Wednesday, April 24, 2013

දුක ජය ගත් මිනිසුන් # 1



ඊයේ ප්‍රවීන සූපවේදී පබ්ලිස් සිල්වා ගේ උපන් දිනය. ඒ වගේම ඊයේ දිනය තුල ඔහුගේ පොත් 3ක් එළි දැක්වුනා ගල්කිස්ස හෝටලයේදී. ඒ අවස්ථාවට මෙටත් සහභාගි වෙන්න ලැබුනා නගරාධිපතිතුමාත් එක්ක. ඔහුගේ ගම රජ්ගම ගම්මැද්දෙගොඩ. ගමේ අය භාවිතා කරපු නම් කිරි මහත්තයා.

ඉස්කෝලේ ගමන මැදදි නැවතුනා. ආර්ථීක දුෂ්කරතා හින්දා. පවුලේ වියදම් හොයාගන්න පොල්ලෙලි තැළුවා. අවු 12 දී මහින්ද ප්‍රෙස් කියලා මුද්‍රණාලයක අකුරු අමුණන්න ගියා.කෙටි කාලයක් එතන හිටියා. ඊට පස්සේ ධීවර රැකියාවට ගියා. දවස් කීපයක්ම කන්න ලැබුනේ ලොකු බත් පිගානයි මාළු කෑල්ලයි. සුළු මුදලක් පමණයි ලැබුනේ. ඊට පස්සේ පොල් කඩලා ලැබුනු මුදලින් කොච්චියේ නැගලා මරදානට ආවා. දන්න කෙනෙක් තරවටු කරලා ආපහු ගෙදර ගෙනත් බැස්සුවා. ඊටපස්සේ ආයිත් කොළඹ ආවා. 4වෙනි හරස් වීදියේ කඩයක රැකියාවක් ලැබුනා වේටර් කෙනෙක් විදිහට. එදාම හවස තමා ඒ කඩේ මුදලාලි ව දැක්කේ. ගම රජ්ගම කියලා දැනගත්තම කඩෙන් එලෙව්වා. ඊට පස්සේ තේ ෆැක්ටරියක පොඩි රස්සාවක් කලා. ඒකත් හරි ගියේ නෑ. රිචඩ් පීරිස් එක ලග සයිවර් කඩේක රැකියාවක් කලා ටික දවසක්. තෝසේ දාන්න ඉගෙන ගත්තා. චන්ඩියෙක් ඇවිල්ලා තර්ජනය කරලා සිද්ධියක් වුනා. එතනින් ඒ රස්සාවත් ඉවර වුනා.

ඊට පස්සේ පේමන්ට් එකේ දොඩම් වික්කා. ආපහු ගමට ඇවිල්ලා බූරුවා/ඔමී ගැස්සුවා සල්ලි වලට. ගැහුවේ නෑ. තෝං ආදායම ගත්තා. 1956 දී කසාද බැන්දා. ඊට පස්සේ මේසන් බාස්ලට අත් උදව් දුන්නා. එහෙම ඉන්නකොට ගල්කිස්ස හෝටලයට දකුණේ අයව ගන්නවා කියලා දැනගත්තා. 1956 දී ගල්කිස්ස හෝටලයට ආවා. අත් උදව් කරුවෙක් ලෙස. ලිපට ගල්අගුරු දාන්න ලැබුනේ මුල්ම රස්සාව. සෑහෙන කාලයක් ගියා. තනතුරු කීපයකින් පස්සේ මම අද ගල්කිස්ස හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ.

අද පබ්ලිස් සහ ගල්කිස්ස හෝටලය දෙකක් නොවේ එකක්. මම සැමට අවවාදයක් දෙන්න කැමතියි. මමත් ඉගෙන ගත් දෙයක්. එනම් කරන මොනයම් හෝ රස්සාවක් ආදරයෙන් වගකීමෙන් කරන්න. එය ඔබේ අනාගතයේ රන් දොරටු විවර කරයි. ඒ පණිවිඩය ඔබට දෙන්නත් හිතුනා.

උත්සහය උනන්දුව මත පැරදුම පැරද පලායයි.

(නාලන්දාවෙදි උසස් පෙල කරලා පාසලෙන් සමුගත් දින මා මිත්‍ර පබලු සුලෝචන මගේ සමරු පොතේ එහෙම ලිව්වා මතක් වුනා)

No comments:

Post a Comment