2022 අයවැය යෝජනා සහ ලංකාව හැමදාමත් සංවර්ධනය වන රටක් වෙන හේතු..!
ඉන්දියානු සාගරයේ මුතු ඇටය කියලා විරුධාවලිය ලත් සිරිලක ඇත්තටම මුතු ඇටයක් වගේ වුනාට ඒක සැබෑවටම අමුතු ඇටයක් වගේ. අතීතයේ පරිසර ආර්ථිකයකට පුරුදු වෙච්ච කාලවල සෞභාග්‍යමත් රාජ්‍යයක් වුනාට කාර්මික පුනරුදයක් එක්ක බිහිවෙච්ච යටත් විජිත සූරාකෑම් වලින් ලිඛිතව නිදහස් වෙලා අවුරුදු 73 ක් ගියත් තාමත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්.
17 වන ශතවර්ෂයේ අග බාගයේ බ්‍රිතාන්‍යයේ සහ උතුරු යුරෝපයෙන් ඇරඹි කාර්මික පුනරුදය තාමත් විවිධ මට්ටම් වලින් සිදුවෙනවා. ඒ කෙසේ වුනත් චිනය කාර්මික පුනරුදයකට අඩිතාලම දමන්නේ 1968 ඉදන් 1998 වෙනකම් අවුරුදු 30 ක් ඇතුලත.
මේ තියෙන්නේ අවුරුදු 30 ක් ඇතුලත චීනය ලෝක බලවතා වෙච්ච උපායමාර්ගික සැලැස්ම
1978-1988 දක්වා - පූර්ව කාර්මික විප්ලව අවධිය -
· ☺ ග්‍රාමීය කර්මාන්ත මිලියන 1.5 සිට මිලියන 19 දක්වා ඉහල දැමීම
· ☺ ග්‍රාමීය කර්මාන්ත නිෂ්පාදනය වල දල ජාතික නිෂ්පාදනයෙන් 14%
සිට 46% දක්වා වැඩි කිරිම
· ☺ ග්‍රාමීය ශ්‍රම බලකාය මිලියන 100 දක්වා වැඩි කිරීම
· ☺ ග්‍රාමීය දල වේතනය 12 ගුණයකින් ඉහල නැංවීම
· ☺ කෙටි ආර්ථික කටයුතු අවසන් ආහාර සුරක්ෂිත බව ඇති කිරීම
(ලිපිය දිග වැඩිවන නිසා අනිත් දශක දෙකේ ඉල්ක්ක නොලියමි)
මේ අනුව මේකෙන් අපිට පේනවා ග්‍රාමීය කර්මාන්ත තමයි ආර්ථික පුනරුදයක අත්තිවාරම. චීනය මුල්ම අවුරුදු 10 කලේ ග්‍රාමීය කර්මාන්ත සහ ශ්‍රම බලකාය නගා සිටුවීම වගේ දේවල්.
වර්තමාන මුදල් අමාත්‍යතුමාගේ අත්සනින් ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිදි පහත නිර්නායක 4 ක් යටතේ මුදල් වෙන්වෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට පක්ෂ විපක්ෂ සියළු තල වල කොට්ඨාශ දිනපු මන්ත්‍රීවරුන්ට ලබන අය වැයෙන් ප්‍රතිපාදන වෙන්වෙනවා.
ජීවනෝපාය සංවර්ධනය (40%)
පොදු යටිතල පහසුකම් සංවර්ධනය (40%)
පරිසර සහ තිරසර සංවර්ධනය (10%)
සමාජ සුභසාධන සහ සමාජ සංවර්ධන (10%)
ඉහත නිර්නායක යටතේ මෙපමණක මුදලක් 2022 අයවැය අනුමත වෙද්දි පහත පැරිදි ලැබෙනවා.
පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 100යි
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 20 යි
නාගරික/ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 4 යි
ග්‍රාමීය කමිටුව හරහා රුපියල් මිලියන 3 යි
මේ සියළු මුදල් යෙදවිය යුත්තේ අර නිර්නායක 4 යටතේ.
.
උදාහරණයක් වශයෙන් ගතොහොත් කොළඹ සිටින පාර්ලිමෙන්තු/පළාත් සභා මන්ත්‍රීවරුන් යොදවන්න වෙන්නේ කොලඔ දිස්ත්‍රීක් ග්‍රාම සේවා වසම්වලටම තමයි. ඊට අමතරව නාගරික මන්ත්‍රීවරුන්/ග්‍රාමීය කමිටු හරහාත් ග්‍රාම සේවා වසම් වලටම තමයි. මේ විදිහට ගතහොත් විශාල මුදලක්..!
උදා හරණයක් ලෙස දෙහිවල ආසනයට පාර්ලිමෙන්තු/පළාත් සභා හැර එක් ග්‍රාම සේවා වසමකට වෙන් වෙන සමස්ථ මුදල රු මිලියන 105යි.
(රුපියල් 105,000,000).
ජීවනෝපාය සංවර්ධනය (40%) රු 26,250,000
පොදු යටිතල පහසුකම් සංවර්ධනය (40%) රු 26,250,000
පරිසර සහ තිරසර සංවර්ධනය (10%) රු 10,500,000
සමාජ සුභසාධන සහ සමාජ සංවර්ධන (10%) රු 10,500,000
දැන් අපි උදාහරණයකට ජීවනෝපාය සංවර්ධන යටතේ ගත්තොත් මේ චක්‍රලේඛය යටතේ ලංකාවේ සුළුපරිමාණ/ගෘහස්ථ කර්මාන්ත රැසක් අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. මේ හරහා චීනයේ ඉල්ලකයකට යන්න බැරිවුනත් මේ වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් සුවිශේෂි පිම්මක් ගන්න පුළුවන් හරියට අන්තර් අමාත්‍යාංශ/ආයතන සම්බන්ධීකරණය වුනොත්.
කණගාටුව තමයි ... එහෙම දෙයක් පේන්නේ නෑ.
මුදල් අමාත්‍යාංශයට ලංකාවේ කාර්මික සංවර්ධන මණ්ඩලය පෙනිලා නෑ. කාර්මික සංවර්ධන මණ්ඩලයේ තියෙනවා ලංකායේ ගෘහස්ථ/සුළුපරිමාණ කර්මාන්ත නංවන පාඨමාලා/යන්ත්‍ර. ඒවගේම තවත් රාජ්‍ය ආයතන ගණනවාක් තියෙනවා මේ සදහා සම්බන්ධ කර ගත හෑකි. (උදා INGRIN,ජාතික තරුණ සේවා සභාව)
එසේ ක්‍රමවත් සැලැස්මක් නැතිව බෙදන්නන් වාලේ මේ ප්‍රතිපාදන ඔන්න දුන්නා ඹ්න දෙයක් කර ගනින් කියලා පැත්තකට වුනොත් හොද සංකල්පයක් වුනත් වෙන්නේ අච්චාරුවක් කර ගන්න එක.
මේවා සැලැසුම් කරන ඔය වියත්තු/අමාත්‍යාංශ ලේකම්වරු එක එක දේශපාලන කෝණ වලින් බලන්නේ නැතිව සැබෑවටම ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරන්න බලාපොරොත්තුවක් ඇති බවක් නම් නොපෙනේ..!
කාලීනව ඉතා වැදගත් ලිපියකි..දේශීය නිශ්පාදන නගා සිටුවනතාක් අපේ රට ගොඩගැනීම අපහසු කාර්‍ය්යකි.මේතරම් ලස්සන ,සම්පත් බහුල රටක් මේ වගේ තත්ත්වක පැවතීම පිළිබඳව බලපෑම් කණ්ඩායම් මෙන්ම මහජනතාව අතර සිටින්නාවු අපිත් වග කිව යුතුයි.මෙය තමයි විය යුතු..පණ අදින අම්මාව නැගිටුවන්න ඒ අම්මාගේ දරුවො යුහුසුළුව කටයුතු කළ යුතුයි.. තවත් ඉදිරියට යාමට ඔබට ජය...
ReplyDeleteස්තූතියි, ගිම්හානි..!
Delete