Wednesday, December 29, 2021

රසායනය යටපත් කර නැගෙන කාබනිකය..!


 

හත්පොලේ ගා ගැනීම

රසායනික පොහොර ආනයනය තහණම් කිරිමත් සමග දිවයින පුරා සියළු ගොවි මහතුන් සහ වගා කරුවන් අතර හටගත් අර්බූදය ආහාර අර්බුදයක් බවට පරිවර්ථනය වන බව මාධ්‍ය වල තොරතුරු සංනිවේදනය වේ. මේ සමගම බොහෝ අත්‍යාවශ්‍ය ආහාර වල මිල ගණන්ද ඉහල ගොස් ඇති අතර වෙනත් පාරිභෝගික සේවාවන් සදහා වන අය කිරිම්ද දින දින ඉහල යද්දි මූලික ආහාර සදහා දැරිය යුතු පිරිවැයද ඉහල යාම ජීවනෝපායට තදින්ම බලපා ඇත. මෙහිදි මහජනතාව තුල ඇති පීඩනය රජයට විවිධ විවිධ ක්‍රම හරහා මහජනයා විසින් මුදාහරිමින් තිබේ.  

අතිගරු ජනාධිපතිතුමා/අග්‍රාමාත්‍ය තුමා ගේ කාර්‍ය මණ්ඩලවල ඉහල වැටුප් ලබමින් මධ්‍ය නිළධාරින් ගොන්නක් සේවය කරන නමුත් රජයේ සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලැසුම් නිවරැදිව සංනිවේදනය නොවීමේ ඵලවිපාක නිසා ඉහත කී පීඩනය මහජනතාව තුලත් ඒ හරහා රජයටත් එල්ල වී ඇත.

පසුගිය කොරෝනා සමයේ කාර්යාල සහ සාප්පුවලට ඇතුලුවීමේදි කඩදාසි වල තොරතුරු ලබා ගැනිමක් සිදු කරන ලදි. ඒ සදහා විකල්ප ක්‍රමයක් ලෙස දුරකථන ඇප් එකක් හරහා අදාල තොරතුරු ලබා ගැනීමට ක්ෂණයකින් ක්‍රම සම්පාදනය වූ අතර ඒ පිළිබදව නිසි පරිදි ජනතාව දැනුවත් වීම් නොකර සැලැසුම් ක්‍රියාවට නැංවීය. ඒ නිසා එය එතරම් සාර්ථක නොවු අතර ආයතන තවමත් බහුල ලෙස බාවිතා කරනුයේ කඩදාසි සහ පෑන්ය. (ආයතන රැසක් මේ වනවිට එයද සිදුනොකරන තත්වයට පත්ව ඇත)

කාබනික පොහොර සදහා මාරුවීමත් එපරිද්දෙන් සැලසුම් සහගත ලෙස දියත් නොකෙරෙනු වැදගත් ප්‍රතිපත්තියකි. මේ හරහා රසායනික පොහොර වෙළදාමේ සිටින අයත් ඒ සදහා සේවා සපයන ආදායම් උත්පාදනය කර ගන්නා අයට වන ඉරණම පිළිබද පූර්ව තක්සේරුවක්ද සිදු නොකර ඇති බව පෙනේ. පෙරකි පරිදි මේ තුලින් ඇති වී ඇති අර්බූදය විසදීම පිණිස විශේෂ කාර්‍ය සාධක බලකායන් ඇති කර ඇති අතර එහි කටයුතු කිරිම සදහා මාධ්‍ය ප්‍රදානීයෙක්ද සිටී. නමුත් ඔහුගේ මාධ්‍ය ආයතනය තුලත් තවමත් වැඩි වැඩියෙන් ප්‍රචාරය වන්නේ කාබනික පොහොර බාවිතයේ විරෝධතා බහුල වශයෙනි. කාබනික පොහොර බාවිතයේ සාර්ථකත්වය නිවරැදිව සම්ප්‍රේෂණය වන්නේ සමන්තභද්‍ර හිමියන්ගේ අසපු පරිශ්‍රය සම්බන්ධව ක්‍රියාත්මක යූටියුබ් නාලිකා හරහා පමණි.

රජයේ මුදල් වලින්ම රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරිම

තවද කාබනික පොහොර ප්‍රවර්ධනය සදහා සුප්‍රසිද්ධ ප්‍රචාරක සමාගමක් කටයුතු කරන බවත් ඒ සමාගමේ හිමිකාරත්වය සතු ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සමාගමක් කාබනික පොහොර සදහා විරෝධතා ඇති බව පුවත් නිර්මාණය කර සමාජ මතයක් බලෙන්ම පෙන්වා සිටින බවක්ද යනුවෙන් මතයක් තිබේ. ප්‍රාග්ධනය හිමි ව්‍යාපාරික පැලැන්තිය විසින් සමාජය හැසිරවීම සදහාත් තම තමන්ගේ කුට්ටිය වර්ධනය කිරිමට ක්‍රම සම්පාදනය කරන අතර මහජනතාව නිළධාරින් සහ දේශපාලකයෝ අතර පන්දු යවමින් එකි ප්‍රාග්ධන බලය හිමි ව්‍යාපාරිකයන් මාධ්‍ය හිමිකරුවන් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා ක්‍රියා කරයි.

ප්‍රස්තූතයට බදුන්වී ඇති කාබනික පොහොර ගැටළුව පිළිබද ජයවර්ධනපුර සරසවියේ සමාජවිද්‍යාව පිළිබද ශ්‍රාස්තපති උපාධිය ශිෂ්‍ය කණ්ඩායමක දේශනයක් සදහා පැමිණි ආරාධිත දේෂකයෙක්ගේ අදහස් නිසා මේ පිළිබද මා තුල උනන්දුවක් ඇතිවිය. මා නිතර ගමන් කරන රත්තනපිටිය බොරලැස්ගමුව වෙල්යාය ප්‍රදේශයේ ඇති කූඔුර වල බහුතරයක් මේ වන විට වගා කර ඇත්තේ කාබනික පොහොර වර්ගවලිනි. මා නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන්ද කටයුතු කරන නිසාත් මගෙන් විය යුතු සේවාවක් ලෙස සලකා මෙම ප්‍රවාත්තිය මහජනතාව වෙත දැනගැන්විම සැලැස්වීම උදෙසා මාධ්‍ය නියෝජිතයන් සමග අදාල වෙල්යාය තුල දෙසැම්බර් 29 වන දින පෙරවරුවේ අදාල ගොවිමහතුන් කිහිප දෙනෙක් සමග සාකච්ඡාවක් සූදානම් කරන ලදි. එහි විඩියෝවන් මේ සමග අමුණා ඇත. මේ ගොවි මහතුන් සමග සාකච්ඡා කිරිමේදි පෙනී යන්නේ කාබනික පොහොර වල සාර්ථකත්වයයි. තවද කාබනික පොහොර භාවිතය සදහා විරෝධය දක්වන ගොවිමහතුන්ගේ ක්‍රියාවන් සදහා වන හේතු සාධකද කියවිනි. පොලොව සමග හෙට්ටු වන ගොවි මහතුන් සාතිශය බහුතරයක්ද දේශපාලන පක්ෂ වලට ගැති අයම වෙයි. මුල් අවස්ථාවේදි සියළු දේශාපලාන මත ඇති ගොවියෝ විරෝධතා සදහා එක්වූවද මේ වන විය බොහෝ ගොවියෝ කාබනික පොහොර සදහා මාරු වී ඇති බව කියවේ. තවද රසායනික පොහොර සමාගම් සහ රජයට විරුද්ධ පාර්ශව මෙන්ම අර්බූදයක් මවා පා ඒතුලින් කූට ලෙස ආර්ථික වාසි ගන්නා මාධ්‍ය සහ ප්‍රචාරක ආයතන හිමි ව්‍යාපාරිකයන්ගේ දිරිගැන්වීමෙන් කාබනික පොහොර සදහා විරෝධතාවය දක්වන්නන් කටයුතු කරන බවද පැවසේ.

ඊයේ බොරලැස්ගමුව ගොවීන් මතු කල ගැටළු සම්බන්ධව කොළඔ දිස්ත්‍රීක් ආසන සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා සමග සම්බන්ධව දුරකථනයෙන් සාකච්ඡා කිරිමේදි වාර්තා වූයේ කොළඔ දිස්ත්‍රීක්කයේ ‌හෙක්ටයාර 6000 කට ආසන්න ප්‍රමාණයක් වී වගා කර ඇත්තේ කාබනික පොහොර වලින් බවයි. අතිශය නාගරික කොළඔ දිස්ත්‍රීක්කයේ මෙසේ කරන්නට හැකිනම් ඒ තොරතුරු සමාජ ගත නොවීමත් විරෝධතා පමණක් සමාජ ගත වීමේ හේතුව ඊනියා ධනවාදි මාධ්‍ය සහ ව්‍යාපාරික පැලැන්තියේ කූට ව්‍යාපාරයක් බව සනාථ නොවන්නේද ?

https://www.youtube.com/watch?v=ssiT9HOhWBI&t=3s 


https://www.youtube.com/watch?v=8zI-Fzle0eM


https://www.youtube.com/watch?v=xaDwAukSc88&t=6s



https://www.youtube.com/watch?v=DA_eMHuXjaE


Friday, December 24, 2021

දෙරණ දිලිත් සහ බොරලැස්ගමුවේ අනුරුද්ධ ගේ කාබනික වෙල්යාය ...!

දෙරණ මාධ්‍ය ජාලයේ සහ තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරු දිලිත් ජයවීර මහතා පසුගිය මාසයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය හදාරන කණ්ඩායමක ආරාධිත දේශනයක් සදහා පැමිණියා.

එහිදි ඔහු විසින් කාබනික පොහොර සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කලා..රජයේ කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහනේ යම්කිසි කාර්‍යයක් ඔහුට පැවරී ඇති බවද කියවුනා.

.

නමුත් ඔහුගේ අදහස වුනේ මේ සංකල්පය ක්‍රියාත්මක කල ආකාරයේද ගැටළුවක් ඇති බවයි. සුවිශාල රසායනික පොහොර වෙළද ව්‍යාපාරයක් හිමි තැනක් ක්ෂණයකින් වෙනස් කිරිමේදි එම වෙළදාමට සම්බන්ධ ව සිටින පාර්ශවයන්ගේ ඇතිවිය හැකි බලපෑම,එම පාර්ශවයන්ගේ වෙළදාමට සහ ඒ වෙලදාම නිසා යැපෙන පවුල්වලට ඇති බලපෑම පිළිබද කිසිදු තක්සේරුවක් නොකර මෙය ක්‍රියාත්මක කර ඇති බවයි ඔහුගෙන් කියවුනේ. 

.

රසායනික පොහොර කාබනික පොහොර බවට පරිවර්තනය කිරිම සදහා මහා පරිමාණ වී මෝල් හිමියන්, පොහොර ආනයන කරුවන් ද සම්බන්ධ කර ගත්තේ නම් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකියාව තිබුනු බව ඔහු වැඩිදුරටත් පැවසුවා. 

.

‌එසේම අද දෙරණ ප්‍රවෘත්ති කණ්ඩායමත් තොරතුරු වාර්තා කිරිමේදි රසායනික පොහොර කර්මාන්තය සදහා වැඩි කාලයක් යෙදෙවන බවත්, ඔවුන් සදහා වැඩමුළු පැවැත්වූවත් එය සාර්ථක වී නොමැති බවත් වැඩි දුරටත් විස්තර ප්‍රකාශ වුනා.

.

කරුණු මෙසේ සිදුවෙද්දි කොළඔ දිස්ත්‍රීක්කයේ බොරලැස්ගමුව කියන්නේ ඉතාමත් නාගරික ප්‍රදේශයක්. රත්තනපිටිය සහ බොරලැස්ගමුව නගරය අතර ඇති පිල්ලෑව විහාරය අසල වෙල්යාය කෝට්ටේ රාජධානිය කාලේ සිට ගොවිතැන් කල වෙල්යායයක් බවයි කියවෙන්නේ. වර්තමානයේ ඉතිරි ව ඇති ප්‍රමාණයේ කුඔුරක් පවත්වාගෙන යන දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ රියදුරු වෘත්තීයේ යෙදෙන අනුරුද්ධ මහතා එම වෙල්යායෙන් අක්කර 4 ක් පමණ වගා කරන ගොවියෙක්. කාබනික පොහොර පමණක් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් අවධියේ ඊට විරුද්ධ මතයක් දැරූ අයෙක්. නමුත් වර්තමානයේ ඔහුගේ මතය සම්පුර්ණයෙන් වෙනස්.. 

බලන්න ඔහුගේ වීඩියෝ.. අහන්න හඩත්...

ඔහු ආරාධනා කරනවා ඔහුගේ කුඔූරට...මේ ගැන උනන්දුවක් දක්වන අයට.... 

.

ප්‍රජාවට වැදගත් තිරසර සංවර්ධන 2030 ඉලක්ක වල කියවෙන සුරක්ෂිත ආහාර පද්ධතියක් ලබා ගැනීම කියන සංකල්පයට යන්න තිබුනු ලස්සන මගක් චක්‍රලේඛ වලට මුවාවෙලා නිලධාරිවාදය නැමැති ජුන්ටාව විසින් විනාස කිරිමේ විපාකයක් තමයි පහුගිය කාලේ අපිට දකින්නට අහන්නට ලැබුනේ. 

.

හැම‌ දේටම එහෙයි කියන, සුදුසු ක්‍රමවේදය යෝජනා නොකරන, මාසික වේතනය සහ වෙනත් වරදාන ආරක්ෂා කර ගැනීමට පමණක් අරමුණ ඇති බොහෝ නිලධාරින් සහ නිලධාරිවාදය නිසා යථාර්තයක් කර ගත හැකිව තිබු දෙයක් අපෙන් දුරස් වී ඇත.

.

සමාජ විද්‍යාව ඉගෙන ගන්නා සිසුවෙක් ලෙස සමාජීය ගැටළු සදහාත් මාගේ මේ සටහන පිළිබදවත් සමාජ මාධ්‍ය තුල අන් අය දක්වන අදහස්/විවේචන ගෞරවයෙන් යුතුව පිළිගනිමි. සැමගේ අදහස් අධ්‍යයන කටයුතු වෙනුවෙන් උපකාරි කර ගැනීමට බලාපොරොත්තු වේ..!

පහත වීඩියෝව නරඔන්න. 

https://youtu.be/Wr0uIa8XwJU