හත්පොලේ ගා ගැනීම
රසායනික පොහොර
ආනයනය තහණම් කිරිමත් සමග දිවයින පුරා සියළු ගොවි මහතුන් සහ වගා කරුවන් අතර හටගත් අර්බූදය
ආහාර අර්බුදයක් බවට පරිවර්ථනය වන බව මාධ්‍ය වල තොරතුරු සංනිවේදනය වේ. මේ සමගම බොහෝ
අත්‍යාවශ්‍ය ආහාර වල මිල ගණන්ද ඉහල ගොස් ඇති අතර වෙනත් පාරිභෝගික සේවාවන් සදහා වන අය
කිරිම්ද දින දින ඉහල යද්දි මූලික ආහාර සදහා දැරිය යුතු පිරිවැයද ඉහල යාම ජීවනෝපායට
තදින්ම බලපා ඇත. මෙහිදි මහජනතාව තුල ඇති පීඩනය රජයට විවිධ විවිධ ක්‍රම හරහා මහජනයා
විසින් මුදාහරිමින් තිබේ.
අතිගරු ජනාධිපතිතුමා/අග්‍රාමාත්‍ය
තුමා ගේ කාර්‍ය මණ්ඩලවල ඉහල වැටුප් ලබමින් මධ්‍ය නිළධාරින් ගොන්නක් සේවය කරන නමුත්
රජයේ සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලැසුම් නිවරැදිව සංනිවේදනය නොවීමේ ඵලවිපාක නිසා ඉහත
කී පීඩනය මහජනතාව තුලත් ඒ හරහා රජයටත් එල්ල වී ඇත.
පසුගිය කොරෝනා
සමයේ කාර්යාල සහ සාප්පුවලට ඇතුලුවීමේදි කඩදාසි වල තොරතුරු ලබා ගැනිමක් සිදු කරන ලදි.
ඒ සදහා විකල්ප ක්‍රමයක් ලෙස දුරකථන ඇප් එකක් හරහා අදාල තොරතුරු ලබා ගැනීමට ක්ෂණයකින්
ක්‍රම සම්පාදනය වූ අතර ඒ පිළිබදව නිසි පරිදි ජනතාව දැනුවත් වීම් නොකර සැලැසුම් ක්‍රියාවට
නැංවීය. ඒ නිසා එය එතරම් සාර්ථක නොවු අතර ආයතන තවමත් බහුල ලෙස බාවිතා කරනුයේ කඩදාසි
සහ පෑන්ය. (ආයතන රැසක් මේ වනවිට එයද සිදුනොකරන තත්වයට පත්ව ඇත)
කාබනික පොහොර
සදහා මාරුවීමත් එපරිද්දෙන් සැලසුම් සහගත ලෙස දියත් නොකෙරෙනු වැදගත් ප්‍රතිපත්තියකි.
මේ හරහා රසායනික පොහොර වෙළදාමේ සිටින අයත් ඒ සදහා සේවා සපයන ආදායම් උත්පාදනය කර ගන්නා
අයට වන ඉරණම පිළිබද පූර්ව තක්සේරුවක්ද සිදු නොකර ඇති බව පෙනේ. පෙරකි පරිදි මේ තුලින්
ඇති වී ඇති අර්බූදය විසදීම පිණිස විශේෂ කාර්‍ය සාධක බලකායන් ඇති කර ඇති අතර එහි කටයුතු
කිරිම සදහා මාධ්‍ය ප්‍රදානීයෙක්ද සිටී. නමුත් ඔහුගේ මාධ්‍ය ආයතනය තුලත් තවමත් වැඩි
වැඩියෙන් ප්‍රචාරය වන්නේ කාබනික පොහොර බාවිතයේ විරෝධතා බහුල වශයෙනි. කාබනික පොහොර බාවිතයේ
සාර්ථකත්වය නිවරැදිව සම්ප්‍රේෂණය වන්නේ සමන්තභද්‍ර හිමියන්ගේ අසපු පරිශ්‍රය සම්බන්ධව
ක්‍රියාත්මක යූටියුබ් නාලිකා හරහා පමණි.
රජයේ මුදල්
වලින්ම රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරිම
තවද කාබනික
පොහොර ප්‍රවර්ධනය සදහා සුප්‍රසිද්ධ ප්‍රචාරක සමාගමක් කටයුතු කරන බවත් ඒ සමාගමේ හිමිකාරත්වය
සතු ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සමාගමක් කාබනික පොහොර සදහා විරෝධතා ඇති බව පුවත් නිර්මාණය
කර සමාජ මතයක් බලෙන්ම පෙන්වා සිටින බවක්ද යනුවෙන් මතයක් තිබේ. ප්‍රාග්ධනය හිමි ව්‍යාපාරික
පැලැන්තිය විසින් සමාජය හැසිරවීම සදහාත් තම තමන්ගේ කුට්ටිය වර්ධනය කිරිමට ක්‍රම සම්පාදනය
කරන අතර මහජනතාව නිළධාරින් සහ දේශපාලකයෝ අතර පන්දු යවමින් එකි ප්‍රාග්ධන බලය හිමි ව්‍යාපාරිකයන්
මාධ්‍ය හිමිකරුවන් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා ක්‍රියා කරයි.
ප්‍රස්තූතයට
බදුන්වී ඇති කාබනික පොහොර ගැටළුව පිළිබද ජයවර්ධනපුර සරසවියේ සමාජවිද්‍යාව පිළිබද ශ්‍රාස්තපති
උපාධිය ශිෂ්‍ය කණ්ඩායමක දේශනයක් සදහා පැමිණි ආරාධිත දේෂකයෙක්ගේ අදහස් නිසා මේ පිළිබද
මා තුල උනන්දුවක් ඇතිවිය. මා නිතර ගමන් කරන රත්තනපිටිය බොරලැස්ගමුව වෙල්යාය ප්‍රදේශයේ
ඇති කූඔුර වල බහුතරයක් මේ වන විට වගා කර ඇත්තේ කාබනික පොහොර වර්ගවලිනි. මා නාගරික මන්ත්‍රීවරයෙක්
වශයෙන්ද කටයුතු කරන නිසාත් මගෙන් විය යුතු සේවාවක් ලෙස සලකා මෙම ප්‍රවාත්තිය මහජනතාව
වෙත දැනගැන්විම සැලැස්වීම උදෙසා මාධ්‍ය නියෝජිතයන් සමග අදාල වෙල්යාය තුල දෙසැම්බර්
29 වන දින පෙරවරුවේ අදාල ගොවිමහතුන් කිහිප දෙනෙක් සමග සාකච්ඡාවක් සූදානම් කරන ලදි.
එහි විඩියෝවන් මේ සමග අමුණා ඇත. මේ ගොවි මහතුන් සමග සාකච්ඡා කිරිමේදි පෙනී යන්නේ කාබනික
පොහොර වල සාර්ථකත්වයයි. තවද කාබනික පොහොර භාවිතය සදහා විරෝධය දක්වන ගොවිමහතුන්ගේ ක්‍රියාවන්
සදහා වන හේතු සාධකද කියවිනි. පොලොව සමග හෙට්ටු වන ගොවි මහතුන් සාතිශය බහුතරයක්ද දේශපාලන
පක්ෂ වලට ගැති අයම වෙයි. මුල් අවස්ථාවේදි සියළු දේශාපලාන මත ඇති ගොවියෝ විරෝධතා සදහා
එක්වූවද මේ වන විය බොහෝ ගොවියෝ කාබනික පොහොර සදහා මාරු වී ඇති බව කියවේ. තවද රසායනික
පොහොර සමාගම් සහ රජයට විරුද්ධ පාර්ශව මෙන්ම අර්බූදයක් මවා පා ඒතුලින් කූට ලෙස ආර්ථික
වාසි ගන්නා මාධ්‍ය සහ ප්‍රචාරක ආයතන හිමි ව්‍යාපාරිකයන්ගේ දිරිගැන්වීමෙන් කාබනික පොහොර
සදහා විරෝධතාවය දක්වන්නන් කටයුතු කරන බවද පැවසේ.
ඊයේ බොරලැස්ගමුව
ගොවීන් මතු කල ගැටළු සම්බන්ධව කොළඔ දිස්ත්‍රීක් ආසන සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර්
ප්‍රදීප් උදුගොඩ මහතා සමග සම්බන්ධව දුරකථනයෙන් සාකච්ඡා කිරිමේදි වාර්තා වූයේ කොළඔ දිස්ත්‍රීක්කයේ
හෙක්ටයාර 6000 කට ආසන්න ප්‍රමාණයක් වී වගා කර ඇත්තේ කාබනික පොහොර වලින් බවයි. අතිශය
නාගරික කොළඔ දිස්ත්‍රීක්කයේ මෙසේ කරන්නට හැකිනම් ඒ තොරතුරු සමාජ ගත නොවීමත් විරෝධතා
පමණක් සමාජ ගත වීමේ හේතුව ඊනියා ධනවාදි මාධ්‍ය සහ ව්‍යාපාරික පැලැන්තියේ කූට ව්‍යාපාරයක්
බව සනාථ නොවන්නේද ?
https://www.youtube.com/watch?v=ssiT9HOhWBI&t=3s