Monday, October 25, 2021

Made in SRI LANKA විසිකර එයම IMPORT කරන ඉංදියන් සාගරයේ (අ)මුතු ඇටය

හරි පුදුම ඉස්කෝලේ කියාලා පොතක් තියෙනවා.. මම ඒ්ක කියෙව්වේ දැනට වසර කිහිපයකට කලින්. පොතේ අන්තර්ගතයට සමාන නොවුනත් අපේ රට ගැන හිතද්දි නම් අපිට හිතන්න වෙන්නේ හරි පුදුම ලංකාවක් කියලයි. අපේ රටේ මේතාක් බුද්ධිමතෙක්ට ඉඩක් ලැබෙන පාටක් පේන්න නෑ. එක්තරා කාලයක ලංකාවේ රජයක් දුම්රිය සේවාවේ සිල්පර කොටන් වෙනුවට කොන්ක්‍රීට් සිලින්ඩර කොටන් ගැන උපදෙස් ගන්න ස්විස්ටර්ලන්තයෙන් විද්වත් පිරිසක් ගෙන්වුවා. නමුත් ඔවුන්ට අන්තිමට වුනේ ලංකාවේ කොන්ක්‍රිට් විශේෂඥයෙක් වෙච්ච ඉංජිනේරු ඒ එන් එස් කුලසිංහ නොහොත් කොන්ක්රීට් කුලසිංහ මහතාගෙන් උපදෙස් ගන්න. අවසානයේ ස්විස්ටර්ලන්තයෙන් ආපු අය කුලසිංහ මහතාගේ ක්‍රමය ලංකාවේ රජයට ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දීලා ගිය බව තමයි සදහන් වෙන්නේ. කුලසිංහ මහතා සම්බන්ධ මේ වගේ සිද්ධි ගණනාවක් වාර්තා වෙනවා.


කැළණිය ටයර් කම්හල ,යක්කල ලංකා ලෝහ කම්හල ඔරුවල වානේ කම්හල ඉදිකිරීම සඳහා මූලික අදහස කුලසිංහයන්ගේ ය. පසු ව 1962ජනවාරි 02 වනදාා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටවා එහි සභාපති ධුරයට පත් වූ අතර 1970 වන විට මෙතුමා ව මෙම ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට සියලු කුමන්ත්‍රණ සකස් වී තිබුණි. මේ සියලු තනතුරු හැර දමා කුල සිංහයන් මැලේසියාවට ගියේ ECATE නම් ජාත්‍යන්තර වැඩපිළිවෙළට සම්බන්ධ වීමටය. මැලේසියාව ඔහුව ඒ සඳහා සාදරයෙන් පිළි ගත්තේය. කුලසිංහයන් මැලේසියානුවන්ට කොන්ක්‍රීට් බෝට්ටු සෑදීමට අවශ්‍ය දැනුම ලබා දුන්නේ මේ කාලයේ දීය.මෙහිදී එක් දෛවෝපගත සිදුවීමක් සිදු විය.ලංකාවේ එවකට නිවාස අමාත්‍ය වරයා අඩු වියදම් නිවාස ගැන උපදෙස් ලබා ගැනීමට මැලේසියාවට ගියේය.එහි දී දේශන පැවැත්වූයේ ඉංජිනේරු සංස්ථාව ඉවතට විසි කළ ඉංජිනේරු කුලසිංහයන් වීම අමාත්‍යවරයා පුදුමයට පත්විය.


පොහොර සමාජ ගැටළුව

මීට වසර ගණනාවකට කලින් නැනෝ තාක්ෂණය ගැන මතය ආ දවස්වල ලංකාවේ(මේ අපේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ) ඉංජිනේරු වරියක් මුල්වරට නැනෝ තාක්ෂණයෙන් නයිට්‍රජන් පොහොර දියරයක් නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් එදා මෙදා තුල ලංකාවේ කිසිදු රජයක් මේ ගැන කිසිදු සහයෝගයක් දීලා නෑ. මේ සදහා ලංකාවට පේටන්ට් බලපත්‍ර 3 ක් ලැබිලා තියෙනවා. දැන් එක පේටන්ට් එකක හිමිකාරිත්වය තියෙන්නේ ඉංදියාවට.(තියාගෙන ඉදලා වැඩක් නැති නිසා වැඩක් ගන්න පුළුවන් කෙනකුට විකුණලා). දැන් ලංකාවේ පොහොර ප්‍රෂ්නය උඩුදුවලා. ඒ අතර අර නැනෝ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරපු නයිට්‍රජන් දියර පොහොර ලංකාවට ඉන්දියාවෙන් එනවා. හරි පුදුම ලංකාව වෙන්නේ එහෙමයි.

අපේ එකෙක් කලාම අගයක් නෑ. ඒ්ක පිටරැටියෙක්ගෙන් ආවම තමයි අපේ රටට වටින්නේ.

බලන්න මේ විඩියෝව මේ පොහොරෙන් ඇති ප්‍රතිලාබය..






 

Tuesday, October 5, 2021

අපේ සර්ට මගේ අභියෝගය..

 

සිදුහත් කුමරු සාරාසංඛ්‍යෙ කල්පලක්ෂයා පුරා එකට පැමිණි යශෝධරා රාහුල කුමරු තනිකර දමා ගිය එක හරිද වැරදිද කියලා මගෙන් ආදරණීය ගුරුවයෙක් ඇහුවා..

මම සමාජ විද්‍යාව හදාරපු කෙනෙක් නෙමේ...

සර්ට මගේ අභියෝගය..

සමාජ විද්‍යාවේ පියාට වඩා සිදුහත් කුමාරයා ගත්ත තීන්දුව හරිද වැරදිද ?

සමාජ විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඔගස්ට් කොම්ට 1825 දී  කැරොලින් මෙසින් නම් කාන්තාව හා විවාහවෙයි. ඇය ගණිකාවක් හා අවජාතක තරුණියක් බව පැවසේ. කෙසේ වෙතත් මෙම විවාහයට කොම්ටගේ ධනවත් දෙමාපියන් දැඩිසේ විරුද්ධවූ බව පැවසේ.1826 දී කොම්ටි මානසික රොගියකු ලෙස මානසික රොහලට පවා ඇතුලත් වීමට සිදුවූ බව කියැවේ. 1827 දී ඔහු සියදිවි නසාගැනීමටද උත්සහ කලේය. නමුත් 1839 දි පමණ සමාජ විද්‍යාව නමින් විශ්‍යක් නිර්මාණය කිරීමට මොහු සමත් විය.

මොහු 1827 දි කළකිරිම නිසා සිය දිවි නසා ගත්තේ නම් එමිල් ධුර්කයිම්ට සියදිවි නසා ගැනීම් ගැන මතයක් ප්‍රකාශ කරන්නට ලැබෙන්නේද නැත. සමාජ විද්‍යාවක්ද නැත.

සිදුහත් කුමාරයා සතර පෙර නිමිති දැක, නිළියන්ගේ විකාරත් දැක කළකිරි සිටි අවස්ථාවේ රාහුල කුමාරයගේ ඉපදිම නිසා(සර්ට හිමිනමක් චන්න ඇමතිය සම්බන්ධ වෙනත් කරුණක් කියලා තියෙනවා. ඒ කරුණ සත්‍ය නම්) ඇතිවු පට්ට කලකිරීමෙන් ඔගස්ට් කොම්ට් මෙන් සිය දිවිනසා ගැනිම වැනි තීන්දුවක් නොගෙන අභිනිෂ්ක්‍රමණය වැනි සාධනීය තින්දුවක් ගැනීම සාධාරණ නොවන්නේද ?‍