රන් මිණික නුඔ මගේ....!
පුරා දින තෙශතකයක්
කුස දරා මහ අදිටනින්
වෙහෙස වී සොම්නසින් මා වැදූ
රන් මිණික නුඔ මගේ....
කිරි පොවා නුඔ ලේ කැටිය
පය තබා මෙපොලොව මත
නෑගී සිට ගන්න දිරිය දුන්
රන් මිණික නුඔ මගේ....
සිප් පොවා යහගුණය පිරි
දයා පෙම කැටිය කර
වසන හැටි කියා දුන්
රන් මිණික නුඔ මගේ....
සය වසක් පිරිනු තැන
පියා ගියත් දිවි අතැර
තනි නොකර මා හැදූ
රන් මිණික නුඔ මගේ....
රුදුරු විස ඝොර මනු සත් අතර
නෑගී සිට මහ මෙරක් සේ
අභියෝග මැද ජයම ලැබු
රන් මිණික නුඔ මගේ....
බුදු දහම කියා දෙන
අනිත බව සසර තුල
සිහිකරත් අප සතන මත
රන් මිණික නුඔ මගේ....
මා උපන් දා සිට
පෙර දින සවස් වන තෙක්ම
නුඹේ සන්තකය මට දුන්
රන් මිණික නුඔ මගේ....
රැ බෝව ගෙදර එන තෙක්
නිදි නැති ව දුක් වෙවි
නෙත අයා බලා සිටි
රන් මිණික නුඔ මගේ....
නුඔ අසනීප වී සිටින විට
මා කැව්ව බත් ගුලිය
කුස තුලට දා කදුලු බිද හෙලු
රන් මිණික නුඔ මගේ....
හෙට දිනයේ නුඔ අප ඇතැර
ගියත් නුඹ අවසන් ගමන
මගේ දිවිය පුරාවටම
රන් මිණික නුඔ මගේ....
මතු දවස ලොව පහලවන
මෙත් සිසිලු බෝ සමිද දැක
නිවන් දැක සැනසෙන්න
රන් මිණික නුඹ මගේ...!
No comments:
Post a Comment