Friday, October 28, 2011

මිහිරිද ආදරේ ----------------- 4වන පරිච්ඡේදය

ටිකෙන් ටික උසස්පෙල විබාගය සදහා දින ලංවිය. සැබැවින්ම විබාගය සදහා ඇත්තේ තවත් දින කීපයකී. වසර දෙකක් වැනි කාලයක් තුල ගොඩනඩා ගත් මිතුදමට සමුදීම සිදුවන බොහෝ දෙනෙකුට පසක් වී ඇත.
එකිනෙකා ගේ අතින් අත සමරුපොත් හුවමාරු වන අතර සමහරු දුරකථන අංක සහ ලිපිනයන්ද හුවමාරු කර ගනිමින් සිටි.තවත් පිරිසක් පන්තියේ අවසන් දිනය තුල පැවැත්වීම සදමා සාදයක් සංවිධානය කරමින් සිටින බවත් පෙනේ. කෙසේ වෙතත් මලිත්ලා ගේ කණ්ඩායම මේ කිසි දෙයකට සම්බන්ධයක් ඇති බව පෙනෙන්නට නැත. මලිත්ට වද දෙන ගැටළුව නම් තම අදහස කෙලින්ම නෙරංජි ත් එක්ක කතා කරන්නේ කෙසේදැයි යන්නය. කෙදිනක නෙරංජී සමග අතිනත පටලා ලංව උණුසුම විදිමින් නිදහසේ ඇවිදමින් ගතකරනට හැකිවේදැයි සිතයි. නමුත් සැබෑ ආදර හැගීමක් නෙරංජි තුලත් ඇතිවී දෙදෙනා ට දෙදෙනා පිළිබද සමාන හැගීමක් ඇති විය යුතු බව මලිත් විශ්වාස කරයි. නෙරජීගේ සිත තුලත් මලිත් පිළිබද ආදර හැගීමක් දළුලා වැඩී තමා නෙරංජීට දක්වන ආදරය පිළිබද සමාන හැගීමක් නෙරංජී තුලත් ඇති වන දිනයක් අද ඒදොයි මලිත් සිහින දකී. මලිත් දවසින් දවස බලා සිටින්නේ ඒ දිනය එන තෙක්ය. නමුත් දැන් පන්තියෙන් සමුදෙන දිනයටත් ලංවී ඇත.

-------------------

පන්තියේ අවසන් දිනයත් උදා වී ඇත. මිතුරු මිතුරියන් වෙනදාටත් වඩා වෙනස් වී ඇත. ඇදුම් පැලැදුම් පවා වෙනස්ය. සර් උගන්වන වේදීකාව ඇත්තටම වෙනස් කර ඇත. එය බැළුන් සහ මල්වලින් සරසා ඇත. මේසයක් මත තෑගි පාර්සල් කීපයක් තබා ඇති බව පෙනේ. පසෙක තබා ඇති මේසය කෑම මේසයක් වී අවසානය. නානිවිධ කෑම වර්ග වලින් එය පිරී ඇත.කීප දෙනෙක් ගීටාරයන් ටියුන් කරමින් සිටී.සියළු දෙනා බලා සිටින්නේ අල්විස් සර් එන තුරුය. කීප දෙනෙක් මල් මාලයක් ද සුදානම් කරගෙන දොරටුව අබියස සිටි.

අල්විස් සර්ගේ ජීප් රථය එන දැක පිරිසක් ඒ දෙස දුව ගියහ. ඔවුන් සර්ව පෙරටුකර ගෙන පැමිණියහ. පිළිගැනිමේ දොරටුව අසලදී මල් මාලාව දමා ගෙන පිළිගත්හ.ඉන් අනතුරුව අල්විස් සර්වත් කාඩ් ටික්කා වන ජයන්ත අය්යා වත් පෙරටු කරගෙන කොල්ලෝ කෙල්ලෝ ටික පන්තියට ඇතුළු විය. පන්තියේ සිටින සියල්ලෝ අසුන් වලින් නැගිට අත්පොලසන් දෙමින් උත්තමාචාර දැක්වීය.

අල්විස් සර්ත් ඒසේම ජයන්ත අය්යාවත් වෙනම සුදානම් කර තිබු ආසන මත අසුන් ගත්හ. වජ්‍රපානීත් කසුනුත් වේදිකාව ට ගොඩවී නිවේදන කටයුතු ආරම්බ කර අල්විස් ගුරුපියානන්ට සිසුසිසුවියන් අමතන ලෙස ආරාධනා කරනු ලැබීය.

" ළමයිනේ මාව මෙහෙම පිළිගත්තට ස්තූතියි. මම මේවා බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ බලාපොරොත්තුව මේක නෙමෙයි. විශ්ව විද්‍යාලය යන එක කෙසේ වෙතත් සියළු දෙනාම රසායනයත් අනිත් විශයනුත් ඉහලින් සමත් වෙන එක තමයි බලාපොරොත්තුව " සහ විබාගේ දිනවල කටයුතු කලයුතු ආකාරයත් විබාගෙන් පසුව තමන්ගේ අනාගත දියුණුය පිණිස කටයුතු කරන්නේ කෙසේද යැයි සදහන් කරමින් කෙටි කතාවක් කරන ලදි. ඉන් අනතුරුව තිලින ප්‍රදානයක් සිදුවු අතර ඒ අවසන සිසු සිසුවියන්ගේ ගායාන වාදන ප්‍රසංගයක් පැවැත්විනි. එහිදී එක් එක් සිසුවින්ගේ නම් වජ්‍රපානී සහ කසුන් විසින් සදහන් කර ආරාධනා කරන අතර සිසු සිසුවියෝ විත් ගායනා සහ වාදන මෙන්ම සමහරු රංගන පවා ඉදිරිපත් කරන ලැබිය.ගායනා වලදී අනෙක් සිසු සිසුවියෝ තාලයට අත්පොලසන් දෙමින් සතුටු වෙයි.

මීලග ගායනය ඉදිරිපත් කරන්නේ මලිත් විජේසිරිවර්ධන යනුවෙන් ඇසිනි.
වජිර අන්න පල තොගේ නම කියනවා පල විගහින් මෙතැන ලැජ්ජ කරන්නේ නැතිව කීය.

මම නම දුන්නේ නෑනේ. උබ දුන්නා නම් උබම පලයන් මලිත් එය ප්‍රතික්ශේප කලේය.

අපි නැවතත් ආරාධනා කරනවා අපගේ ආලවන්ත මලිත් විජේසිරිවර්ධන යනුවෙන් එවර වජ්‍රපානී ආරාධනා කෙරීය. ඒ සැනින්ම සියල්ලෝම වේගවත් අත්පොලසන් හඩක් නැගීය.

මලිත් ට කරන්නට ම දෙයක් නැත

ඔහු හෙමින් හෙමින් වේදිකාව වෙතට ගියේය.

අල්විස් සර් දෙපා නැමද සියල්ලන්ගෙන්ම අවසර පැතීය.

මම දන්නේ නෑ මේ බව. මට හොරෙන් ම මේ වැඩේ කලේ වජිර මගේ මිත්‍රයා. මම වජිර සම්බන්ධව මෙව්වා වන ගමන් සියළු දෙනාට එලබෙන විබාග කඩඉම ජයගන්නට හැකිවේවා යැයි කියමින් ගීය සදහා සම වැදිනි.

ඔබ මා හමුවන
මේ ඉර හද යට
කොතනැක සිටියත්
මා මළ දවසට
මගේ ළග තනියට
ඉනු මැනවී

මගේ ළග තනියට
ඉනු මැනවී

http://www.youtube.com/watch?v=Yt-h-S8-lXs

යන ගීතය නෙරංජී දෙස බලාම ගායනා කලේය.නෙරංජී ටික වේලාවක් මලිත් දෙස බලා සිට එකවරම බිම බලාගත්හ. නෙරංජිගේ දොකොපුල් කදුලෙන් තෙත්වන බව යමුනාට වැටහිනි.මලිත් ගීය ගයමින් සීටි. මුළු ශාලාවම නිහඩයි. ඇසෙන්නේ මලිත්ගේ හඩ පමණි.

ස්තූතියි පවසා මලිත් වේදිකාවෙන් බැස ගියේය.සියල්ලෝම වේගයෙන් අත්පොලසන් නාදයක් දුන් උණුසුම් ප්‍රතිචාර දැක්වීය.

සාදයද නිමවිය. ක්‍රම ක්‍රමයෙන් මිතුරු මිතුරියන් වෙන්වී යන්නට විය. නෙරංජි සහ යමුනා ඇතුළු පිරිවරද නුගේගොඩ ටවුම වෙත සිනහා වෙමින් යන අතර මලිත්, වජිර ඇතුළු පිරිවර ත් ඔවුන් පසුපසින් යයි.

සවිවිරි බස් හෝල්ට් එක ලගට ආ සැනින් 138 බස් එකක් පැමිණ නැවැත්වීය. යමුනා නෙරංජි ඇදගෙන බස් එකට ගොඩවන්නට විය.

මලිත් ද ඒ අසලට දුව ගියේය.

නෙරංජි ෆුට්බෝඩ් එකේය. බසය සෙමෙන් ඇදෙ.

මම ඔයාට ආදරෙයි නෙරංජි...

මමත්..... නෙරංජී කීය.

මලිත් පසුකර බස්රථය ඇදී ගියේය.

No comments:

Post a Comment