Monday, August 26, 2013

හැදිමිට කොච්චර දිගද ?


ග්‍රාමීය සංවර්ධනය පිළිබද පාඨමාලාවක් මේ දිනවල ජයවර්ධන විශ්ව විද්‍යාලයේ හදාරමින් සිටිමි. මාත් සමග එම පාඨමාලාව හදාරන සහෘදයන්ට එක් එක් කොටස් අවසානයේ නිබන්ධන පැවැරම් ලැබේ. එහි එක් කොටසකට අදාලව ග්‍රාමීය සංවර්ධන කටයුතු වලදී කාන්තාවට මුල් තැන දිය යුතුය යන්න මාතෘකාව කොට ගෙන මා වෙත නිබන්ධනයක් පැවැරිණි. ඒ අනුව එහි කටයුතු කරමින් යද්දී සදුදා මාධ්‍ය මගින් එක් ප්‍රවෘත්තියක් ප්‍රසිද්ධීයට පත් විය.

එනම් රු ලක්ෂ 4ක් සහිත අත්බෑගයක් ඇදුම් සාප්පුවක ඇදුම් රැක් එකක එල්ලා ඇදුමක් ෆිටොන් කිරීම සදහා ෆිටෝන් කාමරයකට ගිය කාන්තාවක් සම්බන්ධ පුවතකි. එහිදි අදාල කාන්තාව මහරගම පිහිටි ජනාකීර්ණම ඇදුම් සාප්පුවක රැක් එකක අතිවිෂාල මුදල් සහිත අත්බෑගයක් එල්ලා නව ඇදුමක් පිරික්සීමට යන කාන්තාවක් සිටීනම් ඒ කාන්තාව ගැන කිව හැක්කේ කුමක්ද ? තවද එම අත්බෑගය හොරකම් කරනු ලැබූයේ තවත් කාන්තාවක් විසින් මැයි යනුවෙන්ද මාධ්‍ය වාර්තා කරයි.

දුටු දුටු දේ ලොල්වී මනස විකල් කරගන්නා කාන්තාවන් වෙසෙන සමාජයක ග්‍රාමිය සංවර්ධනය සදහා කාන්තාවන්ට මුල් තැන දීම කෙසේ කල හැකිද ?

සොරකමට අදාල වීඩියෝ පුවත

කාන්තාව සම්බන්ධ ආටක නාටක වීඩියෝවක්

No comments:

Post a Comment