඩු කරව්..!
කම්කරු පනත හකුලා ගනියව්..!
අධ්‍යාපනයට 6% ක් දියව්..!

අගවිනිසුරුට අත තිබ්බොත් බලාගෙනයි..!
ලයිට් බිලද වැඩියි ගොය්යෝ අඩුකරපන් නැතිනම් තොගේ අඩුද කැඩෙයි..!

ඔය වගේ බයිලා තමා...


දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගේ වත්කම

"දැන ඉගෙන ගත්තම
 තමයි කෙනෙකුගේ වත්කම
 ගුණ නුවණ දැක්කම
 සළකයි රටේ ඔක්කොම "

පසුගිය දවසක මට ලැබුනා නුගේගොඩ අනුලා විද්‍යාලයේ කණිෂ්ඨ ශිෂ්‍ය නායක පත් කිරීමේ උත්සවයකට සහභාගී වන්න. එහිදි .ගරු විදුහල්පතිනිය ඉහතින් දැක්වෙන කවිය සිය කතාවේදී සදහන් කලා. ඇය එම කවිය ශිෂ්‍ය නායකයෙකුට ගැලපෙන අන්දම මැනෙවින් පැහැදිලි කලා. දින කීපයකට පසු මට ලැබුනා අවස්ථාවක් බ්ලොග් කරුවන් විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දිමේ පිංකමකට සහභාගී වෙන්න. සොයුරු උමන්ද ගේ ආරාධනාවෙන්. ඒක තිබ්බේ වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ. ඒ පන්සලේ ධර්ම ශාලාවේත් ඔය කවිය සදහන් කරලා තිබ්බා.

"දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගේ වත්කම"

මේ ගැන සිතිය යුතුයි. මොනව ඉගෙන ගත්තොත් ද අපිට එය වත්කමක් වෙන්නේ. ඉස්සර නම් කිව්වා උගත මනා ශිල්පය මයි මතු රැකෙනා කියලා. එය තවදුරටත් වලංගුද? අද අප ඉගෙන ගන්නා තියෙන දේවල් අනාගතයට වලංගුද ? එය මෙසේ සංස්කරණය වුනොත්, "මතු රැකෙනා ශිල්පය මයි උගත මනා ලෙස".

එය කාලයට වලංගුයි මට සිතෙන විදිහට. මතු රැකෙනා ශිල්පය මයි උගත මනා වී "දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගේ වත්කම" යන්න සාර්ථක වෙන්නේ. එහෙයින් අනාගතය සාර්ථක කර ගත ශිල්ප අනාගතයට ගැලපෙන ශිල්ප නිදහස් පාසල් අධ්‍යාපන ධාරාවන්ට එකතු කිරීම අද බලධාරීන්ගේ වගකීමක්. ඒ වගේම සමාජයේ ප්‍රමිතියක් ඇතිව පවත්වාගෙන යන පුද්ගලික ආයතන තුල ඇති පාඨමාලා පිලිබදව ද සිසුසිසුවියන්ට දෙමාපියන්ට අවබෝධය ලබාදීම වැදගත්.

"ගුණ නුවණ දැක්කම - සලකයි රටේ ඔක්කෝම"

පසුගිය 27 වෙනිදා දෙහිවල ගල්කිස්ස නගරාධීපති ධනසිරි අමරතුංග මැතිතුමා විසින් සංවිධානය කරනු ලැබු එරබදු වසන්තය බක්මහ උත්සවය තිබුනා. එකේ ළමුන්ට තිබුනා අංගයක් විවිධ ඇදුම් තරගය යනුවෙන්. එම තරගය සදහා ඉදිරිපත් වෙච්ච එක දුවෙක් රෙද්දයි හැට්ටෙයි ඇදගෙන ආවා වේදිකාවට. ඇය ගැමි තරුණියක් යනුවෙන් හදුන්වා දුන්නා. පසුව ගීතයක් වාදනය කරන්න යැයි ඉල්ලීමක් කලා රංගනයක් ඉදිරිපත් කරන්න. අනතුරුව පසුබිමෙන් ගීතයක් වාදනය වුනා. මේ දුව රෙද්ද දණහිසේ ඉහලම තැනට උස්ස උස්සම නටන්නට වුනා. යටින් කලිසමක් වැනි දෙයක් ඇද තිබුනත් ඇයගේ රංගනයට නරඹන්න සිටි අය විසිල් ගසමින් අත් පොලොසන් නාද දුන්නා. ඇය නික්මෙන කොට උණුසුම් ප්‍රතිචාර ඇයට ලැබුනා. එහි නිවේදන කටයුතු කරමින් සිටි මම ඇයගේ නීක්මිමත් සමගම නරඹන්නන්ට පැවසුවා ඒ දියණිය රංගනයෙන් ඉදිරිපත් කලේ ඔබ රූප පෙට්ටියෙන් ඇයට පෙන්වන දේ කියලා. සිනාසීසි වේදිකාව ඉදිරිපිට සිටි වැඩිහිටියන්ගේ මුහුණු මැලවිලා ගියා මට තේරුණා.

සභ්‍යත්වය විකුණා මාධ්‍යන් බලවත්වී අප ගිලගනිමින් සිටින කලක නුවණ වැඩි උනත් ගුණ දම් පවතීද? කොතරම් වලංගුද? එහෙම ගිය කලක සලකයිද රටේ ඔක්කෝම

ඔවි.එහෙම තමයි අද වෙන්නේ. අද ගුණදම් සභ්‍යත්වය මාධ්‍ය විසින් විනාස කර දමන කාලයක්. ජනප්‍රිය ගායක යුවලක් දික්කසාද වුනා. දෙදෙනාට දියණියක්ද සිටියා.ගායිකාව වෙනමත් ගායකයා වෙනත් සාපේක්ෂව ලාබාල තරුණියක් විවාහ කර ගෙන අළුතින් ජීවිතය පටන් ගත්තා යැයි පැවසුවා. දැන් ඒ අයටත් දරුවන් ඉන්නවා. පසුව රූපවාහිනි නාලිකාවක වැඩසටහනක මේ දෙන්නා දික්කසාද වීමේ විස්සෝපය ගැන කියන ගීතයක් ගායනා කරනවා එකට. දැන් එම ගීතයට හොද ඉල්ලුමක් තියෙනවා. ගායිකාව කියනවා මම ආසාවෙන් බලා හිටියේ නැවතත් ඒ ගායකයත් එක්ක එකට ගීයක් ගයන්න කියලා. ගායකයත් ඒක කියනවා. ඒ පුවත මාධ්‍ය මගින් පුළුල්ව යනවා. මේ දෙන්නා එකට ගායනා කරන ගීතය අහන්න මිනිස්සු එනවා. බොහොම ලංවෙලා ගීත ගයනවා. හැගුම්බරව.

බලන් ඉන්න ප්‍රේක්ෂකයා හිතනවා විවාහය කියන්නේ මොන තරම් බොරු වැඩක්ද කියලා.මේ අයුරින් අසම්මත විවාහ සමාජගත කරනවා. නුවණ තිබුනත් ගුණ යහපත් කම් නැතිවුනත් සමාජය ගරු කරනවා අද කාලේ.

එබැවින් ගුණ නුවණ දැක්කම - සලකයි රටේ ඔක්කෝම කොතරම් වලංගුද අද?

චුට්ටක් හිතන්න.

Wednesday, April 24, 2013

දුක ජය ගත් මිනිසුන් # 1



ඊයේ ප්‍රවීන සූපවේදී පබ්ලිස් සිල්වා ගේ උපන් දිනය. ඒ වගේම ඊයේ දිනය තුල ඔහුගේ පොත් 3ක් එළි දැක්වුනා ගල්කිස්ස හෝටලයේදී. ඒ අවස්ථාවට මෙටත් සහභාගි වෙන්න ලැබුනා නගරාධිපතිතුමාත් එක්ක. ඔහුගේ ගම රජ්ගම ගම්මැද්දෙගොඩ. ගමේ අය භාවිතා කරපු නම් කිරි මහත්තයා.

ඉස්කෝලේ ගමන මැදදි නැවතුනා. ආර්ථීක දුෂ්කරතා හින්දා. පවුලේ වියදම් හොයාගන්න පොල්ලෙලි තැළුවා. අවු 12 දී මහින්ද ප්‍රෙස් කියලා මුද්‍රණාලයක අකුරු අමුණන්න ගියා.කෙටි කාලයක් එතන හිටියා. ඊට පස්සේ ධීවර රැකියාවට ගියා. දවස් කීපයක්ම කන්න ලැබුනේ ලොකු බත් පිගානයි මාළු කෑල්ලයි. සුළු මුදලක් පමණයි ලැබුනේ. ඊට පස්සේ පොල් කඩලා ලැබුනු මුදලින් කොච්චියේ නැගලා මරදානට ආවා. දන්න කෙනෙක් තරවටු කරලා ආපහු ගෙදර ගෙනත් බැස්සුවා. ඊටපස්සේ ආයිත් කොළඹ ආවා. 4වෙනි හරස් වීදියේ කඩයක රැකියාවක් ලැබුනා වේටර් කෙනෙක් විදිහට. එදාම හවස තමා ඒ කඩේ මුදලාලි ව දැක්කේ. ගම රජ්ගම කියලා දැනගත්තම කඩෙන් එලෙව්වා. ඊට පස්සේ තේ ෆැක්ටරියක පොඩි රස්සාවක් කලා. ඒකත් හරි ගියේ නෑ. රිචඩ් පීරිස් එක ලග සයිවර් කඩේක රැකියාවක් කලා ටික දවසක්. තෝසේ දාන්න ඉගෙන ගත්තා. චන්ඩියෙක් ඇවිල්ලා තර්ජනය කරලා සිද්ධියක් වුනා. එතනින් ඒ රස්සාවත් ඉවර වුනා.

ඊට පස්සේ පේමන්ට් එකේ දොඩම් වික්කා. ආපහු ගමට ඇවිල්ලා බූරුවා/ඔමී ගැස්සුවා සල්ලි වලට. ගැහුවේ නෑ. තෝං ආදායම ගත්තා. 1956 දී කසාද බැන්දා. ඊට පස්සේ මේසන් බාස්ලට අත් උදව් දුන්නා. එහෙම ඉන්නකොට ගල්කිස්ස හෝටලයට දකුණේ අයව ගන්නවා කියලා දැනගත්තා. 1956 දී ගල්කිස්ස හෝටලයට ආවා. අත් උදව් කරුවෙක් ලෙස. ලිපට ගල්අගුරු දාන්න ලැබුනේ මුල්ම රස්සාව. සෑහෙන කාලයක් ගියා. තනතුරු කීපයකින් පස්සේ මම අද ගල්කිස්ස හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ.

අද පබ්ලිස් සහ ගල්කිස්ස හෝටලය දෙකක් නොවේ එකක්. මම සැමට අවවාදයක් දෙන්න කැමතියි. මමත් ඉගෙන ගත් දෙයක්. එනම් කරන මොනයම් හෝ රස්සාවක් ආදරයෙන් වගකීමෙන් කරන්න. එය ඔබේ අනාගතයේ රන් දොරටු විවර කරයි. ඒ පණිවිඩය ඔබට දෙන්නත් හිතුනා.

උත්සහය උනන්දුව මත පැරදුම පැරද පලායයි.

(නාලන්දාවෙදි උසස් පෙල කරලා පාසලෙන් සමුගත් දින මා මිත්‍ර පබලු සුලෝචන මගේ සමරු පොතේ එහෙම ලිව්වා මතක් වුනා)