Saturday, September 25, 2021

පවුරු බලකොටු වැනි කොන්ක්‍රීට් ගොඩනැගිලි තැනීමට අනුමත කරන අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

උසස් පෙළ සදහා අළුත්ම යෝජිත වෘත්තීය විශය ධාරාව නවත්වා හකුළුවන්නේ ඇයි ?

 වෘත්තීය අධ්යාපනය සරළව කිව්වොත් වෙළඳ කටයුත්තක්, කාර්මික ශිල්පියෙක් හෝ විශේෂ කුසලතා ඇති කෙනෙක් බිහි කරන ක්‍රමයක්. විවිධ රැකියාවල නිරත වීමට මිනිසුන් සූදානම් කරන නැතිනම් ශ්‍රම බලකාය සූදානම් කරන අධ්යාපන මෙවලමක් වශයෙන්ද දැක්විය හැකියි. වෘත්තීය තාක්ෂණ විශ්ව විද්යාලයක්. විශ්ව විද්යාල විද්යාල. වෘත්තීය තාක්ෂණ විද්යාල යනු වෘත්තීය අධ්යාපනය ලබා දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ්යාපන ආයතනයක්ද වෙනවා. මේ වන විට විශ්ව විද්‍යාල කොමිසම් සභාව විසින්

CITY CAMPUS යනුවෙන් ප්‍රාදේශීය වශයෙන් ගැලපෙන විශ්ව විද්‍යාල පද්ධතියක්ද සති කිහිපයකට කලින් ආරම්භ කලා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් සිටි සමයේ එතෙක් අපොස උසස් පෙළ සදහා පැවති විශය ධාරා තුනට අමතරව නව තාක්ෂණ විශය ධාරා තුනක් ආරම්භ කලා. ඒවා

1.      කලා විද්‍යා විශය ධාරාව

2.      වානිජ විද්‍යා විශය ධාරාව

3.      ‌ජෛව විද්‍යා විශය ධාරාව

4.      භෞතික විද්‍යා විශය ධාරාව

5.      ‌ජෛව පද්ධති තාක්ෂණවේදය

6.       ඉංජිනේරු තාක්ෂණවේදය

වශයෙන් දැනටමත් ක්‍රියාක්මක වෙනවා. දැනට පවතින කලා උපාධිය කරනවාට වඩා ඉංජිනේරු තාක්ෂණවේදය ඉතාමත් ඉදිරියෙන් කියන්න පුළුවන් සාධකයක අත්දැකීමක් තියෙනවා. වසරකට පමණ පෙර ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කැන්ටිමේ අප දිවා ආහාරය ගනිමින් සිටි මේසයේ තවත් ශිෂ්‍යාවක් දිවා ආහාරය ගනිමින් සිටියා. ඇය සමග සාකච්ඡා කිරිමේදි ඇය ගොඩනැගිලි තාක්ෂණවේදය හදාරන අවසන් වසරේ සිසුවියක්. ඇය ඒ වනවිටත් ඒ අවස්ථාවේ කර ගෙන යන උපාධිය නිසාම පුද්ගලික ඉදිකිරිම් සමාගමක රු 80,000 ක පමණ වැටුපක් දරන කෙනෙක්. උපාධිය සමත් වූ සැනින් ඒය ඉලක්කම් 6 ක් බවට පරිවර්ථනය බවක් තමයි ඇය පැවසුවේ.

ඒ විතරක් නොවේ මොරටු සරසවියේ තියෙවා Fashion Designing උපාධී පාඨමාලවක්. ඒකට මීට වසර කිහිපයකට කලින් නම් වසරකට ඇතුලත් කර ගත්තේ 50 කට අඩු සංඛ්‍යාවක්. ඒම උපාධිය ලැබූ බොහෝ දෙනෙක් සදහාත් වැටුප් ලැබෙන්නේ ඉලක්කම් 6කින්.

ඒ නිසා මේ ගිරාපෝතක අධ්‍යාපන ක්‍රම වලින් මිදිලා වෘත්තීය අධ්‍යාපන විශය ධාරා 8 වන ශ්‍රේණියේ සිට වත් ආරම්භ කල යුතු කාලයක අපි මේ ඉන්න්.

ඒ වුනත් එවා ක්‍රියාත්මක කිරිමේ කුමක් හෝ අවපාතයක් ඇති බව නම් පේනවා.

එසේ පේන්නේ ලංකාවේ දැන් පවතින උසස් පෙළ විශය ධාරාවන්ට අළුත් විශය ධාරාවක් සදහා චක්‍රලේඛයක් 2017දි 2017/37 අංකය යටතේ නිකුත් වෙලා තියෙනවා.

ඒ අනුව පළමු කණ්ඩායම 2019 ඔක්තෝබර් සිට ආරම්භ කිරිමටයි සැලැසුම් කර ඇත්තේ. ඒම ක්‍රමය පහත පරිදියි

------------------------------------------------------------------

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන - 2017

Ø සෑම දරුවකුම 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන හදුන්වා දී ඇත.

Ø අ.පො.ස.(සා/පෙළ) පෙනී සිටින සියලු සිසුන්ට සමත් අසමත්භාවය නොසලකා ඇතුලත්වීමට ඉඩ සැලසීම

Ø අනාගත අභියෝග ජයගතහැකි වෘර්තීය අධයාපනයක් අරමුණු කිරීම

Ø 07 වන විෂය ධාරාව ලෙස වෘර්තීය විෂය ධාරාව හදුන්වා දීම.

 

ප්‍රධාන සංරචක 03 කි

1.     පොදු විෂය ක්ෂේත්‍රය ( 12 වන ශ්‍රේණියේ පළමු වාරය)

            මේ සදහා ඇති විශයන්

·        පළමු බස ( සිංහල හෝ   දෙමළ )

·        ව්‍යවහාරික ඉංග්‍රීසි   හා සන්නිවේදන කුසලතා

·        සෞන්දර්ය රසාස්වාදය

·        තොරතුරු හා සන්නිවේදන   තාක්ෂණ කුසලතා

·        පුරවැසිභාවයට අදාල   කුසලතා

·        සමාජ යහපැවැත්ම සදහා   අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා

·        ව්‍යවසායකත්ව කුසලතා

·        ක්‍රීඩා හා අනෙකුත්   විෂය සමගාමී ක්‍රියාකාරකම්

·        වෘත්තීය මාර්ගෝපදේශ   වැඩසටහන්

 

II. ව්‍යවහාරික විෂය ක්ෂේත්‍රය (12 වන ශ්‍රේණියේ 2 සහ 3 වාර)

  පහත විෂයන් අතරින් විෂයන් 03 ක් සිසුන් විසින් තෝරාගත යුතුය.

I. ළමා මනෝවිද්‍යව හා ආරක්ෂණය

II. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය

III. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා

IV. ප්‍රාසාංගික කලාව

V. කාර්ය සිද්ධි කළමණාකරණය

VI. ශිල්ප කලා

VII. අභ්‍යන්තර නිර්මාණකරණය

VIII. විලාසිතා නිර්මාණකරණය

IX. ග්‍රැපික් නිර්මාණකරණය

X. කලාව හා පිරිසැලසුම්කරණය

XI. භූ දර්ශන නිර්මාණකරණය

XII. ව්‍යවහාරික විද්‍යා තාක්ෂණ අධ්‍යයනය

XIII. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

XIV. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

XV. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය

XVI. වැවිලි භෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

XVII. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය

XVIII. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය

XIX. විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය

XX. පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණ අධ්‍යයනය

XXI. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය

XXII. ඇලුමීනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය

XXIII. මෘදුකාංග සංවර්ධනය

XXIV. වෙබ් නිර්මාණකරණය

XXV. සංචරණය හා ආගන්තුක සත්කාර

XXVI. පාරිසරක අධ්‍යයනය

 

III. ආයතනික වෘත්තීය පුහුණුව (13 වන ශ්‍රේණි වසර පුරා)

12 වන ශ්‍රේණියේදී තෝරාගත් ව්‍යවහාරික විෂයන් තුනෙන් එක් විෂයයක් පමණක් 13 ශ්‍රේණියේදී හැදෑරිය යුතුය.

පාසල විසින් හදුන්වාදෙන ආයතනයක වෘත්තීය පුහුණුව ලබා දෙනු ලැබේ.

මෙම පුහුණුව අවසානයේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වන පරීක්ෂණයකින් පසුව NVQ – 4වෘර්තීය සහතිකයක් ලබා දෙනු ඇත. ඉන් අනතුරුව වයඹ විශ්ව විද්‍යාලය හරහා උපාධිය දක්වා ගමන් කල හැකි වේ.

මෙය 2019 වසරේ සිට පාසල් 43 ක පමණ ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ අතර ක්‍රියාත්මක විනි නම් මේ වන විට එය අනෙක් පාසල් වලටද ආදේශ වි තිබිය යුතුයි.

මේ පිළිබද අධ්‍යාපන බලධාරින් නිද්‍රශීලි බවකින් යුක්ත ඇයි ? පාසල් සහ සහ විශ්ව විද්‍යාල වල බලකොටු වැනි කොන්ක්‍රිට් ගොඩනැගිලි සංවර්ධනයක් කරනවා විනා අධ්‍යාපන බලධාරින් අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක වෙනසක් නොකරන්නේ ඇයි ?

(සංවාදයට විවෘතයි)





No comments:

Post a Comment