Thursday, May 16, 2013

ලංකාවේ කොහෙද යුද්ධයක් තිබ්බේ............ යනවා මනුස්සයෝ යන්න



ලංකාවේ අපි මෙහෙම වාහන වල නැගලා සතුටු වෙවි ගිය දිනයක් තිබ්බා 2009 මැයි 19 වෙනිදා.. එදා පාට බේද නැතිව, ජාති බේද නැතිව පක්ෂ බේද නැතිව, සියල්ලෝම මෙසේ සතුටු වෙමින් ප්‍රීති ඝොෂා නගමින් මං මාවත් ඔස්සේ ගමන් කලේ 1948 දී උදා කර ගත් නිදහසෙන් අපිට දායද වෙච්ච ප්‍රතිඵලයක් වූ තිස් වසරත ත්‍රස්තවාදී යුද්ධය පරාජය කල නිසාවෙනි. මේ යුද්ධයේ අවසාන අධියර පටන් ගත් මොහොතේදී එය නැවත්විම සදහා වලිකාපු බොහෝ අයත්, යුද්ධය දිනා ගන්න බැහැ කියූ බොහෝ අයත් අවසානයේදී මැයි 19 වෙනිදා මෙසේ සතුටු වන්නට ඇති. එසේම කිලිනොච්චි යනවා කියා මැදවචිචිය යනවා කියු අයත් අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා කියූ අයත් එසේම යුද්ධය කරපු යුධ හමුදාපති වරයා ගැලවීමේ හමුදාවකට වත් සුදුසු නැතැයි කී අයත් 2009 මැයි 19 වෙනිදා අපමණ සතුටු වෙන්නට ඇති.

අවසාන අධියරේ යුද්ධය අරඹන්නට කලින් පවා අපේ ජනතාගෙන් සැලකිය යුතු පිරිසක් පවා අදහස් කලේ මේ යුද්ධය කිසිදා දිනිය නොහැකි බවත් මෙය සාකච්ඡාවෙන් එල්ටීටීයට රටෙන් කොටසක් වෙන් කර දී හෝ විසදා ගත යුතු බවයි. ඒ තරමටම මේ යුද්ධය සියළු ජනතාවට පීඩා කල එකක් බවට පත්ව තිබිනි.

නිදහසේ පාරක ගමනක් බිමනක් යන්නට, අවධානම් දිස්ත්‍රීක්ක යන්හි ජීවත් වූවන්ට නිදහසේ ජීවත්වන්නට කිසිම අවස්ථාවක් නොතිබූ කාලයක් අප ගත කර තිබූ බව අපට දැන් දැන් අමතක වෙමින් තිබේ.





ඉහත ජායාරූප වල සිදූවීම් ලංකාවේ සිදුවුනා යැයී සිතීමට තරම් පවා දැන් අපට අමතක ව ගොසින්ය. උදේට බසයට දුම්රියට නගින විට අවට අයිතිකරුවන් නැති පාර්සල් නැතිබව පරීක්ෂාකර බැලීමටත් බසයේ හෝ දුම්රියේ පාර්සල් බෑග් සහිතව ගමන් කරන පුද්ගලයන් දෙස වපර ඇසින් බලා සිටින තත්වයට පවා අප පත්වූ බව දැන් නම් අපට අමතකය.

දැන් මේ දිනවල විජයග්‍රහනයේ සැමරුම නමින් හමුදා ඛන්ඩ උත්සවයක් සමරීම සදහා කොළඹ පුරවරය සැරසෙමෙන් සිටින කාලයකි. මෙයින් අපි සමරන්නේ කුමක්ද ? යුද්ධයක් තිබී එය පරාජය කල බව අපිට දැනේද ? නැත. දැන් අපිට ඒවා අමතකය. මෙය තවත් නිදහස් උත්සවයක් හා සමාන තත්වයට පත්ව ඇත.
මෙවැනි උත්සවයක් සමරන්නේ නම් මෙයට සමගාමීව එක් එක් දිස්ත්‍රීක්කයන්හි සංකේතාත්මකව ධාවනයට ගත නොහැකි අබලන් බස් රථ මහ මගදී පුපුරවා හැර එවැනි කාලයක් අප පසුකල බව අප ජනතාවට මතක් කර දිය යුතුය.

----කලබල සිතුවිලි----

5 comments:

  1. බහුතරයකට මේ කුරිරු අතිතය අමතකයි... මතක් කළ එක හොදයි..

    ReplyDelete
  2. ලිපියට එකග නෑ. කාටවත් මේව අමතක වෙලා නෑ. ඇරත් උදේ හවස රාජ්‍යය මාධ්‍ය මගින් නොනවත්වා මතක් කරනකොට අමතක වෙනවයැ. එහෙම අමතක වුනත් රටේ මහජනතාව පීඩාවට පත්කරන තීන්දුවක් ගත්ත දවසට පහුවදා ඔය නලීන් අයියලගේ දිනමිණ එහෙම වැරදිලාවත් බැලුවොත්, එහෙම නැත්නම් ආණ්ඩුවේ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ හෝ පෞද්ගලික ඕනෑම රූපවාහිනි චැනලයක පෙන්නුවොත් අර අමතක වෙච්ච ඉතිහාසේ, මේ පෝස්ට් එකේ තියන ෆොටෝ වලටත් වඩා අමානුෂික ෆොටෝ පෙන්නල මතක් කරනවනේ. (මේවට මම කියන්නේ අතීතය මතක් කිරීම කියල නෙමේ, යුද්ධෙන් මැරිච්චි ෆෝසස් වල කොල්ලොන්ගෙයි, අහිංසක මිනිස්සුන්ගෙයි ආත්මය ගණිකා සේවයේ යෙදවීම කියල)

    හැබැයි යුද්ධෙ කලේ ෆෝසස්වල කොල්ලො කියන එකනම් බාහුතර මිනිස්සුන්ට අමතකයි. එහෙම වෙන්න හේතුවත් ආණ්ඩුවේ දේශපාලකයින්ම තමා.

    (ආණ්ඩුව ඔවුන් වෙනුවෙන් කළ භෞතිකමය වැඩ කොටස ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා)

    යුද්ධෙ ඉවර වෙච්ච ගමන් කරළියට ආවේ,

    1. රට බේරාගත් රණ විරුවන්ට අපේ උපහාරය.

    මාස දෙකකට පස්සේ,

    2. අපේ උතුමාට සහ රට බේරාගත් හමුදාවට සහ අපේ උත්තමාචාරය.

    අවුරුද්දකට පස්සේ,

    3. රට බේරා ගත් අපේ නායකතුමාට අපේ උත්තමාචාරය.

    කෝ දැන් රණවිරුවෝ? නිදහස් දවසටයි, යුද ජය සැමරුම දවසටයි ඇරෙන්න එහෙම කොටසක් ඉන්නවද කියල කාටවත් මතකද?

    රට බේරාගැනීමේදී දුන්න දේශපාලන නායකත්වය ගැන අපි අනිවාර්‍යෙන් ගරු කරන්න ඕන. ඒත් ඇයි හමුදාමය නායකත්වය දුන්න කෙනා ගැන කතා නැත්තේ. එයාට විරුද්ධව යුධ 'ඇදි කරණය' තීන්දු දුන්න නිසාද? ඇයි මීට කලින් මේ රටේ සුනාමි හොරු පස්සේ කාලෙක වීරයෝ වෙලා නැත්ද? අනේ යනව මනුස්සයෝ යන්න.

    ReplyDelete
  3. වැරදියි .. ඔයා දන්නවාද ගිය මාසේ ආබාධිත තව රණවිරුවන් පිරිසකට දීපූ නවාතැන.. ඔවුන් වෙනුවෙන් ලබා දෙන පහසුකම්.... අත්තිඩියේ තියෙන ආබාධිත රණවිරු නිවස්නය...

    ඔව් පැවැති රජය කරන යුද්ධය විකුණන් කෑවා ඉවර කරන්නේ නැතිව.... ඉන්න රජය යුද්ධය ඉවර කරලා විකුනන් කනවා. ඒකේ වෙනසක් දැනේන්නේ නැද්ද The Modern Patriot ඇත්තටම...

    ඔව් රජයේ මාධ්‍ය අනිත් දවස්වලට දාන දේයි .. මැයි 19 දිනය පිළිබදවයි ලොකු වෙනසක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. (ආණ්ඩුව ඔවුන් වෙනුවෙන් කළ භෞතිකමය වැඩ කොටස ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා)
      මේක ඔබතුමා නොදැක්කා ගාණයි.

      යුද්ධය අවසන් කිරීම ගැන ගෞරව ලැබිය යුතු සියළු දෙනාට ලැබෙන්න ඕන. ඒ ගැන කුමන කතාද?

      යුද ජයග්‍රහණයෙන් එක්තාර දුරකට දේශපාලන වාසි ගැනීම ගැන මම විරුද්ධ නෑ. ඒ වත්මන් ආණ්ඩුව දිහාත් අපේ රටේ කලින් ආණ්ඩු වලට සාපේක්ෂව බලන්න සිදු වීම නිසා.

      ඒත් ඒ නාමයෙන් දිගින් දිගටම හොරා කෑම ගැන නම් විරුද්ධයි.

      යුද්දේ දරුණුවට යන කාලේ මමත් වැඩ කලේ කොළඹ හදවතේ, හැබැයි ඊට සමානවම ජීවිතය ගැන දරුණු භයක් දැන් නැතිව නෙමේ.

      Delete
  4. නැහැ මා එය දැක්කා. ඔබ හොද හොද විදිහට අවස්ථා කීපයක ම දැක තිබුනා. ඒ වගේම යුධ ජයග්‍රහණයෙන් පස්සේ ඒ කණ්ඩායම බේද කර වාසි ලබාගන්න උත්සහ කල පිරිසක් හිටියා. මක් නිසාද ඒ මොහොතේ ඔවුන්ට කෙසේවත් මැතිවරණ ජයක් ලබා ගන්න පුළුවන් තැනක නොසිටීම නිසා. ඒ නිසා ඔවුන් මේ සුසංයගෝයේ බිදිය හැකි ලේසිම වැදගත් පුරුකක් ඉන් ඉවත් කලා. මේ පුරුක අදාල සුසංයෝගයේ සිටියානම් තවත් හොද දේවල් රටට දිනා ගන්නට හැකිව තිබුනා.

    මක් නිසාද ඒ සුසංයෝගයේ පුරුක් අතර විනය සහයෝගය අනුව එකිනෙකාගේ දූර්වලතාවයන් එකි නෙකා හදුනාගෙන ඒවා ඔවුන් අතර සමනය කර ගන්නා නිසාවෙනි.

    දැන් ඉන් කුමාර ගැන්සිය විසින් ඉවත් කරන ලද පුරුක නිදහසේ ගමන් කරන්නට ගත් කල කී දෑ පුරුක ඉවත් කල කුමාර ගැන්සිටවත් පාලනය කරගන්නට බැරිවුනා.

    මේ පුරුක අර සුසංයෝගයේ සිටියා නම් කොපමණ සේවයක් මේ වන විට මේ රටට කරන්න ඉඩ තිබ්බාද. වීරයේක් කූජිතයෙක් කල තුච්ඡ නින්දිත කුමාර ගැන්සිය ඇතුළු රතු කොල නඩයේ තීරකාදීන්ට දිට්ඨ දම්ම වේදනීය කර්ම සරණ වේවා..!

    ReplyDelete