Friday, March 10, 2023

13වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අධ්‍යාපනය තුල පංති බේදය ඇති කර ඇති අවස්ථාවක ලොව නවතම අධ්‍යාපනය ක්‍රමය STEAM ඇති කිරිමේ ලංකා මායාව...!


ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ධාරව ශ්‍රී ලංකාවේ සමාජීය සහ  ආර්ථිකය ට සුදුසු වන ලෙස සකස් වී නැති බවත් විභාග නැති ෆින්ලන්ත අධ්‍යාපනික ක්‍රමයක් ගැන සාකච්ඡා කරන මෙවන් සමයක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ශ්‍රී ලංකාව තුල මෙකී අධ්‍යාපන ක්‍රමය ස්ථාපනය කිරිම සදහා සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ.

 මොකක්ද මේ STEAM අධ්‍යාපන ක්‍රමය







මෙම අධ්‍යාපනය ක්‍රමය ලංකාව තුල ස්ථාපිත කිරිම සදහා පවතින තත්වයන් සහ දේශපාලනය අනුව එය සාර්ථක වේදැයි සලකා බැලීම සදහා මාත් සමග තවත් විද්‍යාර්ථීන් පිරිසක් අධ්‍යාපනික ව්‍යාපෘතියකට රැස්කල තොරතුරු ඇසුරින් සකස් කල විමර්ශනාත්මක ලිපියක් කියවීම සදහා ඔබට ආරධනා කරමි.

 



2021 වසරේ දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වලට අනුව, ශ්‍රී ලංකාව ලොව රටවල් 180ක් අතරින් 102 වන ස්ථානය දක්වා පහත වැටී ඇත.2020 වසරේ දී ලංකාව ශ්‍රේණිගතකිරීම්වලින් 94 වන ස්ථානයේ පසුවිය. මෙවර භූතානය, ඉන්දියාව, සහ මාලදිවයින් යන සාක් රටවල් ත්‍රිත්වයම ලංකාවට වඩා උසස් ස්ථානයන්හි පසුවෙයි.

දූෂණ සංජානන දර්ශකයට අනුව ලකුණු 180ක් ගන්නා රාජ්‍යය දූෂණයෙන් තොර රාජ්‍යය වන අතර, ලකුණු බිංදුව ලබාගන්නා රට අන්ත දූෂිත රාජ්‍යය යි. මෙයින් ශ්‍රී ලංකාව ලබා ඇති ලකුණු සංඛ්‍යාව 37කි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය, රාජ්‍ය අංශයේ දූෂණ පිළිබඳ සංජානන මත පදනම්ව සැකසෙයි. ප්‍රවීණයන්ගේ අදහස් සහ ව්‍යාපාරිකයන්ගේ සමීක්ෂණ ඇසුරින් මෙම දර්ශකය සකස්කර ඇත.

 CPI දර්ශකය ගණනය කරනු ලබන්නේ ලෝක බැංකුව ද, ලෝක ආර්ථික සංසදය ද, පුද්ගලික අවදානම් සහ උපදේශන සමාගම් හා උපදේශකයින් ද, වෙනත් පාර්ශවයන් ද ඇතුළු බාහිර මූලාශ්‍රයයන් 13කින් නිකුත් කෙරෙන දත්ත භාවිතා කරමිනි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) යනු, දූෂණය තුරන් කිරීමට සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමට කැප වී සිටින, දූෂණයට එරෙහි ගෝලීය සිවිල් සමාජ සංවිධාන ජාලයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්හි (TI) දේශීය ආයතනය යි. වාර්ෂිකව දූෂණ සංජානන දර්ශකය සම්පාදනය කිරීමේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දත්ත ලබාගැනෙන්නේ TISL ආයතනයට පරිබාහිර මූලාශ්‍රයයන්වලිනි.

 

2020 වසරේ දී ශ්‍රී ලංකාව ලබාතිබූ ලකුණු සංඛ්‍යාව 38ක් (මෙවසරේ දී 37කි) වූ අතර, ශ්‍රේණිගතකිරීම්වල 94 වන ස්ථානයේ පසුවිය. 2021 වන විට එය 102 දක්වා පහත වැටී ඇත. මේ අනුව ශ්‍රී ලංකාව දුෂිත රාජ්‍යයන් අතරින ඉහල ස්ථානයක් ගන්නා බව නොරහසකි. රටක් දිගුකාලීනව දුෂිත රාජ්‍යය ලැයිස්තූවේ ඉහලින්ම ස්ථානගතව පවතින්නේ නම් එහි සමස්ථ පද්ධතියේ කඩා වැටීමක් දක්නට ලැබීය හැකිය. මේ අනුව පෙනී යන්නේ ලංකාවේ සියළු සමාජ සංස්ථා දූෂිත බවයි. සමාජ සංස්ථා අතරින් එකක් වන අධ්‍යාපන සංස්ථාවත් එසේ දූෂිත ආයතනයක් වීම වැලැක්විය නොහැක.  පද්ධතියකින් සමන්විත රටක අධ්‍යාපන සංස්ථාවේ ගැටළු ඇති බව කිව යුතු නොවේ.

 ශ්‍රි ලංකාවේ  සමාජය දුෂිතවීමෙන් වඩාත් තර්ජනයට ලක්වූ කේෂත්‍රය අධයාපන කේෂත්‍රයයි . අධ්‍යාපන කේෂත්‍රය යනු කුමක්ද යන්න නිර්වචන ආශ්‍රයෙන් සොයා බැලීමේදී අපට හමුවන වඩාත් අර්තාන්විත නිර්වචනයක් වන්නේ definitions.net වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර ඇති පහත නිර්වචනයයි.

 education sector(www.definitions.net)

All elements of an economy that consists of a variety of education provider, schools, colleges, universities, organizations, agencies, businesses or form of unity assembly, unity council, unity legislature, unity senate, unity house of representatives, unity parliament, unity government, local unity government, regional unity government or national unity government that have the agreement, contract, role, responsibility and purpose of providing a form of education to members of the public”

 

මෙම නිර්වචනය  සමාජ විද්‍යාවේ කොදු නාරටිය වන් සමාජ සංස්ථා පහෙන් අධ්‍යාපන සංස්ථාවට හා දේශපාලන සංස්ථාවට වැඩි අවධානයක් යොමු කර ඇති අතර අර්ථික සංස්ථාවටද යම් වපසරියක් වෙන්කොට ඇත.

නමුත් අධ්‍යාපන ක්ශත්‍රය පටන්ගන්නේ පවුල් සංස්ථාව තුලින් වන අතරම වර්ථමාන අධයාපන ක්‍රමය හදුන්වාදීමට පෙර සිටම අධ්‍යාපනය පවත්වාගෙන යාමේ මූලික වගකීම ආගම් සංස්ථාව විසින් ඉටුකල බව පෙනීයයි, පුරාම මෙම අධ්‍යාපන ක්ශත්‍රය යන්න විහිදී පවතින බව පෙන්වා දිය හැක.

 ටැන්සානියා ජනාධිපති ජුලියස් නියරේර් එරට ඩාර්. එස්. සලාම් විශ්වවිද්‍යාලය වෘත්ත කරමින් ප්‍රකාශ කලේ මෙහිදි සැලකිය යුතුයි. ඔහුට පරිදි මෙම විශ්ව විද්‍යාලයෙන් සමත් වන සියලු දෙනා දැනුමෙන් මෙන්ම, සමාජයට උපරිම සේවය ලබා දීමේ ආකල්පයෙන් යුතු පිරිසක් විය යුතු යැයි තමාගේ අපේක්ෂාවයි යනුවෙන් ඔහු එහිදි පවසා තිබේ.

යුගෝස්ලාවියානු අධ්‍යාපනඥයින් පවසනුයේ ළමයින් ආඥානව සහ කුතුහලයෙන් යුතුව පාසලට ඇතුළුව, කුතුහලයෙන් තොරව එහෙත් අඥාන බව තවදුරටත් ඇතුව පාසලෙන් පිටව යන බවයි.

මෙම අධ්‍යාපන ක්‍රමය  තුල ඉහළින්ම එල්ල වෙන චෝදනා වන්නේ, පාසල යනු රෝගීන් ප්‍රතික්ෂේප කර ඔවුන් පිටමන් කර නිරෝගී පුද්ගලයින්ට පමණක් සාත්තු කරන, ඔවුන් රැකබලා ගන්නා ස්ථානයක් ලෙස පාසල දැකිය හැකි බවයි.

පැව්ලෝව් ෆියර් Pavlov Frier සිය Pedagogy Of The Oppressed නම් ග්‍රන්තයේදී ඔහු පවසනුයේ, නිදහස් අධ්‍යාපනයෙන් වැඩි ඵල ප්‍රයෝජන භුක්ති විදිනුයේ මුදල් නැති අයට වඩා මුදල්  ඇති අය බවයි. අඩු මුදල් ඇති අය පාසලේ රැදෙනුයේ අඩු කාලයක් නිසා බවත්, දුප්පත් වැඩිදෙනාගේ අයබදු ලබාගෙන පෝසත් ටික දෙනකු පෝෂණය කිරීමකි.

 

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී ඩබ්ලියු ඩබ්ලියු කන්නන්ගර මැතිතුමාගේ දර්ශනය පිළිබඳ සැලකීමේ දි අධ්‍යාපනය යනු සාක්ෂරතාව පමණක් නොවේ. රටක ජනතාවගේ චින්තනය හැඩගැස්වීම වැදගත් විය යුතුයි. ප්‍රධාන අරමුණ විය යුත්තේ නිදහස් හා විවෘත මනසක් ඇති ජනතාවක් බිහි කිරීමයි. නිදහස් අධ්‍යාපනය ජාතික චින්තනයේ ලක්‍ෂණය විය යුතුය. අපේ රටේ පාසල් පද්ධතියේ ක්‍රියාකාරීත්වය වන්නේ අපේ භාෂාව අපේ ආගම, අපේ සංස්කෘතිය සහ සම්ප්‍රදායන් බවට පත් කර ගැඹුරු චින්තනයක් ඇති ළමා වැඩිහිටි පරපුරක් බිහි කිරීමයි.” යනුවෙන් දක්වයි. ඒතුමා 1947 දී කල්කටාවේ විශේෂ දේශනයකදී කළ ඉහත සඳහන් කළ ප්‍රකාශයෙන් රටක තිබිය යුත්තේ කුමන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ද යන්න එතුමාගේ අධ්‍යාපනික චින්තනය සහ දර්ශනය ඉතා පැහැදිලිය. කන්නන්ගර යනු දර්ශනය පදනම් කරගත් අධ්‍යාපනඥයෙකි. එමනිසා, ඔහුගේ චින්තනය දැන ගැනීම වැදගත්ය. ඔහුගේ අධ්‍යාපන දර්ශනය ආකාර කිහිපයකින් හඳුනාගත හැකිය.

ඔහුට අනුව සෑම දරුවෙකුටම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබාදීම සෑම රජයකම යුතුකමකි. "මම සහ මගේ විධායක කමිටුව දිවයිනේ ජනතාවට ඉහළ මට්ටමේ දේශීය භාෂා අධ්‍යාපනයක් ලබා දීමට සහ රට තුළ උසස් අධ්‍යාපනය ලබා දීමට හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත."(හැන්සාඩ් 1931, පි.824)

අධ්‍යාපනය තනිකරම සංවර්ධනයක් නොවේ. එයට බහුවිධ අරමුණු සහ අර්ථ ඇත. අධ්‍යාපනය සංස්කෘතික, දේශපාලන හා ආර්ථික යන ක්ෂේත්‍රවල නියෝජනය වන බව ඔහුගේ අදහස විය. ආගම හා සංස්කෘතිය අතර සම්බන්ධය ද ඔහු පෙන්වා දුන්නේය. ආගමකින් තොරව සංස්කෘතිය කතා කළ නොහැකි අතර ආගම ද සංස්කෘතිය මත පදනම් වේ. ඒ අනුව සංස්කෘතිය සහ අධ්‍යාපනය පිළිබඳ ඔහුගේ චින්තනය කරුණු තුනකින් සමන්විත වේ. පැරණි සිංහලයන් විසින් ගොඩනැගුණු මහා සංස්කෘතිය. බටහිර බලපෑම යටතේ එම සංස්කෘතිය ක්‍රමක්‍රමයෙන් පිරිහීම සහ රට තුළ එයට හිමි ස්ථානය එන්න එන්නම ආගන්තුක ය. මෙම පරිවර්තනය සඳහා මිෂනාරි අධ්‍යාපනය ඉවහල් විය. පුනර්ජීවනයක අවශ්‍යතාවය - එහි පැරණි ස්වරූපයෙන් නොව සංස්කෘතීන් දෙකෙහිම වටිනාකම - නව පරිසර පද්ධතියක් තුළට ස්වකීය අනන්‍ය පෞරුෂය එකතු කිරීමකි. එය කළ හැක්කේ ජාතික අධ්‍යාපනයක් වර්ධනය කිරීමෙන් පමණක් බව ඔහු විශ්වාස කරයි.

මෙම කරුණු වලින් තහවුරු වන්නේ අධ්‍යාපනය යනු අනාගත ආයෝජනයකි. එය නිසි ලෙස කළමනාකරණය කරගත් රටවල් සංවර්ධනයේ උපරිම තලයට පැමිණ තිබේ. අධ්‍යාපනයේ වෙනස රටේ වෙනසකට මග පාදයි. මෙරට ශිෂ්‍ය ප්‍රජාව අධ්‍යාපනයට දක්වන නැඹුරුව අපට ඇති වටිනාකමකි. අධ්‍යාපනයට නැඹුරුවී ඉහළින් විභාග සමත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයක් හැටියට කවරාකාරයෙන් සහයෝගයක් ලබාදිය යුතුද යන්න සම්බන්ධව මෙතෙක් නිර්මාණය වී නැත. අධ්‍යාපනය මිනිසුන්ගේ ආර්ථික ජීවිතයට මූලික බලපෑමක් ඇති කරන අතර, අනෙක් අතට, මූල්‍ය සංසිද්ධි සමාජයේ වර්තමානයට සහ අනාගතයට බලපායි.

අප රටේ දැනට පවතින අධ්‍යාපනයේ ගැටලු ගණනාවකි. ප්‍රධානම ප්‍රශ්නය වන්නේ අධ්‍යාපනය රටේ සංවර්ධන ඉලක්ක සමග සමපාත නොවීමය. මේ නිසා සෑම දරුවකුටම උසස් අධ්‍යාපන අවස්ථා අහිමිය. අවස්ථාව ලැබෙන අයටද රැකියා අවස්ථා අවිනිශ්චිතය. මේ නිසා ප්‍රාථමික පන්තිවල සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වාම අධ්‍යාපනය යනු හුදු තරගයක් පමණක් බවට පත්ව ඇත. ආකල්ප වර්ධනයට තබා කුසලතා වර්ධනයටද ඒ තුළ ඉඩක් නැත.

කොරෝනා වසංගතය නිසා රටේ ආර්ථිකය මුළුමනින්ම යළි ගොඩනැංවීමට සිදුව තිබේ. එහිදී මෙතෙක් පැවැති ආර්ථික රටාව වෙනුවට දේශීය අනන්‍යතාව සහිත එහෙත් ගෝලීය ආර්ථික තත්ත්වයන් තුළ පැවතිය හැකි ආර්ථික රටාවක් අනුගමනය කල යුතු අතර මොන ආර්ථික රටාවක් අනුගමනය කළද රටක් සංවර්ධනය කිරීමේ මුල් අඩිතාලම වන්නේ ඒ රටේ අධ්‍යාපනයයි. මේ නිසා අප රටක් ලෙස අපේ ආර්ථිකයේ වෙනස්කම් කරන්නට අදහස් කරන්නේ නම් ඊට සමගාමීව අධ්‍යාපනයේද විශාල වෙනසක් සිදුකල යුතුව ඇත.

 

මෙරට තිබෙන්නේ නිදහස් අධ්‍යාපනයකි. යම් අයකිරීමක් කෙරෙන්නේ පශ්චාත් උපාධි සඳහා පමණි. එයද සුළු අයකිරීමකි. එහෙත් අධ්‍යාපනය දියුණු කර රට දියුණු කරන ක්‍රමවේදයකට මෙරට තවමත් නැඹුරුවී නැත. ඉදිරි වසර ගණනාවකදී නිර්මාණය වෙන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයකි. මානව සම්පත කළමනාකරණය ද බෙහෙවින් වැදගත්ය. ජාත්‍යන්තර මට්ටමට ජාතික අධ්‍යාපනය ඔසොවා තැබීම, දරුවන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන් වෘත්තීය ක්ෂේත්‍රයක් කෙරෙහි යොමු කිරීම හා අනාගත පරපුර රටේ ආර්ථික ක්‍රියාවලියේ සැබෑ කොටස්කරුවන් බවට පත්කිරීමත් ඉහත වෙනස්කම්වල අරමුණ ලෙස පෙන්වා දිය හැකි ය. නිදහස් අධ්‍යාපනය තහවුරු වී සැලැකිය යුතු කාලයක් ගතවී ඇතත්; අධ්‍යාපනය හා රැකියා වෙළෙඳ පොළ අතර තිබිය යුතු අන්තර්-සම්බන්ධය තවම හරිහැටි ගොඩනැඟී නැත. කුමන මට්ටමේ අධ්‍යාපනයක් ලබා දුන්නත් එය අවසානයේ උපාධිධාරියකුට රැකියාවක් සොයාගත නොහැකි නම් එම අධ්‍යාපනයෙන් ඵලක් නැත. මේ නිසා රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා උපාධිධාරීන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතුව ඇත.

මේ ආකාරයට දැනුම කේන්ද්‍රකර ගනිමින් නැතිනම් දැනුම පදනම් කරගනිමින් ආර්ථිකය නිර්මාණය කර ගැනීමට කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ඉක්මනින් නිර්මාණය කරගත යුතුය. වසර දෙකකින් පහකින් සහ දහයකින් අපේ ඉලක්කගත තත්ත්වය දෙස බලා දස වසරක අධ්‍යාපන ප්‍රතිපත්ති ඇතිකර ඒ අනුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළොත් දැනුම පදනම් කර ගත් ආර්ථිකයකට ගමන් කිරීමට පුළුවන. අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් විය යුතුය. එසේ වුවොත් සැවොම බලාපොරොත්තු වන නව සහශ්‍රකයේ දැනුම පදනම් කරගත් ආර්ථිකයට මේ රට හැරවීමට පුළුවන. ඒ ඔස්සේ රටේ ආර්ථිකය දියුණු වනු ඇත. එම පසුබිමේදී ජනතාවට වැඩි වැඩියෙන්  සහන සැලසීමට හැකිය.

 පුහුණු මානව ප්‍රාග්ධනය උත්පාදනය කිරීමෙන් ශ්‍රම ඵලදායිතාව වැඩි කිරීම. නව තාක්ෂණයන්, ක්‍රියාවලි සහ නිෂ්පාදන පිළිබඳ නව දැනුම නිර්මාණය කිරීම මගින් නවෝත්පාදනයන් වැඩි කිරීම. අධ්යාපනයයි ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා අතිශයින් වැදගත් වන්නේ එය ඉහළ මට්ටමක පවතින බව තේරුම් ගත හැකි බැවිනි අධ්‍යාපනික මිනිසුන්ට වඩා හොඳ වැටුප් ලැබෙනු ඇති අතර, එබැවින් මානව ප්‍රාග්ධනය, පරිභෝජනය සහ ආයෝජනය වැඩි කිරීමෙන් ආර්ථික වර්ධනයට දායක විය හැකිය. අධ්යාපනය ආර්ථික වර්ධනයට සම්බන්ධයි.

 දැනට අපේ ආර්ථිකය රැඳී පවතින්නේ නුපුහුණු ශ්‍රමය මතය. මැදපෙරදිග යන පිරිස මෙයට උදාහරණයකි. පුහුණු නිපුණතාවක් ඇති ශ්‍රමිකයන් මත මෙරට ආර්ථිකය රඳා පවතින තත්ත්වයක් නිර්මාණය කරගත යුතුයි. දැනුමෙන් පිරි  පිරිස්වලට විදේශ රැකියා අවකාශ විවර කිරීම අවශ්‍යය. මේ කාරණා දෙස බලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සුවිශේෂී වෙනසක් කිරීමේ වුවමනාව තිබේ.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවන පිරිසක් ද සිටිති. මෙවන් පිරිසක් ඉලක්ක කර දැනටමත් ඩිප්ලෝමා  සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා පවතී. මෙම පාඨමාලාවලදී දැනට ලබාදෙන සහතිකය වෙනුවට ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයක් ලබාදිය හැකිනම් නිපුණත්වයක් සහිත පිරිසකට දොරටු විවර කිරීමට පුළුවන. නිපුණත්වය සහිත ඩිප්ලෝමාධාරීන්ට ද අද ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබේ. එනිසා කාර්මික විද්‍යාල සහ තාක්ෂණික විද්‍යාල සියල්ලේම ඉදිරි කාලයේදී යම් පරිවර්තනයක්  කර දේශීය  සහ ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය වන නිපුණතාවෙන් හෙබි තාක්ෂණවේදීන් බිහිකර ගත යුතුය. ලෝකයේ දියුණු රටවල වැඩි අවධානය යොමු වී ඇත්තේ වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි ය. ජර්මනිය, ජපානය වැනි රටවල් වෘත්තීය අධ්‍යාපනයට ඉහළම සැලැකිල්ලක් දක්වයි. මේ අනුව වෘත්තීය අධ්‍යාපනය පාසල් අවදියේ සිට ම ප්‍රගුණ කිරීමට එම රටවල දරුවන්ට අවස්ථාව තිබේ.

 අප දන්නා සරල අත්දැකීමක් සටහන් කළහොත්; ශ්‍රී ලංකාවේ පළපුරුදු පෙදරේරුවකුට හෝ වඩු ශිල්පියකුට හෝ දියුණු රටක දී මසකට රුපියල් ලක්ෂ හයක් හෝ ලක්ෂ අටක් හෝ උපයාගත හැකි ය. එහෙත් ඒ සඳහා පිළිගත් සහතිකයක් තිබිය යුතුය. සහතික නැති ශිල්පීන්ට රැකියා ලබාදීමට දියුණු රටවල ආයතන ඉදිරිපත් වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය අධ්‍යාපනය තුළ ලබාගන්නා ප්‍රථම උපාධිය ලෝකයේ සැලැකිල්ලට ලක්වන්නේ වුව අපගේ වෘත්තීය අධ්‍යාපනයේ බොහෝ ක්ෂේත්‍රවලට එබඳු පිළිගත් සහතික ලබාදෙන ක්‍රමයක් නැත. එම අඩුව අලුත් පාඨමාලා ඇති කිරීමත් සමඟ සම්පූර්ණ වනු ඇතැ’යි සිතන්නට පුළුවන.

 රටේ දරුවන් විශාල ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීම මෙරට අධ්‍යාපනයේ තරම පෙන්නුම් කරන කදිම සාධකයකි. මෙහි ඇති ඛේදවාචකය වන්නේ මෙරට අවස්ථාවක් නොමැතිකම හෝ අධ්‍යාපනය ගුණාත්මක පිරිහීම නිසා හෝ විදේශ ගතවන අපේ දරුවන් ඒ රටවලදී ගුණාත්මක අධ්‍යාපනයක් ලබන්නේ ද යන්නය. මෙ රටේ රැකියා වෙලදපලට සුදුසු අධයාපන ක්‍රමයක් ඇති කල හොත් ඉදිරියේදී තම දරුවන් විදේශයන්ට යැවීම ගැන මෙරට දෙමාපියන් දෙවරක් සිතනු ඇත. මේ නිසා උසස් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව විදේශයන් වෙත ඇදී ගිය විශාල මුදලක් මේ රටේම ඉතිරි කර ගැනීමටද අපට අවස්ථාව හිමිවනු ඇත. මෙහිදී අපගේ අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කළ යුතු වැදගත් කාරණයක් ඇත. මහල් ගොඩනැගිලි ඉදිකළ පමණින් අධ්‍යාපන තත්ත්වය ඉහළ නොයන බවය. පාසල් හෝ විශ්වවිද්‍යාල වැඩිකළ පමණින් රටක අධ්‍යාපනය දියුණු වන්නේ නැත. විශ්වවිද්‍යාල තුළ නව පාඨමාලා ආරම්භ කිරීම හෝ බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩිකිරීමද මේ ප්‍රශ්නවලට විසඳුම් වන්නේ නැත. ඇත්තෙන්ම විධිමත් සැලසුමකින් තොරව එසේ කිරීම පවතින අර්බුදය උග්‍ර කිරීමට හේතුවක් වන්නටද ඉඩ තිබේ.

උපාධියක් යනු රැකියාවක් ලැබීමට සුදුසුකමක් බවත්, රැකියාවක් දීම ආණ්ඩුවක වගකීම බවටත් ඇති ආකල්පය වෙනස්වනතෙක් අධ්‍යාපනයේ සැබෑ අරමුණු ඉටුවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම දුෂ්කර කටයුත්තකි. එහෙත් එය දුෂ්කර වන්නේ රටේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන හෝ නොගැළපෙන උපාධිධාරීන් බිහිකරන තෙක්ය. ආරම්භයේදී උපාධි පාඨමාලා සකස්විය යුත්තේ දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළ ඉලක්ක මතය. අද අපේ ඇතැම් උපාධි පාඨමාලා විෂය නිර්දේශ දශකයකින්වත් සංශෝධනය වී තිබේද යන්න සැක සහිතය. ඇතැම් පාඨමාලා පවත්වන්නේ ආචාර්යවරුන්ගේ රැකියා අහිමිවීම වළක්වා ගැනීම සඳහාය.

 අපේ අධ්‍යාපනයේ මූලික අවශ්‍යතාව රටේ සංවර්ධනය වුවද ඒ සඳහා අපේ මේ දූපතෙන් පමණක් දැනුම සපයා ගත නොහැකිය. අපේ සිසුන් විදේශ විද්‍යාලවෙත යොමු වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙරට උපාධියට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් නොමැතිකමය. විදේශ විද්‍යාල සමග හුවමාරු වැඩසටහන් මගින් හෝ ඒ දැනුම ලබාගත හැකිනම් අපගේ උපාධි සහතිකය ලෝකයේ ඕනෑම රටක පිළිගැනීමට ලක්වන තත්ත්වයට පත් කළ හැක. ජාතික සංවර්ධනය ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ ප්‍රාථමික ශ්‍රේණිවල සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සිදුකෙරෙන පූර්ණ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයකිනි. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත රටේම ආකල්ප වෙනසක්ද සිදුවිය යුතුය.

 

ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව තිබූ සමයේ අධ්‍යාපන අවස්ථා තිබුයේ පොදු සැලැස්මකට නොව පාලකයන්ගේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් ලබා ගැනීම සදහායි. යටත් විජිත යුගයෙන් පසුවද එය විධිමත්ව සැලැස්මකට අනුව සිදු වී නැත. මේ නිසා අධ්‍යාපන මට්මට ඉහල ප්‍රදේශ සහ පහල ප්‍රදේශ ලෙස විෂමතාවයන් නිර්මාණය වී ඇත.

ලංකාව තුල සම්පත් බෙදීයාමේ විෂමතාවයන්, භූගෝලය දුෂ්කරතාවයනුත් අනුව දිස්ත්‍රී මට්ටමින් කෝටා ක්‍රමයන් මත විශ්වවිද්‍යාල වලට දරුවන් ඇතුලත් කරනු ලබයි. නමුත් එකම දිස්ත්‍රීක්කය තුල පවතින විෂමතා පිළිබදව නොලසකයි. උදාහරණයක් ලෙස අනුරාධපුර නව නගරය සහ දුෂ්කර කැබතිගොල්ලාව පිළිබදව එකම මට්ටමෙන්  සැලකිල්ලක් දැක්වීම ගැටළුවකි. එසේම අඩු ප්‍රමාණයක් මත දුෂ්කර දිස්ත්‍රීක්ක වලින් එන ළමුන් නිසා නාගරික දිස්ත්‍රීක්කවල වැඩි ලකුණු ගත් ළමුන්ට විශ්ව විද්යාල ප්‍රවේශය අහිමි වීමද කිසිවෙකු කතා නොකරන ගැටළුවකි.

13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජාතික පාසල් සහ පළාත් සභා පාසල් යනුවෙන් වර්ගීකරණය නිසාද අධ්‍යාපනය තුල විශාල විශමතාවයක් ඇතිවි ගැටළු රැසක් නිර්මණය කර තිබේ. මේ පළිබදව උගත් පාඩම් සහ කොමිශම් සභා වාර්තාවේ නිර්දේශයන්ද ලබා දී තිබේ. දිවයිනේ ඇති ජාතික පාසල් 373 සදහා විශාල සම්පත් රැසක් ලැබූවද 9782 ක්වන පළාත් පාසල් සදහා අඩු සම්පත් ප්‍රමාණයක් ලැබේ(පාසල් සංඛ්‍යාලේඛන වාර්තාව 2020). ජාතික පාසලක ආසන්න වශයෙන් ළමුන් 2000 කට වඩා සිටියත් පළාත් පාසලක ළමුන් දල වශයෙන් 350 කට අඩු ප්‍රමාණයක් සිටින නිසා මෙම සම්පත් වෙන් කිරිමේ ගැටළුවකට නිළධාරින් පත්වේ. ගුණාත්මක අධ්‍යාපනයකට අදාල පහසුකම් සහ මෙවලම් ලබා දීම මෙන්ම විශය සමගාමී සහ බාහිර ක්‍රීයාකාරකම් සදහා යටිතල පහසුකම් වෙන්කිරිමේ දුෂ්කරතා නිසාද විශාල විශමතාවයක් නිර්මාණය වී තිබේ.

අපොස උසස් පෙළ සදහා තාක්ෂණ විශය ධාරාව, වෘත්තීය විශය ධාරාව ආරම්බ කොට වසර ගණනාවක් ගත වී ඇතත් අදටත් මෙය ක්‍රියාත්මක වන්නේ පාසල් අතලොස්සක පමණි.

එසේම Smart Class Room සංකල්පයද ආරම්භ වී වසර ගණනාවක් ගතවී ඇතත් අදටත් කොළඔ දිස්ත්‍රීක්කය වන හරයේ පිහිටි පාසල් කීපයක පමණක් බහුල ලෙස බාවිතා වූවත් බොහෝ පාසල් සදහා මෙය සිහිනයක් පමණි.

මෙය පමණක් නොව ලංකාවේ පාසල් වල සේවාව ලබා දෙන ගුරු සංයුතිය ලෙස සලකා බැලීමේදි පවා ඇත්තේ විශාල විශමතාවයකි. 2020 අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව සමස්ත ගුරු ප්‍රමාණය 249,494 කි. එහි පුරුෂ සහ කාන්තා සංයුතිය පිළිවලින් 61,747 සහ 187,747 කි. සමස්ත ගුරු මණ්ඩලයෙන් පුහුණුව ලත් ගුරුවරුන් වන්නේ 126,321 ක් පමණයි. ඉතිරි ප්‍රමාණයෙන් 121,569 ක් උපාධිධාරීන් වේ. එසේම මෙම සමස්ථ ගුරු මණ්ඩලයෙන් නව තාක්ෂණයත් සමග මුහුවිය හැකි ප්‍රමාණය පිළිබදවද ගැටළු පවතී.

නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මතුව තිබෙන ගැටලුවල කේන්ද්‍රීය ප්‍රශ්නය හා මානව සම්පත් ගැටලුවයි . ඊට ප්‍රධාන හේතුව වන්නේ ආර්ථික ගැටලු වේ. පසුගිය කාලය පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසුන් ගුරුවරුන් සහ ප්‍රගතිශීලී බලවේග වල ප්‍රධාන ඉල්ලීමක් වූයේ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6ක් වෙන් කරන ලෙසයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම වියදම සිදුකර ඇත්තේ දෙදහස් පහළොවේ දී වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.8%කි. රජයේ මුළු වියදමෙන් 14.5% කි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනෙක් රටවල් සමඟ සංසන්දනයේදී එය ඉතා අඩු අගයක් බව තහවුරු කර ඇත.

2018 වන විට අධ්‍යාපනය සඳහා රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.14%ක් විය. 2030 අධ්‍යාපන යෝජනාවලට වඩා මෙම අගය බෙහෙවින් අවම අගයකි. අධ්‍යාපනය වෙනුවෙන් 2022දී ප්‍රතිපාදන වැඩියෙන් වෙන් කිරීමට යෝජනා වී ඇතත් මෙම තත්වය හමුවේ වෙනත් කටයුතු සඳහා පමුඛත්වය දීමට සිදුව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව  උදෑසන ආහාරය ලබා නොගෙන පාසල් පැමිණෙන දරුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත දරුවන්ගේ අධ්‍යාපනය දෙවැනි තැනට දමා ආහාර මිලට ගැනීම ද සිදු වීම මෙයට හේතු වී තිබේ පවතින මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මේ වන විට මෙම දරුවන්ට උදෑසන ආහාරය සැපයීමට රජය අසමත් ව සිටී.

මූල්‍ය ප්‍රතිපාදන වල ප්‍රශ්නය නිසා අධ්‍යාපන අවස්ථා පුළුල් නොවීම පමණක් නොව නිදහස් අධ්‍යාපනය වේගයෙන් හැකිලෙමින් පවතී. පාසල් වැසී යාම වර්තමානය වන විට විශාල ප්‍රශ්නයක් වී තිබේ. එසේම පාසල් නඩත්තු කටයුතු අර්බුදයට යාම නිසාවෙන් එම වියදම් කුමානුකූලව දෙමව්පියන් වෙත පැටවෙමින් තිබේ. පාසල් ළමුන් සඳහා ලබාදෙන නිල ඇඳුම් සලාක කප්පාදු කිරීමේ උපක්‍රම සකස් කර තිබේ. එමෙන්ම පෙළ පොත් මුද්‍රණය රජයෙන් නිදහස් කර පෞද්ගලික අංශය වෙත ලබාදීමෙන් තිබෙන ප්‍රතිපාදනවලට තවත් බරක් එක්වී තිබේ.

විදේශ විනිමය සංචිත හිඟය නිසා ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ආනයනය කිරීම පෙර පරිදි සිදු නොවන බව සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට රජය ගත් තීරණය මත තවත් අතුරු ගැටලු රාශියක් නිර්මාණය වී ඇත. ලිපි ද්‍රව්‍ය මිල ඉහළ යාම මුද්‍රණ වියදම් ඉහළ යාම, පාඨමාලා ගාස්තු ඉහළ යාම, තාක්ෂණික මෙවලම් මිල ඉහළ යාම, අමතර පන්ති ගාස්තු ඉහළ යාම වැනි ගැටලු රාශියක් මතුව ඇත.

මෙවැනි දුෂ්කරතා සහ ගැටළු රැසක් පවතින ශ්‍රී ලංකීය සමාජය තුල ලොව සංවර්ධිත රාජ්‍යයන් ක්‍රියාත්මක කරන STEAM අධ්‍යාපන ක්‍රමය ලංකාව තුල ස්ථාපනය කිරිම උඩුගම් බලා පිහිණීමක් වැනිය. මෙතුලින් තවත් ශ්‍රී ලාංකික සිසු පරපුරේ විශමතාවයන් ප්‍රසාරණය වීම සිදුවෙයිද ?

ඔබේ අදහස් සදහා විවෘතයි..!

හර්ෂ නෝනිස් | දෙගම්බඩ පහුර - 2023 මාර්තු 10 







විමර්ෂන

·        China’s Education System: The Oldest in the World. (n.d.). Asia Society. Retrieved August 31, 2022, from https://asiasociety.org/china-learning-initiatives/chinas-education-system-oldesworld#:~:text=It%20may%20sound%20incredible%2C%20but

·        10 Oldest Schools in the World. (2020, January 25). Oldest.org. https://www.oldest.org/culture/schools/#:~:text=Shishi%20High%20School%20in%20Chengd

·        What does education sector mean? (n.d.). Www.definitions.net. Retrieved August 31, 2022, from https://www.definitions.net/definition/education+sector

·        CORRUPTION PERCEPTIONS INDEX 2021. (n.d.). https://images.transparencycdn.org/images/CPI2021_Report_EN-web.pdf

·        සමරකෝන්,එම්.(2018).  මූලික සමාජ විදයාව 1 කොටස. ලීඩ්ස් ග්‍රැපික පුද්ගලික සමාගම, තලවතුගොඩ

·        https://www.adaderana.lk/news/83116

·        https://www.themorning.lk/sri-lankas-economic-crisis-is-hurting-education

·        https://roar.media/sinhala/main/features/crisis-of-the-education-secto

·        http://www.cbsl.gov.lk/

·        http://repository.kln.ac.lk/

·        https://www.icta.lk/icta-assets/uploads/2022

·        අතුකොරල, ඩී. ආර්. (2005). අධ්‍යාපන මූලධර්ම ලිපි හා අධ්‍යාපන රචනා ; කේ. එස්. යු. ග්‍රැෆික්, අංක 510, රාජගිරිය පාර, රාජගිරිය.

·        අබේපාල, ආර්. (2010). අධ්‍යාපනයේ මනෝ විද්‍යාත්මක පදනම ; තරංගි ප්‍රිංටර්ස්, නාවින්න.

·       https://www.adaderana.lk/news/83116

·       https://www.themorning.lk/sri-lankas-economic-crisis-is-hurting-education

·       https://roar.media/sinhala/main/features/crisis-of-the-education-secto

·       http://www.cbsl.gov.lk/

·       http://repository.kln.ac.lk/

·       https://www.icta.lk/icta-assets/uploads/2022