Wednesday, February 28, 2024

ප්‍රියාගේ සම්මානයෙන් සමාජය චූන්වීම, වත්මන් සමාජයේ ආනන්දයෙන් ප්‍රඥාව යන්න පුස්සක් බව කියවීමක්ද ?

 

                                                


පසුගියදා අවසන් වූ සුමති සම්මාන උළෙලේ ආකර්ෂණීය අවස්ථාවක් ලෙස ප්‍රියා සූරියසේන ඇගයීම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු  දකින කාටත් අරුමයක් නොවේ.

මෙය ලියන මාගෙත් නව යොවුන් කාලයේ ප්‍රියතම ගායකයෙක් වශයෙන් ප්‍රියා  හැදුන්විය හැකිය. මා පාසල් ආවේ මොරටුව සිට අප අනන්ද නාලන්දා අ‍‍පේ සහෝදර පාසල් දෙකටම පොදු වූ බස් රථයේ වන අතර සෑම දිනකම ප්‍රියාගේ ගී බසය තුල රැව් දිනි. ඒ තරමටම ප්‍රියා එකල ජනප්‍රිය වූයේ අපේ හදවත් සොරා ගත් නිසාවෙනි. පසුගිය සුමති සම්මාන උළෙලදි ප්‍රියා සම්මාන ලබද්දි එය මෙතරම් හිට් විම සිදුවන්නට ඇත්තේ ඒ ලබැදි ගීත වලටත් වඩා ප්‍රියාගේ අසනීප තත්වය නිසාවෙන් විය හැකිය.

නමුත් එදින ප්‍රියාට කලින් යූ ඩබ්ලියු සුමතිපාල සම්මානය එදින ලැබුයේ එතෙක් සිංහල සම්ප්‍රදායික වේදිකාව උඩුයටිකුරු කල, තමන් විසින් රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කල සෑම නිර්මාණයකටම සම්මාන ලබාගත් මෙදින  සම්මනා ලබාගත් බොහො රැඩිකල් තරුණ කලාකරුවන්ගේ මූලය වන ධර්මසිරි භණ්ඩාරනායක ය. ඔහුගේ නාට්‍ය සැම විටම ගැලරිය චූන් පිනවීමකට වඩා  දැනුම සහ පෙළඔවීම සපිරුණු අපට හිතන්නට සැලැස්වූ සැබෑ  වින්දනීය නිර්මාණයි. මාධ්‍යයේ මූලික සංකල්ප වන දැනුම, විනෝදය සහ පෙළඔවීම යන තුන් ප්‍රපංචයන්ගෙන් සෑම කල්හිම ඔහුගේ නිර්මාණ සමන්විත විය.

සමාජයක ක්‍රියාත්මක අසම්මත පැතිකඩ ගැන කියවෙන හංස විලක්, තුන්වෙනි යාමය, සුද්දිලාගේ කතාව , බව දුක සහ බව කර්ම අතිශයින් ජනප්‍රිය චිත්‍රපටයි. බව දුක සහ බවා කර්ම චිත්‍රපට ශ්‍රී ලංකාවේ බුදුදහමේ සමහර ලක්ෂණ වලට අභියෝග කළේය. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ඇති ගැටුම්කාරී ජීවිත, පෞද්ගලික ජීවිත පොදු කටයුතු බවට පරිවර්තනය වීම, විවාහයේ සහ සමාජයේ අප්‍රසන්න යථාර්ථය සහ මිනිස් ආශාවන්හි  අඳුරු පැතිකඩ කලාත්මකව ඔහු ප්‍රතිනිර්මාණය කලේය.

එසේම ඔහු විසින් නිෂ්පාදනය කරන ලද එකා අධිපති, මකරාක්ෂය, ධවල භීෂණ,යක්ෂගමනය සහ ට්‍රෝජන් කාන්තවෝ වැනි වේදිකා නාට්‍ය බොහොමයක් ජාතික හා දේශපාලනික වශයෙන් වැදගත් වන කාලීන ප්‍රශ්න කියවෙන ආන්දෝලනාත්මක චිත්‍රපටයි.  සමාජ විද්‍යාවේ කියවෙන සමාජයක ප්‍රධාන සංස්ථා 5 වන පවුල, ආර්ථික, අධ්‍යාපන, දේශපාලන, ආගමික යන සංස්ථා සියල්ලම ආමන්ත්‍රණය කිරිමට ඔහුගේ සෑම නිර්මාණයකදීම සිදු කල අතර කාලානුරූපිව ඒ ඒ සමාජ හැඩයන්හි ඇති ඒ ඒ සංස්ථා 5 තුල නිර්මාණය වන තත්වයන් එම නිර්මාණ තුල සංවාදයට බදුන් විය. බොහෝ අවස්ථාවල ඔහුගේ නිර්මාණ පැවති දේශපාලන නායකයන් දැඩිව විවේචනය කලේය.

එම සම්මාන උළලේදි ඔහුව ඇගයීමත් එම සම්මාන උළෙලට කිසිදු වෙනත් කිසිදු දේශපාලන කේෂත්‍රයේ කිසිම කෙනෙක් සම්මබන්ධ නොවීමත් නිසා සැබෑ ඇගැයීමක් ලද බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුයි. ඔහුට එම සම්මානය පිරිණැමුණු මොහොතේ කලක් තරුණයන්ගේ සිත්වල රැදි සිටි ආදරණීය යශෝධා විමලධර්ම කලාකාරණියගේ හේතු පාඨයටත් වඩා ඇගේ සුමියුරු කටහඩ සහ වචන උච්චාරණයට සිදුව ඇති ශෝචනීය තත්වය ප්‍රියාගේ සම්මානයෙන් පසුව ඇති තත්වය නිසා යටපත් විය.

                                   
  


කලාකරුවන් යනු ප්‍රතිනිර්මාණ කරුවන්ය. ඔවුන්ගේ නිර්මාණ වලින් විය යුත්තේ සමාජයක් පෝෂණය කිරිමකි. වර්තමාන බොහෝ හරසුන් නාට්‍ය වලින් කියවෙන සමාජ සංස්ථාවල කඩා වැටීම සහ තවදුරටත් කඩා වැටීම පෝෂණය කරන අතර මිනිස් චිත්ත සන්තානය තුල පවුල් ආරවුල්, දික්කසාද, අසම්මත සම්බන්ධතා සාමාන්‍ය දෙයක් බවට හිතන්නට සලස්වයි.

කලාකරුවන් රැසක් සිට් ඒ ස්වර්ණමය රාත්‍රියේ එකිනෙකට වෙනස් හැඩතල දෙකක කලාකරුවන් දෙදෙනෙකු  සුමති සමිමාන සංවිධායකයන්ගේ ඇගයිමකදි සමාජය විසින් ශ්‍රී ලාංකීය සමාජයට නැවත හිතන්නට සැලැස්වූ ධර්මසිරි භණ්ඩාරනායක කලාකරුවන් ඉස්මතු නොකිරිම මා පෙරකි සමාජ සංස්ථා සියල්ලම කඩා වැටි බව සනාථ නොවේද ?