මතකද අපි පොඩිකාලේ අගෝස්තු එනකම් ඇගිලි ගැන ගැන බලන් ඉන්නවා.ඉරටු ටිකකින්, බට පතුරු වලින් එහෙමත් නැත්නම් කිතුල් පිත්තකින් අපි සරුංගල් හදනවා. වවුලෝ, කොම්බුවා, මාළුවා, ඉබ්බා,ගෙම්බා,මොනරා, පිල් මොනරා,නයා ඊටත් පස්සේ මහත්තයා සහ නෝනා තවත් වර්ගයක් වන පෙට්ටි වගේ නානාප්‍රකාර සරුංගල් හැදුවා... ඒවා උඩ යැව්වට කවදාවත් ඒ වගේ උඩ යන්න හිතුවේ නෑ.. අපේ සතුට තමයි ඒ වෙලාවේ බැළුවේ.. වත්තට වෙනත් සරුංගලයක් කඩන් ආවම හංග ගන්නවා හොද එකක් හනම්... මගේ සරුංගල් වල නූල කැඩිලා ඈතට පාව යද්දි කොච්චර ඒ පස්සේ දුවලා ඇත්ද... සරුංගලේ කඩන් ගියාට පස්සේ එදා රැට නින්ද යන්නෙම නෑ හරියට පස්සේ කාලයක යාළුවෙලා හිටපු ගැහැණු ලමයා තරහාවෙලා ගියාම වගේ ... ඒවගේම හැගීමක්... පහුවදාට හිතුනත් අළුත් එකක් හදන්න ඕනේ කියලා.. එක ගැහැණු ලමයද ඉන්නේ හෙට වෙන එකක් හොයා ගන්නවා කියලා හිතුනෙම නෑ .. ඇතිවුනේ කෙල්ලන් ගැන තරහක්... ඇත්තටම සරුංගලය ගැන කවදාවත් අහිතක් නම් හිතුනේ නෑ...ඒ තරමටම සමීපයි..
සරුංගල යට නූල් දෙන ගමන් නෙත්ති ගහලා කරකවලා ගන්න කොට .. තමන්ගේ හිසට හරිකෙලින් සරුංගලය ගන්න කොට හරිම සතුටුයි.... සමහර වෙලාවට නූල් දෙනවා සරුංගලය කඩාගෙන යනවා වගේ ... ඒ අනිත් අයව රවටන්න.... නමුත් පස්සේ තේරෙනවා රැවටෙන්නේ අපිමනේ ද කියලා.... සරුංගලය උඩ යවලා ගහක හරි කනුවක හරි ගැට ගහලා බලන් ඉන්නවා උඩ ඉදන් අපි දිහා බලන් ඉන්න හැටි අපි ඉතින් එයා ගේ දැගලිලි බල බල අපි සතුටු වෙනවා.... සමහර විට අපි හවසට බාන්නේ නැතිව තියෙනවා රැ එලිවෙනකම් ... හොරෙන් ගිහින් බලනවා එයා උඩ ඉන්නවාද කියලා.. ගෙදරිනුත් බැණුම් අහනවා... සරුංගලයා බිමට බලා ගෙදරට ගේන්නෙත් ගරැ සරු ඇතිව හරියට පවුලේ කෙනෙක් වගේ... ගෙනල්ල හොද තැනක හේත්තු කරලත් තියෙනවා.. ගෙදරට එන අයට පේන්න....
දැන් කාලය එහෙමද ඉස්සරනම් සරුංගල් අරින්න කොච්චර නම් තැන් තිබුනද... දැන් එහෙමද මා ඉන්න නගරයේ හැම තැනම වයර්... බිල්ඩිං අද කාලේ සමහර පොඩි උන් සරුංගල් දැකලා වත් නැතිව ඇති... ඒ විතරක් යෑ වැඩිහිටියන් කීයෙන් කීදෙනාටද හදන්වත් පුළුවන්.... අර වෙසක් කූඩු වගේ කඩෙන් ගේන්න පුරුදු වෙලානේ
ඒ වගේද අපි ම හදන සරුංගලයක් කොල අලවලා රැලි කපලා ගැටගහලා උඩ යවන කොට දැනෙන සතුට... මිලක් නියම කරන්න පුළුවන්ද....
No comments:
Post a Comment