අරයා ඇවිත් අතින් අදියි එන්න කියා
බෙල්ල සිබියි නලල සිබියි තනියි කියා
සරම කැඩෙයි බලාගෙනයි හෙමින් ඔයා
නිදි රැජිනේ මම එන්නම් යන්න ඔයා
අප දිවියත් කොයි මොහොතෙද කියා නැතේ
යනවිටදි ලද සේරම දමා යතේ
පෙම් කෙරුමට මේ ලොව තහනමක් නැතේ
කිසිදු මලක් කිසිවෙකුටත් අයිති නැතේ
රන් කෝමල වැනෙනා නිතඔ ඇගේ
මන පුබුදා නලියයි මුලු ගතම මගේ
ගස්ස ගස්ස යන විට ඈ පාර දිගේ
මක් කොරන්න සදුහිමි නැත දිවියේ මගේ
No comments:
Post a Comment