Friday, March 8, 2024

ඔටාවා සහ ලංකාවේ මාධ්‍ය...!

ලෝකයේ ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් වන කාන්තාවන් සැමරීම සදහා වෙන්කර ඇති මාර්තු 08 ශ්‍රී ලංකිකයන්ට උදාවූයේ ශෝකජනක පුවතකිනි. එය උදෑසන පුවත් සම්පිණ්ඩන සහ විශේෂ පුවත් ලෙසින් ශ්‍රි ලාංකික ජනතාව අතර සම්පේෂණය වූයේ විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය වලින් අතර සාමාජ මාධ්‍ය තුලින්ද වඩාත් ප්‍රසිද්ධ විය.

එම පුවත ශ්‍රී ලාංකික ප්‍රධාන ජන මාධ්‍යයන් තුලින් ප්‍රචාරනය වු ආකාරයෙන් නැවත නැවතත් සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය මෙන්ම මාධ්‍යෙය් හැසිරීමත් ඉතාමක් බාල මට්ටමේ පවතින බවයි. වසර 30 කට වැඩි කාලයක් තුල කැනඩාවේ ඔටාවා තුල මෙවැනි අපරාධයක් සිදුව නැති බව එම නගරයේ නගරාධිපති වරයා මෙන්ම අග්‍රාමාත්‍ය වරයාද මාධ්‍ය ඉදිරියේ පැවසීය. එසේම මෙම සිද්ධිය වාර්තා කල විදෙශීය කිසිදු මාධ්‍යයක මියගිය පුද්ගලයන් වැටී සිටි අන්දම, ලේ පැල්ලම්, ස්වභාවය වැනි කිසිවක් පෙන්වූයේ නැත. අඩුම වශයෙන් නිවස තුල දර්ෂන හෝ එරට මාධ්‍ය ඔස්සේ විකාශය නොවීය. 

මියගිය අයගේ එරට හිතවතුන්ගේ ශෝකාලාප හඩන ආකාරය වෙනුවෙට ඔවුන් ශෝකය පලකරන මල් පොකුරු පමණක් පුවත් ප්‍රචාර වලින් පෙන්වන ලදි.

අපේ රටේ තත්වය කොහොමද ?

ජාත්‍යන්තර මාධ්‍ය නිවේදන තුල ඔවුන්ට අවශ්‍ය ලේ/ඝාතකයා/මියගිය අය සිටින ආකාරය/අදෝනා නැති නිසා මෙරට සිටින පවුලේ අයගේ අදෝනා වලින් ඔවුන්ගේ පුවත පුරවා ගත් ආකාරය සියළු දේශීය පුවත් විකාශ තුල දක්නට තිබිණි. තවද මේ සමූහ ඝාතනය සම්බන්ධ කාටුන් වීඩියෝ සකස් කර එක් ප්‍රධාන මාධ්‍යයක මාර්තු 8 වන දින විකාශය විය.  එසේම මේ පුවත සම්බන්ධ කෙටි වීඩියෝ සකස් කොට යූටියුබ් ඔස්සේ ආන්දෝලනාත්මක ටැග් ලයින්ස් සකස් කර නරඔන්නන්ට එය නරඔන කුතුහලය ඇතිකර ආකර්ෂනය දිනා ගනී. කුමන ප්‍රදේශයක හෝ මිනිමැරුමක් වුවද ඉන් තමන්ගේ ආදායම වැඩි කර ගැනිමට ලංකාවේ බහුතර මාධ්‍යය පාලකයන් උත්සහා කරයි.  ඔවුන්ට වැදගත් වන්නේ පුවත හෝ යුක්තිය නොව පුවත නරඔන ප්‍රමාණය වැඩි කර ගැනීම එකම අපේක්ෂාවයි.



      

පසුගිය සුමති සම්මාන උළෙලේදි 2022 සහ 2023 දෙවර්ශය සදහා සම්මාන ලබා දීමේදි හොදම පුවත් විශේෂාංගය සදහා සම්මාන පිරිණැමීම සදහා නිර්දේශ වූ පුවත් නිෂ්පාදකයන්ට සම්මාන සම්පාදකයෝ ඇගයීම සිදු කලත් මහා සමාජය තුල එම ඇගයීම සිදු කලේද ? අවම වශයෙන් එම සම්මාන උළෙලේදි ප්‍රියා සුරියසේන ඇගයීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යතුල ඇතිවූ කතිකාවත හොදම පුවත් වාර්තාකරණ සම්බන්ධයෙන් කතිකා වූයේද  යන්න ඔබම සිතා බලන්න. සමාජ මාධ්‍යතුල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල නිරත අය කොතෙකුත් සිටියත් එම ඇගයීම් සම්බන්ධයෙන් වචනයක් හෝ සටහන් තැබූවේද ?

The media's the most powerful entity on earth. They have the power to make the innocent guilty and to make the guilty innocent, and that's power. Because they control the minds of the masses. ජනමාධ්‍ය යනු ලොව ප්‍රභලම මෙවලමකි. එයට නිවරැදි කරු වැරදිකරු කරු ලෙස දක්වන්නත්, වැරදිකරු නිවැරදිකරුලෙස හුවා දක්වන්නත් අසීමිත බලයක් ඇත. මිනිසුන්ගේ මනස වෙනස් කිරිම සදහා මාධ්‍යයට පුදුම බලයක් තිබේ යන්න සුප්‍රසිද්ධ Malcolm X පවසයි. 

ලංකාවේ බෙහෝ මාධ්‍ය හැසිරෙන්නේද Malcom X පවසන ආකාරයෙන් නොවේ යැයි කිසිවෙක්ට කිව හැකිද? කහවත්ත මව ඝාතන සිද්ධියේදි ඇගේ දියණිය මිනිමරුවා ලෙස සමාජය තුල ලේබල් කලෙ මෙරට අධිකරණය නොව විද්‍යුත් සහ සමාජ මාධ්‍යයි. සමාජය තුල ඇයට ඇතිකල කලුපැල්ලම සහ මානසික පීඩාවට කිසිදු වන්දියක් අඩුම වශයෙන් සමාව ගැනීමක් හෝ වැරදි ලෙස සමාජය නොමැග යැවූ එම මාධ්‍යයන් විසින් සිදුකලේ නැත. 

එබැවින් සිස්ටම් චේන්ජ් ඉල්ලා පහුගිය කාලේ බහුතරයක් ප්‍රජාව පෙළඔවීම සදහා කටයුතු කල ලංකාවේ ජනමාධ්‍ය කලාවට සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නොවේද ?

ඔබ ඒ ගැන මොකද හිතන්නේ .... කැමැතිනම් අදහස පහතින් කොටන්න. 

දෙගම්බඩ පුහුර| හර්ෂ නෝනිස් 20240308


No comments:

Post a Comment