Monday, September 19, 2022

බන්ධනාගාර කුස්සියේ මැරිච්ච පූසා සහ ජරා ගැහැණූ..!

වැලිකඩ කුස්සියේ රංජන්ගේ මැරිච්ච පූසා සහ
පැපිලියානේ දමිතාගේ ජරා ගෑණු..!


පසුගිය සති අන්තයේ ජයවර්ධනපුර සරසවියේ සමාජවිද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය හදාරන අපේ කණ්ඩායම කේෂත්‍ර අධ්‍යයනයකට ගියා වැලිකඩ බන්ධනාගාරයට.

ලංකා‌වේ සම්පූර්ණ බන්ධනාගාර වල මේ වනවිට 24000 ක පමණ ප්‍රමණායක් දඩුවම් විදිමින් හෝ රදවා තබමින් තිබෙනවා. ඉන් 1236 ක් මරණීය දණ්ඩනයටද 394 ක් ජීවිතාන්තය දක්වාද සිර දඩුවම් විදිනවා.

මෙම කේෂත්‍ර අධ්‍යයන චාරිකාව තුලදි අපිට දකින්න ලැබුනු දෑ අතරින් සූවිශේෂි වු කරුණු දෙකක් මෙම සටහනේ තබන්න මට හිතුනා.

පසුගියදා සිරෙන් නිදහස් වූ රංජන් රාමනායක මහතා පැවසූවායැයි වාර්තා වූ අඩුපහසුකම් සහිත බන්ධනාගාරයේ පරිප්පු හොද්දේ සිටි පූසා කතා පුවත සම්බන්ධයෙන් එක සටහනක්. අපිට පුළුවන් කම ලැබුනා මෙහි කුස්සියේ සම්පූර්ණ නිරීක්ෂණයක යෙදෙන්න. එහිදි අපි දැක්ක දෙයක් තමයි බොහෝ ආපන ශාලාවන්ට වඩා පිරිසිදුව එම ආපන ශාලාව පවත්වාගෙන යන ආකාරය. එදින දිවා ආහාරය සදහා පරිප්පු හොද්දක් සකස් කරමින් තිබු අතර ඉතාමත් පිරිසිදුව සහ රස නහර පිරෙන පරිදි සුවදිකින්ද එය යුක්ත වුනා. ගෝවා, අළුකෙසෙල් සහ බතල සකස් කෙරෙමින් තිබූ අතර එම ඒ්වාද ඉතාමත් නැවුම් තත්වයේ තිබ්බ බව තමයි නිරික්ෂණය වුනේ. වාශ්පයෙන් තැම්බෙන විශාල බත් කල්දේරම් 6 ක් පමණ තිබූ අතර ඒවා නවීන තාක්ෂණයෙන්ම යුක්ත බවයි හැගුනේ. කිලෝ 25 සහල් පැකට් එකක් එක්වරකට එම කල්දේරමකට දමන අතර තෙවතාවක් පමණ එම සහල් සෝදන ආකාරයක් දිස්වුනේ. ආහාර ද්‍රව්‍ය සෝදන විට අප ජලය ගලා යාම සදහා වෙනම ක්‍රමයක්ද සකස් කර තිබුනා. එසේම තුනපහ වර්ග සහ අනෙක් කොටස් නිකුත් කිරිම සදහා පාලිත ගබඩාවක්ද තිබුනා. දියවැඩියා වැනි රෝගීන් සදහාද ආහාර නිකුත් කිරිමේ ක්‍රමවේදයක් එහි ක්‍රියාත්මක වුනා. මෙම අහාර සකස් කිරිම සදහා රැදැවියන් විසින්ම නිෂ්පාදනය කල යන්ත්‍රද බාවිතා වන බවට අපි නිරික්ෂණය කලා. (ඒ සම්බන්ධව වෙනම සටහනක් පසුවට තියන්නම්) මාස ගාණක් එහි රැදී සිටිමින් බොහෝ රැදවියන්ට නැති  පහසුකම් භුක්තිවිදිමින් සිටි අයෙක් මහ සමාජයට පැමිණ අරවගේ මතයක් සමාජ ගත කිරිම සුදුසු නෑ කියලයි මට හැගෙන්නේ.

ඒ වගේම මෙහි රැදැවියන්ගේ සංගීත කණ්ඩායම ගැන විශේෂයෙන් සදහන් කලයුතුම වෙනවා. 

මම හිතන්නේ මහා සමාජයේ සිටින බොහෝ සංගීත කණ්ඩායම් වලට නොදෙවෙනි ශිල්පීන් පිරිසක් එම කණ්ඩායමේ සිටිනවා. ජීවන ගමනේ එක් අවස්ථාවක ගත් ක්ෂිණික තීන්දුවකට දඩුවම් විදින ඔවුන් තම ජීවිතය විදින්නේ දැන් මෙවැනි කටයුතු වලින්. මම හිතන්නේ අපේ කණ්ඩායමේ 75 කට ආසන්න පිරිසක් ඔවුන් විසින් ඉහලින්ම සතුටු කලා. එදින ගායනා ඉදිරිපත් කල සියළු දෙනා ඉතාමත් ඉහලින්ම එම ඉදිරිපත් කිරිම් කලා.  මොවුන් ගෙන් සමන්විත විශාල ප්‍රසංගයක් පසුගිය වසරේ දෙසැම්බර් මස භණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වා එය ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රදර්ෂනය කර තියෙනවා.

බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන) චන්දන එකනායක මැතිතුමා මේ රැදවියන් වෙනුවෙන් විශාල කාර්‍යයක් සිදු කරන බව සදහන් කල යුතුම වෙනවා. පෙර කී සංගීත සංදර්ශනයට අපේ ගමට යාබද පැපිලියාන ගමේ දමිතා අබේරත්න මැතිනිය තවත් ශිල්පීන් සමග මෙම රැදවියන් පුහුණු කිරිම්ද කර තිබේ. මෙම ප්‍රසංගයේදි චන්දන ඒකනායක මහතා සමග ප්‍රධාන වේදිකාවේ සතුටින් රංගනයක් පවා දක්වනවා වීඩියෝව තුල තියෙනවා. (එය ස්වාධීන රූපවාහිනයේ විකාශණය කර ඇත)

https://www.youtube.com/watch?v=N4PHQtfUe0g



නමුත් ඒලෙස බන්ධනාගරය සමග සහයෝගයෙන් කටයුතු කල පසුබිමක පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ බන්ධනාගාරයේ සිටි කාන්තාවෝ අර ගලෙන් පස්සේ ජරා ගෑණු වුනේ කොහොමද? 

බන්ධනාගාරගතව ඉදලා උපාධියක් ගත් උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ සහෝදරයා මේ වන විට පශ්චාත්  උපාධියත් කරලා මේ වන විට ආචාර්‍ය උපාධියේ අවසන් අවස්ථාවේ සිටිනවා. අවසාන වශයෙන් ඔහු කි වචන කිපයක් උපුටා දක්වන්න කැමතියි ...

මෙකේ ඇතුලේ අපිත් එක්ක ඉදලා ආශ්‍රය කරලා මේක ගැන එළියට ගිහින් මයික් ඉස්සරහා බොරු කියන චරිත ගැන එළියේ ඉන්න අය රැවටුනාට ඇතුලේ ඉන්න අය රැවටෙන්නේ නෑ...