Wednesday, September 29, 2021

පොලොන්නරුවේ ඉන්ටර්ලොක් ගල්, සහල් සහ තවත් සිද්ධි ..!

පොලොන්නරුවේ ඉන්ටර්ලොක් ගල්, සහල් තව් සිද්ධි ..! 

මහින්ද රාජපක්ෂ පක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ එක ගමකට එක වැඩක්, ගම නැගුම ආදි වැඩසටහන් වලදි බොහෝ ග්‍රාමීය මාර්ග සදහා ඉන්ටර්ලොක් ඇල්ලීම සිදු කරනු ලැබීය. ඒ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වන අතර දේශපාලනිකව පක්ෂයේ මහ ලේකම්ය. 

රටටම සහල් සැපැයුම්කරුවන් පොලොන්නරුවේ සිටිනවා සේම ඒ් හා සමාන බලසම්පන්න ඉන්ටර්ලෙක් ගල් සැපැයුම්කරුවෝද ඒ දිස්ත්‍රීක්කයේ සිටී. එම කාලයේ පෙරකී මාර්ග සංවර්ධන සදහා ඉන්ටර්ලෝක් ගල් ප්‍රධාව වශයෙන් සැපයූයේ පොලොන්නරුවේ ඉන්ටර්ලොක් ගල් නිෂ්පාදකයෙකු  යැයි පැවසේ.  එම නිෂ්පාදකයාගේ නිෂ්පාදන ලංකාව පුරා විවිධ  සංවර්ධන වැඩසටහන් සදහා බහුල ලෙස බාවිතා විය.

2015 ජනාධිපතිවරණය සදහා සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉවත්ව වෙනමම මහින්ද රාජපක්ෂ මහතා සමග ඉදිරිපත්වීමෙන් දේශපාලන පොර පිටිය රත්විය. මේ අතර දිවයින පුරා පෙරකී ලෙස ඉන්ටලොක් ගල් ගෙන්වා ගත් සභා/ආයතන වල සභාපතිවරු පොලොන්නරුවේ අදාල සැපයුම්කරුට මුදල් ගෙවීම හිතා මතා ප්‍රමාද කල පුවත් සමාජය තුල කතා විය. 

පොලොන්නරුවේ බොහෝ පෞරාණික ස්ථාන/ සිද්ධස්ථාන වෙත මහජනයා ගමන් කරන මාර්ග/තීරු සදහා අතුරා ඇත්තේද ඉන්ටර්ලොක් ගල්ය. ඒ නිසා අදාල ආගමික නායකයින් සමග නිෂ්පාදකයා බොහෝ සම්බන්ධකම් ඇතිවීම ස්වාභාවිකයි.

පොලොන්නරු වැව්බැම්මේ ඉන්ටර්ලොක් ඇල්ලීමේ කතාන්දරයට චීවරය හරස් වීමත්, හාල් මෝල් වලින් රටේම මිනිස්සුන්ට සාධාරන මිලට සහල් අලෙවිකිරිමට බාධා කිරිමත්, රළපනාවට ඉන්ටර්ලොක් සැපයීමේ කොන්ත්‍රාත්තුවත් එකකට එකක් සම්බන්ධද, නොසම්බන්ධද යන වග නොදනී.

නානාත්ථ කායා - නානාත්ථ සංඥා 




No comments:

Post a Comment