Thursday, April 21, 2022

 පසුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම වලක්වාලීම සදහා එවකට යහපාලන ආණ්ඩුව සහ පාක්‍යසෝති සරවණමුත්තු, චන්ද්‍රගුප්ත තේනුවර වැනි ඊනියා එන්ජීඹ් බැලයෝ නොගත් උත්සහයක් නැත. නාම යෝජනා භාර දෙන දිනය දක්වාද මෙය ක්‍රියාත්මක කරන ලද පොදුජන පෙරමුණේ නායකයෝ බැරිවෙලාවත් මැතිවරණ කොමිසම යහපාලන ආණ්ඩුවට පක්ෂ තීන්දුවක් දෙයිදෝ යන සැකයෙන් චමල් රාජපක්ෂ සහ ජයන්ත කැටගොඩ යන දෙදෙනාගේ නාම යෝජනාද ලබා දීමට කටයුතු කරනු ලැබීය. නමුත් අවසානයේ ගෝඨාභයේ නාම යෝජනා පිළිගන්නා ලදි.


මඩ සහ අවලාද මෙන්ම අධිකරණය හරහාද ගෝඨාභය ජනාධිපති වීම වැලැක්වීම සදහා විවිධ උපක්‍රම එහිදි බාවිතා විය. රාජිත සේනාරත්න වැනි අය මුදල් ගෙවා දෙදෙනෙක් යොදවා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ගෝඨාභය ජනාධිපති අපේක්ෂක වූ පසු ඔහු පරාජය කිරිම සදහා ජවනිකා මැවීය. එවකට සිදුවු පාස්කු දින ප්‍රහාරය යහපාලන රජයේ අදූරදර්ශී සහ නොසලකාහැරීම් මෙන්ම එවකට රජය තුල පැවති අර්බූද නිසා සිදුවූ බවත් එවකට ආණ්ඩුවේ සිටි ඇමතිවරුන්ද පවා පිළිබත් අවස්ථා තිබිනි. මෙම වසරේදි ස්වර්ණවාහිනිය ඔස්සේ මනූෂ නානයක්කාර, හරීන් ප්‍රනාන්දු, කංචන වීරසේකර සහ මහින්දානන්ද අළුත්ගමගේ සහභාගී වූ විවාදයේදීද ඒක් තැනක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද එම ප්‍රහාරයේ වගකීම යහපාලන ආණ්ඩුව දැරිය යුතු බවද පැවසීය.


යහපාලන ආණ්ඩුව සහ විවිධ බැලයෝ විසින් සිදුකරනු ලැබූ චෝදනා අතර පාස්කු ප්‍රහාරය ගෝඨාභයේ සැලසුමක් හෝ එවකට විපක්ෂයේ සැලැසුමක් බවවත්, කතෝලික පූජක නායකයන් විසින් කිසිදු අවස්ථාවක චෝදනාවක් සිදු නොකරන ලදි. මැතිවරණ සමයේදි කතෝලික සභාවේ නායකයෝ ප්‍රසිද්ධියේ ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලදි. නමුත් ජනාධිපතිවරණයෙන් පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ කතෝලික ආගමික නායකයන්ගේ මතවාදය වෙනස් වන්නට වීමට බලපෑ තීරණාත්මක සාධකයක් විය හැකි සිදුවීමක් විය. ජනාධිපතිවරයා රුවන්වැලිසෑ පුදබිමේ දිව්රුම් දීමේදී එතුමන්ගේ ජයග්‍රහණය වැඩියෙන් දායකවූයේ සිංහල බෞද්ධ ජනතාව යැයි යන ප්‍රකාශය මේ සදහා හේතූවක් විය හැක.




තවද පසුකාලීනව එම ප්‍රහාරය සම්බන්ධ යහපාලන රජයේ සිටි ජනාධිපතිවරයා ගෝඨාගේ රජය තුලත් අමාත්‍යාශ දැරීමත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධ නීත්‍යානූකූල කටයුතු වීම මන්දගාමී යැයි පෙනීමත් නිසා කතෝලික පූජක නායකයන් සහ ප්‍රජාව අතර ගෝඨා පිළිබද විවේචන වැඩිවන්නට විය. මේ අතර නැවතත් එවකට ආණ්ඩුපක්ෂය තුල සිටි යහපාලන කතෝලික ඇමතිවරු එම ප්‍රහාරය ගෝඨා විසින් සැලැසුම් කර ඇති බවත් මත පළ කල අතර මේ සදහා හොදම පිළිතුර පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ලබා දූනි.


එතුමා පැවසූයේ ගෝඨාභය රාජපක්ෂ මාගේ දේශපාලන එදිරිවාදිකයෙකු වුවත් එතුමා ආරක්ෂක ලේකම් වශයෙන් සිටියේ නම් 8 ක් අතුරුදහන් වී 254ක් තවමත් ජීවත් වන බවයි. අතිඋතුම් මැල්කම් රංජිත් වහන්සේ කතෝලික ප්‍රජාව 254 ක් ඝාතනය වීම ගැන මේසා දුක්වූවත් එල්ටීටී ක්‍රියාකාරකම් නිසා අහිමුවූ දකුණේ ජනතාව වෙනුවෙන් දුක්වූ ආකාරයක් විරෝධය දැක්වූ ආකාරයක් නම් අප කිසිවෙකුට මතක නැත. යුද්ධය පැවති සමයේ 


කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය නිසා අහිමිවූ අයට මාගේ ආගමානුකූලව නිවන් සැප ලැබේවා යන්නත් සහ ආබාධිත තත්වයන්ට පත්වූ අයට ඉක්මනින් සමාජය සමග සාමන්‍ය විදිහට කටයුතු කරන්නට ලැබේවා යන්න ප්‍රාර්ථනා කරමි.   තවද මේ ප්‍රාර්ථනාව පාස්කු ප්‍රාහරය සම්බන්ධයෙන් පමණක් නොව ජාත්‍යන්තර කතෝලික දමිල ඩයස්පෝරාවේ ආශිර්වාදය සහ පෝෂණය මත ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය නිසා මියගිය සිංහල සහ දෙමළ සහෝදර ජනතාවටත් ඒ නිසාම ආබාධයට ලක්වූ සැමටත් එකසේ වලංගු ය.


https://www.lankaweb.com/news/items/2010/11/07/the-ltte-and-the-roman-catholic-church-of-sri-lanka/


https://www.hindustantimes.com/world/ltte-lanka-battle-for-catholic-support/story-YFyYVZEJF7uscVVTkhv73M.html


http://www.srilankaguardian.org/2009/04/catholic-church-ally-of-tamil-tiger.html 

No comments:

Post a Comment