Monday, May 27, 2013

පඩික්කම් පුරව පුරව බෞද්ධ දායකයන්ගේ සල්ලි වලින් නඩත්තු වන සුපිරි ගනින්නාන්සේලා ඉන්න රටක බෝවත්තේ ඉන්ද්‍රරතන, නානසාර වැනි හිමියන් උතුම් මය.

පඩික්කම් පුරව පුරව බෞද්ධ දායකයන්ගේ සල්ලි වලින් නඩත්තු වන සුපිරි ගනින්නාන්සේලා ඉන්න රටක
බෝවත්තේ ඉන්ද්‍රරතන, නානසාර වැනි හිමියන් උතුම් මය.

උදේට, රෑට, පෝයට, 7 දවසේ-තුන්මාසේ-අවුරුද්ද මතක බණට, කඨීන සහ නානප්‍රකාර අවස්ථාවල බන කිය කියා නම හදාගන්නා ගනින්නාන්සේලා නිසා අද බුදු බණත් සාමාන්‍ය ජනයාට නිකම් ස්ටාර් ගායකයන්ගේ ගී තරමටම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

පඩික්කම් පුරෝ පුරෝ ඉන්න ගමේ දායකයන් සල්ලි එකතුකරලා පන්සල නඩත්තු කර කර බෞද්ධයන් නිදි කරමින් ඉන්න අවස්ථාවක,
මහා නායක, අනු නායක සහ අනෙකුත් නායක කාරකාදීන් සුවෙන් සැතපී ඉන්න අවස්ථාවක,
නොයෙක් නොයෙක් විකාර සහ ශෛලීන් අනුව බන කියන්න සුපිරි ගායකයන් වැනි ගනින්නාන්සේලා බිහිවෙන කාලයක,
අල්පේඡ්ඡ බව අමතක කරලා මහේශාඛ්‍ය ලීලාවෙන් දිවි ගෙවන සුපිරි ගනින්නාන්සේලා ඉන්න කාලෙක,
බෞද්ධයන් නමට පමණක් බෞද්ධයන් වී කොසොල් රජු දැක්ක සිහින වලින් කියවෙන කාලයක් නිර්මාණය වෙමින් තියෙන කාලයක,
බෞද්ධයන්ගේ මර්මස්ථානවලට අන්‍ය ආගමිකයන් බලපෑම් කරන කාලයක
(තවත් ඕනෑ තරම් මේ හා සමාන තත්වයන් ඇති කාලයක)

නිදා සිටින බෞද්ධයා,මනෝ ලෝකයක ස්ථාන ගත කරවා සිටින බෞද්ධයා අවධිකිරීමට මේ බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන් ගත් ක්‍රියා මාර්ගය අකමැත්තෙන් වුවත් සතුටු වෙමි.

එයින් දැන් බෞද්ධ නාමය මත ඉන්නා බොහෝපිරිස් අවධිවි ඇත. බෞද්ධ පුනරුදයක් ඇති කිරිම සදහා වෙහෙස වෙන සහ එය මර්ධනය කල යුතු යැයි සිතන කණ්ඩායම් දෙකක් බිහිවී ඇත. දැන් බෞදධ පුනරුදයක් ඇතිවන පිරිස් ලාම්පුතෙල් ගෑවුනු ගැරඩින් මෙන් ඇවිස්සී ඇත. කුපිත වී ඇත. ෆේස් බුක් සමාජයේද එවැන්නෝ බහුලව වාසය කරති.

ඉතින් ඔවුන් වැන්නන් ගේ ප්‍රතිවිරෝධතා බෞදධ පුනරුදයට හේතුවන්නක්ම වේ.උතුරේ යුද්ධ කරනකොටත් ඕක දිනන්න බෑ දිනල වැඩක් නැ, දෙමළ ජනතාවට අයිතිවාසිකම් දීමෙන් පමනක් උතුරේ අර්බූදය විසදිය හැකි යැයි කියපු, පිටරැටියන් එක්ක කුමන්ත්‍රණය කරපු ලාංකිකයන් ඉදිද්දී තමා යුද්ධේ දිනලා ඔය කොයි කුම්භාන්ඩයන්ටක් අද යාපනේ ගිහිල්ලා නල්ලුර් කෝවිල වැදලා ආරුගම්බේ මහුදේ කිමිදෙති.

ඉතින් ඒක නිසා මේ බොදු සිංහල පුනරුදයට විරුද්ධ වන අය සිටීම අරුමයක් නොවේ. ඔවුන් ආශිර්වාදයකි.

බොදු සිංහල පුනරුදයට ජය ශ්‍රී..!

1 comment:

  1. බො.බ.සේ. නැමති සංවිධානය බිහි වූ බව ඇසූ සැනින් මා සිතේ පහළ වු අතිශය සතුට මා සිගිති දියණිය නිරෝගී උපතක් ලැබූ දිනයේ ඇති වූ සතුටට නොදෙවෙනි වේ. ඔබගේ ලිපියේ සදහන් පරිදිම කොසොල් රජුගේ සිහින සත්‍යය වෙමින් පවතින යුගයකි. එයට අඩු වැඩියෙන් ඔබද, මමද වගකිව යුතුය. එසේම මහානායක යැයි පිළිගන්නා හිමිවරු අතිශය නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරමින් සිටිති. බො.බ.සේ. මෙන්ම සි.රා. සංවිධානයද තම ප්‍රමුඛතා පිළිබදව බලවත් වැරැද්දක් කර ඇත. සැබැවින්ම ශ්‍රී ලාංකීය බෞද්ධයා මේ අවස්ථාවේ මෙවැනි සංවිධානයක් මගින් බලාපොරොත්තු වූ බෞද්ධ පුනරුදය වන්නේ බුද්ධ ශාසනය තුළින්ම බුදු දහම විකෘති කිරීම් සිදුකිරීමට පෙළඹෙන අය සොයා පිළියම් යෙදීම විනා, තමන් අවිහිංසාවේ දහම යැයි පෙන්වීමට හිංසන ක්‍රියා සිදු කිරීමට බෞද්ධයා පෙළඹවීම නොවේ.

    ReplyDelete