Thursday, April 23, 2015

අධ්‍යාපන බලධාරින්ගේ සිංහල සහ දෙමළ සංස්කෘතික කප්පාදුව




පසුගිය 21 වනදා පාසල් වල දෙවන වාරය ආරම්භ විනි. පළමුවාරය සදහා නිවාඩු ලබා දුන්නේ අප්‍රේල් මස 8 වනදාය. පළමු වාර නිවාඩුව දින 12කි. සති දෙකක් වත් නැත. ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරයේ බහුතර ප්‍රමණයක් සිංහල සහ දෙමළ සිසු සිසුවියෝ වෙති. 

අප පාසල් වන කාලයේ නම් පළමු වාර නිවාඩුවද අනෙක් වාර මෙන් මාසයකට ආසන්න කාලයක් ලැබුනි. නමුත් දැන් වසර කීපයක සිට එහි දින ගනන් අඩු වෙමින් පවති. 

එසේ වන්නේ ඇයි ?


බොහෝ පාසල් වල පළමු වාරය අධ්‍යයන චාරිකා සහ ක්‍රීඩා උත්සව සදහා වෙන් කර ඇත. අපේ කාලයේ නම් එවැනි කටයුතු සංවිධානය වුයේ හෝ පුහුණුවීම් බහුලව කරනු ලැබූයේ පාසල් වෙලාවෙන් පසුවය. නමුත් දැන් දැන් ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය අවසන් වන තෙක් බොහෝ පාසල් වල ඉ‍ගැන්වීම් කටයුතු සිදුවන්නේ අල්ප වශයෙනි. බොහෝ පාසල් වල සිසු සිසුවියන් අදාල මාස වලදී සිටින්නේ විවේකයෙනි.
එසේ වන්නේ ගුරුවරුන්ද ක්‍රීඩා උත්සව යැයි කියමින් ඉගැන්වීමට නොපැමිණෙන නිසා වෙනි. මේ නිසා මේ ඉගැන්වීම සදහා අහිමිවන කාලච්ඡේද ගණන ආවරණය කරගනුයේ පළමු වන වාර නිවාඩුවෙනි.

මෙය කොතරම් සාධාරණද ?

අවුරුදු කාලය යනු සිංහල සහ දෙමළ ‍‍බොහෝ පිරිස් පවුල යන සංකල්පයේ බැදෙන කාලයකි. බොහෝ පවුල් තමන්ගේ මුල් ගම් නෑදැයන් හමුවන්නේ මේ කාලයේදිය. එසේම ‍බොහෝ දෙනා දෙමව්පියන්ට නෑදැයන්ට බුලත් දී වදින්නේද ගෞරව කරන්නේ ද මේ මාසයේය. 

එබැවින් සංස්කෘතික බැදීම් තහවුරු වන මෙවැනි වැදගත් සංස්කෘතික මංගල්‍යයක් සැමරීම සදහා ඇති දින ගනන අධ්‍යාපන බලධාරින්ගේ අසංවිධානාත්මක හේතූන් නිසා කපා හැරීම සදහා කටයුතු සලස්වන්නේ නම් ඒ සදහා සිංහල සහ දෙමළ අපි ‍අවදියෙන් මෙය වෙනස් කර ගැනීම සදහා කටයුතු සම්පාදනය කර ගත යුතු යැයි විශ්වාස කරමි...

ඔබ මොකද හිතන්නේ මේ ගැන....



No comments:

Post a Comment