Thursday, September 30, 2021

ගෙදර කව්රුත් නැති වෙලාවේ කොල්ලෙක් ගත්ත ආතල් එක...! 👫

මේ ළගදි දිනක යහළුවෝ පිරිසක් එක්ක ඉන්න වෙලාවක පැරණි කතා කතා කලා. අපේ ගමේ මිත්‍රයෙක් ගේ පුද්ගලික අත්දැකීමක් හෙයින් කථානායකයා ගනේෂ් ලෙස හදුන්වන්නම්.

ගනේෂ් පාසල් ගියේ කොළඔ ප්‍රසිද්ධ ජාතික පාසලකට. ඒ කාලේ ඉතින් සැටලයිට් ටීවී,අන්තර්ජාල පහසුකම්, සමාජජාලා, ජංගම දුරකථක මුකුත් නෑ. ඉතින් මීට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් තමයි තිබ්බේ. දැන් ඉතින් ගනේෂ් ගේ පංතියේ මිතුරන් කිහිප දෙනෙක් ඉන්න තැනක තවත් මිතුරෙක් ඇවිල්ලා කිව්වා මචං ෆිල්ම් එකක් දුවනවා මැජස්ටික් එකේ, කොල්ලෙක් ගෙදර තනියෙන් පට්ට ආතල් ගන්නවා.. බැලුවේ නැද්දකියලා. ඊට පස්සේ ඒ මිත්‍රයා එතැනින් ඉවත් වෙලා..

දැන් ගනේෂ්ටයි අනිත් යහළුවන්ටත් ඉවසගන්න බෑ... මේක ඉක්මනට බලනකම්..

මචං මොකද කරන්නේ.. පනිමුද ?

හරි යමහං....

දැන් සෙට් ඒක බම්බලපිටියට ගිහින් මැජෙස්ටිකට ඇතුළු වෙන්න ගිහින්. ඒ කාලේ දැන් ඔය තියෙන මැජෙස්ටික් සිටි එක නොවේ.. සම්පූර්ණයෙන් වෙනස් ... මතක අයට පුළුවන් සිහියට මවා ගන්න. දැන් මේ සෙට් එක ඇතුළු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගනේෂ්ලට වඩා වැඩිමල් අය්යලා වගේ කීප දෙනෙක් ඇවිල්ල..

අඩෝ... මෙහෙ වරෙන්.. උඔලා කොහේද මේ යන්නේ කියපං ඉක්මනට...

අය්යේ මේ ... අපි....

ආ... ඒහෙමද ..

මොකක්ද තොපිලාගේ ඉස්කෝලේ..

පාසලේ නම එක යාළුවෙක් කියලා..

ආ ඒකෙද ....  කෝ ගනින් පර්ස් එක ඇරපං...

ඇරලා පෙන්නපං.. අය්යලාගේ සද්දේ..

ගනේෂ් ලා ස්කූල් යුනිෆෝම් නිසා ටිකක් ගැස්සිලා බයවෙලා මේ වෙලාවේ..

ගනේෂ් ගේ මිතුරෙක්ගේ පර්ස් එකේ ලියුමක්.. ලියුමක් කිව්වට ඒක ආදර ලියුමක්..

මේක එයා හංගගන්න ගියා.. නමුත් වැඩේ වැරදුනා...

අර සෙට් එක දැක්කා ඒ්ක.

කෝ ගනින් මොකක්ද ඒක මෙහේ දීපං... ගෝරනාඩුව

මිත්‍රයා ක්ෂණයෙන් ඒ ලියුම චූටි චූටි කෑලි වලට ඉරලා දැම්මා.

වැඩේ පත්තු වුනා..

ආ මේක ඉරලා බේරිලා යන්න බෑ

කෑලි ටික එකතු කරලා තුන්පාරක් කියවපං ඔක්කෝම.. එතකං යන එක බොරු.. නැත්තම් යමං ඉස්කෝලේට...

ලියුම කියෙව්වාත් දැන් නම් ඉස්කෝලෙට යන්න බෑ..

ගනේෂ් එක්ක කොල්ලෝ ටික කොල කෑලි ටික එකතු කරලා ලියුම ආපහු එකතු කරලා ..

එක්කෙනා තුන් පාර ගානේ කියවලා.. ගනේෂ් ගේ මිත්‍රයා අහලා දැං අපි යන්නද අය්යේ..

ඒහෙම කොහේ යන්නද

වැදපං ලියුමට දන ගහලා.. ඊට පස්සේ පලයං..

දැන් ඉතිං සෙට් එක දන ගහලා වැදලා.. යන්න ලැහැස්ති වුනා..

පරිස්සමෙන් පලයං.. යකෝ අපිත් ඔය ඉස්කෝලේ තමයි..

යංතම් සැනසිල්ලක් ආවා ගනේෂ්ලට...

වරෙං ඉක්මනට යං..

ගියා හෝල් එක ඇතුලට..

නමුත් කිසි කලබලයක් නෑ.. එච්චර සෙනගත් නෑ...

කමක් නෑ... ඒ්ක වඩා හොදයි කියලා එක ලග පුටු කිහිපයක වාඩි වුනා..

දැන් ඉතින් මෝල් තද වෙලා.. ඉන්න බෑ අරූ ගන්න ආතල් ටික බලන්න

සිහින මවනවා හිතින් .. මෙහෙම ඇති ... අරහෙම ඇති කියලා

දැන්වීම් දාලා ටික වෙලාවකින් නම් ගම් දාලා

මෙන්න ෆිල්ම් එකේ නම වැටුනා ස්ක්‍රීන් එකේ..

හෝම් අලෝන් පාර්ට් 1 කියලා..

නිමි.




No comments:

Post a Comment