Tuesday, April 12, 2022

පාකිස්ථානයේ දුෂිතයන් එකතුවී සිදුකල #gohomeimran2022



භූගෝලීය පසුබිම

පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණවලට මුහුණ දී ඇත. 

පළාත් හතරකින් සහ ෆෙඩරල් ප්‍රාන්ත හතරකින් සමන්විත පාකිස්ථානය ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි. එහි ඉතිහාසය පුරා හමුදා පාලනය, දේශපාලන අස්ථාවරත්වය සහ අසල්වැසි ඉන්දියාව සමග අරගල දැකිය හැකිවෙයි. එය ලොව සය වැනියට වැඩිම ජනගහණය සහිත රටවන අතර ඉන්දුනීසියාවට පසුව වැඩිම මුස්ලිම් ජනගහණයක් ජීවත් වන රට ද වෙයි. ෂියා මුස්ලිම් ජනගහණය අතින් ද ලොව දෙවැනි තැන පාකිස්ථානයට හිමිවෙයි. එය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් අතරින් එකම න්‍යෂ්ටික අවි බලය සහිත රට යි.පකිස්ථානය ඉස්ලාම් සමුළු සංගමයේ නිර්මාතෘ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, නෙන්ස් ඉලෙවන් G 20 සංවර්ධනය වන රාජ්‍යයන්හි සාමාජිකයෙකි. වර්ග ප්‍රමාණය 796,095 km2 (307,374 sq mi) වන අතර එය ලොව විශාලත්වයෙන් 36 වෙනි රටයි. ජනගහණය මිලියන 221 ක් පමණ වෙයි.

පාකිස්ථානු දේශපාලනය

පරිපාලන රාමුව

ඉන්දියාව දෙකඩවීමෙන් බිහිවුණු මුස්ලිම් රාජ්‍යයක් වන පාකිස්ථානය නව රාජ්‍යයක් ලෙස බිහිවී දැනට වසර 82ක් ගතවී ඇති නමුත්, පාකිස්ථානය දේශපාලනමය වශයෙන් ස්ථාවර තත්ත්වයක පැවැතුණේ නම්, ඒ ඉතා සුළු කාලයක් පමණි. එරට පාලකයින්ට එරෙහිව දූෂිත චෝදනා එල්ලවීමත්, හමුදාව රාජ්‍ය පාලනය සඳහා මැදිහත්වීමත්, එම තත්ත්වය නිසාම පාකිස්ථානු දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමෙන් ඔබ්බට ගමන්කිරීමත් මෙකී අස්ථාරත්වයේ මූලබීජයන් යැයි සඳහන් කළහැකි වේ.

1958 වසරේදී, අයුබ් ඛාන් නම් හමුදා නායකයා විසින් හමුදා කැරැල්ලක් හරහා පාකිස්ථානයේ ආණ්ඩු බලය හිමිකරගන්නා ලද අතර, ඔහු පාකිස්ථානය තුළ ප‍්‍රථමයෙන්ම හමුදා පාලනයක් ස්ථාපිත කරයි. හමුදා පාලනයක් ගෙනයාම ඔහු විසින් සාධාරණීකරණය කරනු ලබන්නේ එරට දේශපාලනඥයින්ගේ දූෂිත හා අකාර්යක්‍ෂම පාලනය පෙරළා දමන්නට නම් යෝග්‍යවන්නේ හමුදා පාලනයක් බවට ප‍්‍රකාශ කරමිණි.

කෙසේනමුත්, අයුබ් ඛාන්ගෙන් ඇරඹුණු හමුදා පාලනය නිමවූයේ 1971දී යහියා ඛාන්ගේ හමුදා පාලනය නිමකරමින් සුල්ෆිකාර් අලී භූතෝ විසින් සිවිල් රජයක් පිහිටුවීමත් සමගයි. නමුත්, 1977දී අලී භූතෝට මිනීමැරුම් චෝදනා එල්ලකරමින් එවකට හමුදාපතිව සිටි මුහම්මද් සියා-උල්-හක් විසින් පැවැති සිවිල් ආණ්ඩුව පෙරළා දමන ලද අතර, නැවතත් හමුදා ආණ්ඩුවක් ඔහු විසින් පිහිටුවනු ලබයි. එයින් නො නැවතුණු සියා-උල්-හක් සිය රාජ්‍ය බලය උපයෝගී කරගනිමින් හිටපු අගමැති අලී භූතෝට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කළේ ය. කෙසේනමුත් සියාගේ පාලනය සම්බන්ධයෙන් ද දූෂණ චෝදනා රාශියක් එල්ල වී තිබුණ ද, ඔහුගේ පාලනය අවසන් වූයේ ගුවන් අනතුරකින් ඔහු මිය යෑමෙනි.

වසර ගණනාවකට පසු නැවතත් පාකිස්ථානය සිවිල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවට පත්වීමට කාලය පැමිණියේ ය. 2000 වසරේදී නැවතත් පර්වේස් මුෂාරෆ් ගේ හමුදා රජය බිහිවන තෙක් බෙනාසිර් භූතෝ (සුල්ෆිකාර් අලී භූතෝගේ දියණිය) හා නවාස් ෂරීෆ් අතර තට්ටුමාරු පාලනයක් පාකිස්ථානය තුළ දැකගත හැකිවිය. මෙහි පැවැති විශේෂත්වය වන්නේ, ඒ ඒ අගමැතිවරුන්ගේ කාලවකවානුවන්හිදී සිය විරුද්ධ පාර්ශ්වයට දූෂණ හා අක‍්‍රමිකතා චෝදනා ඉදිරිපත් කිරීමයි. ඒ අනුව, ප‍්‍රථම ධූර කාලය තුළදී නවාස් ෂරීෆ් විශ්වාසභංග යෝජනාවක් මගින් පරාජයට පත්වන අතර, ඔහුගේ දෙවෙනි ධූර කාලය අවසන්වීමට ප‍්‍රථම පර්වේස් මුෂාරෆ් හමුදා නායකයා විසින් ඔහු බලයෙන් පහ කරනු ලබයි. නමුත් නවාස් ෂරීෆ්ගේ තෙවෙනි පාලන සමය ආරම්භවන්නේ පර්වේස් මුෂාරෆ්ට එරෙහිව සම්මත වූ දෝෂාභියෝගයක් මගින් ඔහු ඉවත්ව ගිය පසුවයි.

මේ අනුව පාකිස්ථානය බිහිවීමෙන් පසුව රාජ්‍ය දූෂණය හා අකාර්යක්‍ෂමතාවය හේතු ලෙස දක්වමින් පාලකයන් විසින් එරට ගෙනගිය පාලනය එරට අස්ථාවර කළා පමණක් නොව එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ද කර ඇති බලපෑම සුළුපටු නොවන බව පැහැදිලිය.

පසුව 2017 දී පාකිස්ථානයේ අගමැති නවාස් ෂරීෆ්, පැනමා ලියැවිලිවල සිය පවුලෙහි නම සඳහන්වීම හේතුවෙන් පාකිස්ථාන ශ්‍රේෂ්ටාධිකරණය විසින් සිය පවුල දූෂිත පවුලක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමත් සමග  සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.


මේ අනුව 2018 දි නව මැතිවරණයක් පාකිස්ථානයේ පැවත්වූ අතර මේ සදහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්, 68 හැවිරිදි නවාස් ශෙරීෆ් මුල්‍ය වංචා නිසා වසර 10 සිරගතව සිටි නිසා ඔහු වෙනුවේ පාකිස්ථාන මුස්ලීම් ලීගය සදහා නායකත්වය දීමට ඔහුගේ සොහොයුරු ෂෙබාස් ශෙරීෆ්  සහ හිටපු නායිකා බෙනාසිර් භූතෝගේ 29 හැවිරිදු බිල්වාල් භූතෝ සර්දාරි අතර තුන්කොට සටනක් ඇවිලිනි.  මෙම මැතිවරණය පැවත්වෙන්නේ මෙතෙක් පැවති කිසිදු මැතිවරණයකින් පත්වූ අගමැතිවරයෙක් සිය පාලන කාලනය අවසන් වනතෙක් අදාල තනතුරේ කටයුතු කර නැති පසුබිමකදීය. 

මෙම මැතිවරණයේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන PTI පක්ෂය ආසන 149 ක්ද , PML-N ආසන 82 ක්ද , PPP ආසන 54 ක්ද ලබා ගන්නා ලද අතර ඉම්රාන් ඛාන් නව අගමැතිවරයා වශයෙන් පත්විය. 2018 ඔහුගේ මැතිවරණ ජයග්‍රහණයෙන් ටික කලකට පසු, ඛාන් පාකිස්තානය තමන් දුටු නරකම ආර්ථික තත්වයේ සිටින බව පැවසූ අතර, රජයේ වියදම් කපා හැරීමට, දූෂණය අවසන් කිරීමට සහ මහජන මුදල් ආපසු ගෙන්වා ගැනීමට ප්‍රතිඥා දුන්නේය.



ඛාන්ගේ ජයග්‍රහණය උදෙසා යුධහමුදා ප්‍රධානී ජෙනරල් බජ්වා සහ බුද්ධි අංශ ප්‍රධානී ලුතිනන් ජනරාල් ෆායිස් හමීඩ් විශාල කාර්‍යයක් සිදු කරන ලදි.  මේ අතර යුධහමුදා ප්‍රධානී ජනරාල් බජ්වාට බුද්ධි අංශ ප්‍රධානී වෙනුවට වෙනත් කෙනෙකු පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබු අතර අගමැති ඉම්රාන් ඛාන්ට ඊට වෙනස් මතයක් දරමින් ඔහු මීලග මැතිවරණය පවත්වන තෙක් තබා ගැනීමට අවශ්‍යතාවය තිබිණි. මේ නිසා යුධහමුදාපති සහ අගමැති තුමා අතර යම් මත අරගලයක් ඇතිවන්නට වූ අතර විශේෂයෙන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද තවදුරටත් වෙනස්කම් මතු වී තිබේ. රුසියානු හමුදා යුක්රේනයට ඇතුළු වීම සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ හැසිරීම හෙළා දැකීමට බටහිර නිලධාරීන් ගත් උත්සාහයන් ඉම්රාන් ඛාන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළද, ජෙනරාල් බජ්වා පැවසුවේ ආක්‍රමණය "වහාම නතර කළ යුතු" බවයි. මේ නිසා ඛාන්ට පක්ෂව සිටි හමුදාව අතර යම් බෙදීමක් ඇතිවී ඇත බව විදෙස් විචාරකයෝ වාර්තා කරති.



ඛාන් අගමැති වීමෙන් පසුව අවධාරනය කර ඇත්තේ පාලනය වැඩිදියුණු කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු වී ඇති අතර, ඔහු රටේ විශාල ප්‍රදේශවල සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දෙමින් සමාජ සුබසාධන පද්ධතියට ආකර්ෂණීය ව්‍යාප්තියක් සිදු කර ඇත. ඒ අතර රට පුරා 2018 සිට 2020 දක්වා විශාල සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරිම ආරම්භ කල අතර 2020 දී ලෝව පුරා වේගයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වසංගතය පාකිස්ථානයද වෙලා ගෙන දරුණු ව්‍යසනයකට පත්විය. මෙහිදි නිෂ්පාදන බිදවැටිම් විදේශ විනිමය අහිමි වීම් සිදුවීම නිසා පාකිස්ථානයේ ආර්ථිකය පසුබෑමට පත්විය. තවද පන්ජාබ් ප්‍රාන්තය සදහා තරුණයෙක් පත් කිරිම සම්බන්ධයෙන්ද විපක්ෂය චෝදනා කල අතර කාලය ඒ සදහා විසදුම් ලබා දෙනු ඇතැයි ඉම්රාන් ගේ ආධාර කරුවන් පැවසීය.

ඛාන් ජාතියේ ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කර ඇති බවට එල්ල වූ චෝදනා මධ්‍යයේ ඛාන්ගේ රජය නෙරපා හැරීමේ අපේක්ෂාවෙන් පකිස්ථාන විපක්ෂ නීති සම්පාදකයින් ඛාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් මාර්තු 28 සඳුදා පාර්ලිමේන්තුවේදී දියත් කළහ.ඛාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ ජාතික සභාවේ පහළ මන්ත්‍රණ සභාවේ විපක්ෂ නායක ෂාබාස් ෂරීෆ් ය. ඛාන් පවුල් කුටුම්භවලට පහර දෙන බවත්  උද්ධමනය ඉහල යාම සම්බන්ධයෙන්ප විපක්ෂය ඛාන්ට දොස් පවරන නමුත් ඔහුගේ ආන්ඩුවට ඩොලර් බිලියන 18 (පවුම් බිලියන 14) ක විදේශ සංචිත ගිණුමක් පවත්වාගෙන යාමේ ගෞරවය ද හිමි වන අතර  2021වසරේ විදේශීය පකිස්ථානුවන්ගෙන් වාර්තාගත ඩොලර් බිලියන 29 (පවුම් බිලියන 22) දේශිය බැංකු වෙත ගෙන ඒ්මට සමත්ව තිබේ.  ඛාන්ගේ දූෂණ විරෝධී කීර්තිය විදේශගත පකිස්ථානුවන් ගෙදරට මුදල් යැවීමට දිරිමත් කිරීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වේ. Covid-19 අර්බුදය හැසිරවීම සහ රටපුරා ඊනිය වසා දැමීම්වලට වඩා “ස්මාර්ට් ලොක්ඩවුන්” ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔහුගේ රජයට ජාත්‍යන්තර ප්‍රශංසාව ද ලැබී තිබුණි.

නමුත් ආහාර ද්‍රව්‍ය මිල තියුනු ලෙස ඉහල යාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් පකිස්ථානයේ ජීවන වියදම ඉහල යමින් තිබේ. ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ගෝලීය තත්වයන්ට දොස් පැවරුව නමුත් ඔහුට එරෙහිව මහජන කෝපය වැඩිවෙමින් "ෂරීෆ්ලා හොරකම් කර පුරවා ගන්නට ඇත, නමුත් අඩුම තරමින් ණය වී හෝ ඔවුන් වැඩ කර ඇත," පොදු මැසිවිලි නඟා ඇත. 

තවද ඇෆ්ගනිස්ථානයේ ඇමරිකාවේ යුද්ධය විවේචනය කිරීම ඇතුළත් ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ බටහිර විරෝධී නැඹුරුව නිසා, පාකිස්තානයේ "තන්ත්‍ර වෙනසක්" කෙරෙහි බලපෑම් කිරීමට එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද උත්සාහයක ගොදුරක් බවට ඔහු පත්වූ බව ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පැවසීය. 

ඉම්රාන් ඛාන් ගේ පාලනයෙන් බිදක්..!

  • ණය ගෙවිම මාස 22 ක රජය තුල රු බිලියන 5000 යි.
  • එම කාලය තුල රාජ්‍ය බැංකු වලින් කිසිදු ණය මුදලක් ලබාගෙන නැත.
  • අඩු ආධායම් ලාබීන්ට නොමිලේ ආහාර සහ තාවකාලික ලැගුම්හල් ශාලා රට පුරා ඉදිකරන ලදි. රුපියල් බිලියන 2 ක් වැය කරමින් පාකිස්ථාන අගමැති නිල නිවස විශ්ව විද්‍යාලයක් බවට පරිවර්ථනය කොට ති‌බේ.  සෑම පවුලකටම Sehat Sahoolat කාඩ්පත ලබා දෙයි. එක් පවුලකට වාර්ෂිකව මිලියන 1 ක රක්ෂණ ආවරණයක් ලබා දීම.
  • ජංගම ගිණුමේ හිඟය මාස 22ක් ඇතුළත ඩොලර් බිලියන 20 සිට ඩොලර් බිලියන 3 දක්වා අඩු විය.
  • රාජ්‍ය බැංකුවේ සංචිත මාස 22ක් තුළ ඩොලර් බිලියන 9.7 සිට ඩොලර් බිලියන 12.3 දක්වා වැඩි වී ඇත.
  • 2019-2020 මූල්‍ය වර්ෂයේ පළමු මාස ​​9 තුළ පකිස්ථානය ඩොලර් බිලියන 2.1 ක විදේශ සෘජු ආයෝජන (FDI) ලබා ගත්තේය. එය පසුගිය වසර 11 තුළ ඉහළම අගය විය.
  • මාස 22ක් තුළ PTI රජය පාකිස්තානය හරහා කිලෝමීටර් 1824ක මාර්ග ඉදිකර ප්‍රතිසංස්කරණය කර ඇත. එය ඔවුන්ගේ පසුගිය වසර 2 තුළ PML-N පැරණි රජය කළාට වඩා කිලෝමීටර 600ක් වැඩිය.
  • අගමැති ඉම්රාන් ඛාන් අගමැති කාර්යාල කාර්ය මණ්ඩලය 552 සිට 298 දක්වා අඩු කළේය. අගමැති කාර්යාලයේ මෙහෙයුම් පිරිවැය මිලියන 509 සිට මිලියන 339 දක්වා අඩු කළේය.
  • පාකිස්ථානය තුල ආයෝජනය කිරිම - 2018 වසරේ පාකිස්තානය ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 147 වැනි ස්ථානයේ පසුවිය. වසර දෙකකට අඩු කාලයකදී ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ පාකිස්තානය ස්ථාන 39ක් ඉදිරියට පැමිණ 108 වැනි ස්ථානයට පත්ව තිබේ.
  • අදාල කාලය තුල වෙළඳ හිඟය ඩොලර් බිලියන 37 සිට ඩොලර් බිලියන 21 දක්වා අඩු කර ඇත. 


පන්ජාබය තුල පමණක් කර ඇති සේවා


  • ගොවීන් සදහා කෘෂිකාර්මික ණය සහන
  • ගොවි නිෂ්පාදන සදහා ඉහල මිලක් ලබා දීම 
  • පාසල් 10800 ක් සදහා සූර්‍ය බල ශක්තිය
  • 3.1% පමණ ජල මූලාශ්‍ර තියෙන පාකිස්ථානයේ පංජාබය තුල පමණක් අවශ්‍ය ජල සැපැයුම වසර 10 කට ස්ථාපනය කිරිම
  • විශේෂ ආර්ථික කලාප 10ක් ස්ථාපනය කිරිම
  • අක්කර 4000 ක කාර්මාන්ත කලාපයක් ස්ථාපනය
  • චීන අයෝජකයන් සදහා අක්කර 22000 ක ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ස්ථාපනය
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන මාර්ග 13ක් රජයේ සහ පුද්ගලික අංශ දායකත්වයෙන් ඉදිකිරීම
  • විශේෂ දුෂණ මර්ධන ඒකකයක් ස්ථාපනය 
  • ඔන්ලයින් වශයෙන්ද ගෙවිය හැකි පහසු බදු ක්‍රමයක් ‌ක්‍රියාත්මක කිරිම.
  • පන්ජාබය තුල නව පලාත් පාලන ක්‍රමයක් සහ පංචායත් ප්‍රදේශීය පාලනයක් ඇතිකිරිම
  • ලෝක බැංකු ආධාර යටගේ ගම් රැසක් ‌USD 20 Mn ආධාරයකින් සංවර්ධනය කිරිම
  • විනිවිද බව ආරක්ෂා කිරිම සදහා E-Tendering සියළු මිලදී ගැනීම් සදහා ආදේශනය
  • මහජන ආරක්ෂාව උදෙසා පොලිසිය සමග කැමරා සවිකිරිම
  • විශේෂ පාසල් සදහා වෙන්වූ බස් රථ
  • sපාකිස්ථාන රුපියල් මිලියන 330 කින් පානීය ජල අවශ්‍යතා සැපයීම
  • Zig-Zag ක්‍රමය වංචා මැඩලීම සදහා යෙදවීම 
  • 25000 ‌ක් පමණ වෛද්‍යවරු සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවට බදවා ගැනීස
  • සියළු පහසුකම් සහිත නව රෝහල් ස්ථාපනය කිරිම සහ ග්‍රාමීය රෝහල්ද 24/7 පුරා ක්‍රියාත්මක කිරිම
  • ඒ සදහා පාකිස්ථානු රුපියල් බිලියන 13ක් ආයෝජන කිරිම 
  • සෑම දිස්ත්‍රීක්කයකම උසස් තාක්ෂණ විශ්වවිද්‍යාලයක් බැගින් ආරම්භය
  • මේ සමගම නව විද්‍යාල 43 ක් ස්ථාපනය 
  • මේ සදහා පුහුණුව ලත් ගුරුවරුන් 5000ක් බදවා ගැනීම 
  • විශ්ව විද්‍යාල සහ බොහෝ රාජ්‍ය ආයතන සූර්‍ය බල ශක්තියට හැරවීම
  • නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදුන්වා දීම

එවැනි තත්වයක් තුල 

  • පාකිස්ථානයේ ජනාධිපති ඉම්රාන් ඛාන් දෝශාභියෝගයකින් (174 ට 168)  වැඩි ඡන්ද 6 කින් ඉවත් කරනු ලබයි. 
  • ඉන්පසුව පාකිස්ථානු මුස්ලීම් ලීගය-නවාස් පක්ෂයේ ශෙබාස් ශරීෆ් ජනාධිපති වශයෙන් පත්වේ. ඔහු හිටපු ජනාධිපති නවාස් ශෙරීෆ් ජනාධිපති සමයේ ඔහු සමග සිටි එකකුස උපන් සොහොයුරාය.


  • ඉම්රාන් ඛාන් ඉවත් කිරිම සදහා විශේෂයෙන් කටයුතු කලේ  හිටපු ජනාධිපති බෙනාසීර් භූතෝ ගේ සැමියා සහ වන අසීෆ් අලි සර්දාරි රජයේ කොන්ත්‍රාත් වලින් 10% කොමිස් ගැනීමට චෝදනාවන්ට ලක්ව සිරගත වූ පුද්ගලයාය. 
  • දුෂිත චෝදනා වලින් වරදකරුව ජනාධිපතිධූරය අහිමුවු පාකිස්ථානයේ හිටපු ජනාධිපති නවාස් ශෙරීෆ් රාමසාන් උත්සවයෙන් පසු නැවතත් පාකිස්ථානයට පැමිණ දේශපාලන කටයුතු ඇරඹීමට නියමිතයි.

හර්ෂ නෝනිස්
දෙගම්බඩ පහුර|20220415

No comments:

Post a Comment