Friday, December 24, 2021

දෙරණ දිලිත් සහ බොරලැස්ගමුවේ අනුරුද්ධ ගේ කාබනික වෙල්යාය ...!

දෙරණ මාධ්‍ය ජාලයේ සහ තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරු දිලිත් ජයවීර මහතා පසුගිය මාසයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය හදාරන කණ්ඩායමක ආරාධිත දේශනයක් සදහා පැමිණියා.

එහිදි ඔහු විසින් කාබනික පොහොර සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කලා..රජයේ කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහනේ යම්කිසි කාර්‍යයක් ඔහුට පැවරී ඇති බවද කියවුනා.

.

නමුත් ඔහුගේ අදහස වුනේ මේ සංකල්පය ක්‍රියාත්මක කල ආකාරයේද ගැටළුවක් ඇති බවයි. සුවිශාල රසායනික පොහොර වෙළද ව්‍යාපාරයක් හිමි තැනක් ක්ෂණයකින් වෙනස් කිරිමේදි එම වෙළදාමට සම්බන්ධ ව සිටින පාර්ශවයන්ගේ ඇතිවිය හැකි බලපෑම,එම පාර්ශවයන්ගේ වෙළදාමට සහ ඒ වෙලදාම නිසා යැපෙන පවුල්වලට ඇති බලපෑම පිළිබද කිසිදු තක්සේරුවක් නොකර මෙය ක්‍රියාත්මක කර ඇති බවයි ඔහුගෙන් කියවුනේ. 

.

රසායනික පොහොර කාබනික පොහොර බවට පරිවර්තනය කිරිම සදහා මහා පරිමාණ වී මෝල් හිමියන්, පොහොර ආනයන කරුවන් ද සම්බන්ධ කර ගත්තේ නම් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකියාව තිබුනු බව ඔහු වැඩිදුරටත් පැවසුවා. 

.

‌එසේම අද දෙරණ ප්‍රවෘත්ති කණ්ඩායමත් තොරතුරු වාර්තා කිරිමේදි රසායනික පොහොර කර්මාන්තය සදහා වැඩි කාලයක් යෙදෙවන බවත්, ඔවුන් සදහා වැඩමුළු පැවැත්වූවත් එය සාර්ථක වී නොමැති බවත් වැඩි දුරටත් විස්තර ප්‍රකාශ වුනා.

.

කරුණු මෙසේ සිදුවෙද්දි කොළඔ දිස්ත්‍රීක්කයේ බොරලැස්ගමුව කියන්නේ ඉතාමත් නාගරික ප්‍රදේශයක්. රත්තනපිටිය සහ බොරලැස්ගමුව නගරය අතර ඇති පිල්ලෑව විහාරය අසල වෙල්යාය කෝට්ටේ රාජධානිය කාලේ සිට ගොවිතැන් කල වෙල්යායයක් බවයි කියවෙන්නේ. වර්තමානයේ ඉතිරි ව ඇති ප්‍රමාණයේ කුඔුරක් පවත්වාගෙන යන දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ රියදුරු වෘත්තීයේ යෙදෙන අනුරුද්ධ මහතා එම වෙල්යායෙන් අක්කර 4 ක් පමණ වගා කරන ගොවියෙක්. කාබනික පොහොර පමණක් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් අවධියේ ඊට විරුද්ධ මතයක් දැරූ අයෙක්. නමුත් වර්තමානයේ ඔහුගේ මතය සම්පුර්ණයෙන් වෙනස්.. 

බලන්න ඔහුගේ වීඩියෝ.. අහන්න හඩත්...

ඔහු ආරාධනා කරනවා ඔහුගේ කුඔූරට...මේ ගැන උනන්දුවක් දක්වන අයට.... 

.

ප්‍රජාවට වැදගත් තිරසර සංවර්ධන 2030 ඉලක්ක වල කියවෙන සුරක්ෂිත ආහාර පද්ධතියක් ලබා ගැනීම කියන සංකල්පයට යන්න තිබුනු ලස්සන මගක් චක්‍රලේඛ වලට මුවාවෙලා නිලධාරිවාදය නැමැති ජුන්ටාව විසින් විනාස කිරිමේ විපාකයක් තමයි පහුගිය කාලේ අපිට දකින්නට අහන්නට ලැබුනේ. 

.

හැම‌ දේටම එහෙයි කියන, සුදුසු ක්‍රමවේදය යෝජනා නොකරන, මාසික වේතනය සහ වෙනත් වරදාන ආරක්ෂා කර ගැනීමට පමණක් අරමුණ ඇති බොහෝ නිලධාරින් සහ නිලධාරිවාදය නිසා යථාර්තයක් කර ගත හැකිව තිබු දෙයක් අපෙන් දුරස් වී ඇත.

.

සමාජ විද්‍යාව ඉගෙන ගන්නා සිසුවෙක් ලෙස සමාජීය ගැටළු සදහාත් මාගේ මේ සටහන පිළිබදවත් සමාජ මාධ්‍ය තුල අන් අය දක්වන අදහස්/විවේචන ගෞරවයෙන් යුතුව පිළිගනිමි. සැමගේ අදහස් අධ්‍යයන කටයුතු වෙනුවෙන් උපකාරි කර ගැනීමට බලාපොරොත්තු වේ..!

පහත වීඩියෝව නරඔන්න. 

https://youtu.be/Wr0uIa8XwJU



No comments:

Post a Comment