කර්මාන්ත සහ සේවා අංශවල රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට අවම වැටුප් තත්වයක් සහතික කිරීමේ අරමුණින් සම්පාදිත පනත් ත්‍රිත් වයක් මේ වන විට සක්‍රීය තත්වයේ පවතී.
2016 අංක 3 දරන ජාතික අවම වේතන පනත,
2005 අංක 36 දරන ජාතික අයවැය සහන දීමනා පනත, සහ
2016 අංක 4 දරනජාතික අයවැය සහන දීමනා පනත, වශයෙනි.
ජාතික අවම වේතන පනත මඟින් මේවන විට කර්මාන්ත සහ සේවා අංශයන්හී රැකියාවේ නියුතු සෑම සේවකයෙකු හටම රුපියල් 12,500ක අවම මාසික වැටුපක් සහතිකකරන ලදී. ඊට අමතරව, රුපියල් 40,000ට අඩු මාසික වැටුපක් ලබන සෑම සේවකයෙක් සඳහා ම 2016 අංක 4 දරන ජාතික අයවැය සහන දීමනා පනත මඟින් මාසිකව සේවය කල දින ගනනට සමානුපාතිකව හිමිවන රුපියල් 3,500ක උපරිම දීමනාවක් නියම කරනු ලැබිණි. මෙහි දී සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ, මෙකී සියලු වැටුප් සහ දීමනාවන්ට 2005 අංක 36 දරන ජාතික අයවැය සහන දීමනා පනත මඟින් රුපියල් 20,000ට අඩු මාසික වැටුපක් ලබන සෑම සේවකයෙක් සඳහාම මාසිකව සේවය කල දින ගනනට සමානුපාතිකව හිමිකර දී තිබූ රුපියල් 1,000ක මාසික දීමනාව ද ඇතුලත්වීමයි.
ඒනමුත්
ආර්ථිකය තුල සිදුවන විපර්යාස පදනම් ව මෙම මූලික වැටුප සංශෝධනය නොවීම නිසා බොහෝ කම්කරු ජනතාව සමාගම් හිමියන් විසින් වැටුප් වර්ධකයන් මූලික වැටුපට එකතු නොකර දීමනා වශයෙන් ලබා දී අතිකාල ශ්‍රමය සූරාකෑමකට ලක් කර තිබේ.
එය 1975 මාර්තු 17 වන දින ශ්‍රී ලංකාව අත්සන්කළ 1970 අංක 131 දරන c131-අවම වේතන සකස් කිරීම පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි විදිවිධාන වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඍනාත්මකව බලපා තිබේ. ඊට අමතරව, ‘සෑම පුද්ගලෙයකුටම තම පවුල සමඟ ගෞරවාන්විතව ජීවත් වීමට සරිලණ වැටුපක් ලබා දීම යන ජාතික අවම වේතනයක් ප්‍රකාශයට පත් කිරීමෙහි සැබෑ අරමුණද මෙතුලින් යටපත් වේ.
ලංකාවේ කම්කරු දින තුල බොහෝ අවස්ථාවල සිදුකරනුයේ කම්කරුවන්ගේ නියෝජනය යටපත් කර කම්කරුවා දේශපාලන පක්ෂවල නියෝජනය සදහා යොදා ගැනීමයි. ඒ හරහා තම දේශපාලන ධාරාව තුල ශක්තිය පෙන්වීමට අවශ්‍ය කටයුතු සිදු කරගනී. රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ වෘත්තීන් වල කම්කරු සමිති වැටුප් විශමතා සදහා සේවා නවත්වා ජනතාව පීඩාවට ලක්කර තම අයිතිවාසිකම් දිනා ගත්තද පුද්ගලික අංශයේ සේවකයන්ට එවැනි හඩක් නැගෙන්නේම නැත.
සැබෑ කම්කරු දිනය දේශපාලන පක්ෂ විසිනි සොරකම් කර තම බලපරාක්‍රමය පෙන්වීමට වර්තමානයේ සිදුවෙමින් ඇත. කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස එදා 1886දී ඇමරිකාවේ චිකාගෝ නගරයේ ඇල්බට් පාසන්ස්, ජෝර්ජ් එන්ගල්, ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔගස්ටස් ස්පයිස්, ඔස්කා නිබේ, සැමුවෙල් ෆීල්ඩන්, ඇඩොල්ෆ් ෆිෂර් යන කම්කරු නායකයන් විසින් දහස් ගණනක කම්කරුවන් එකතු කර සිදුකල විරෝධතාවය මත ගොඩනැගුනු මැයි 1 ලොව කම්කරු දිනයේ හරයන් සම්පූර්ණයෙන් විකෘති කර ඇත.
ලෝක තත්වය
මේ වන විට ලොව අවම මූලික වැටුප ඇත්තේ පහත පරිදිය.
කියුබාව 0.71
සූඩානය 1.21
සිම්බාබ්වේ 5
ශ්‍රී ලංකාව 41
රුවන්ඩාව 93
ගැම්බියාව - 253
ඉතියෝපියාව - 271
කෙන්යාව - 316
නයිජීරියාව - 339
බෙනින් - 347
ටෝගෝ - 362
සෙනගාලය - 367
බංගලාදේශය - 400
කම්කරුවාගේ ජීවන තත්වය ඉහලට ඔසවන තත්වයන් හෝ හඩක් නැති තත්වයක් ඇති පරිසරයක කම්කරුවා තම සේවා දායකයාට කම්කරුවෙක් වන අතර තමන් නියෝජනය කරන දේශපාලනය මතය තුල කම්කරුවා තත්වයටත් වඩා පහල වැඩවසම් යුගයේ දක්නට ලැබූ වහලෙක් තරමටම පත්ව ඇති බව ලංකාවේ සියලු මැයි දින සැමරුම් තුල දැකිය හැකිය.