Saturday, April 30, 2022

ආශාවන් පසු පස දුවන ප්‍රාග්ධන සමාජයක් සහ සදාකාලික දුක්ඛිත කම්කරුවෙක් නිර්මාණය කල මාටින් ලූතර්...!


ඓතිහාසික තත්වය

එළබෙන ශතවර්ෂ කිහිපය තුල ලොව නිෂ්පාදන විප්ලවයක් ඇති වන බවත් එය මානව ශිෂ්ඨාචාරය විශාල ලෙස වෙනස් කම් රැසකට මුල් වන බවත් ක්‍රිව 1400 දි පමණ විසු ආර්ථික විශේෂඥයින් විසින් අනාවැකි පලකර තිබුනි.

කුරුස යුද්ධ යන්නෙහි පුළුල්ම අර්ථදැක්වීම වන්නේ මුලීක වශයෙන් 11 වන සහ 15 වන සියවස් අතර සිදුවූ හා ලතින් සභාව විසින් මෙහෙයවූ ආගමික යුද්ධ මාලාවක් යන්න දැක්විය හැකිය. කුරුස යුද්ධ යනු ජෙරුසලෙම තුල හා එය අවට ශුද්ධවූ ස්ථාන වෙත ක්‍රිස්තියානිවරුන්ට සම්ප්‍රවේශය ප්‍රතිෂ්ඨාපනය කෙරුමෙහි ප්‍රකාශිත අරමුණ සහිතව, දෙවන අර්බන් පාප් වහන්සේ සහ කතෝලික සභාව විසින් පිරිනැමුණු ආශිංසනය ලත්, ආගමික කාර්ය සාධක යුද්ධ මාලාවකි. යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන්නාවූ ආබ්‍රහමික ලබ්ධීන් තුනම සඳහා ජෙරුසලෙම ශුද්ධවූ නගරයක් වූ අතර දැනුදු එසේ වෙයි.

(John L. Esposito. "italics" Oxford University Press Inc, 2011"italics" )

සෙල්ජුක් තුර්කිවරුන් විසින් 1071 දී බයිසැන්ටයින් යුද්ධ හමුදාව තීරණාත්මක ලෙසින් පරාජය කිරීමත් හා සමගම කුරුස යුද්ධ ඇතිවීමේ සිද්ධි මාලාව ඇරඹිණි. සමස්ත සුළු ආසියාව අභිඝාතයකට ලක්වේ යැයි, බයිසැන්ටයින් අධිරාජ්‍යයාවූ පළමුවන අලෙක්සිස් බියට පත් විය .

කුරුස යුද්ධ යනු ක‍්‍රිස්තියානි යුරෝපයේ අභ්‍යන්තරික හා පිටස්තර තර්ජන වලට එරෙහිව පැන නැගි ආගමික ස්වරූපයක් ගත් යුද ගැටුම් සංකීර්ණයකි. කුරුස යුද්ධ මුස්ලිම් ජාතිකයනට, පැරණි ආගම් ඇදහූ ස්ලොවික් ජාතිකයනට, රුසියානු හා ග‍්‍රීක ඕතඩොක්ස් කිතුනුවන්ට, මොංගොලීය ජාතිකයන්ට හා පාප් වහන්සේලාගේ දේශපාලනික සතුරන්ට එරෙහිව සිදු කරන ලදී. කුරුස යුධ භටයෝ දිවුරීමක් සිදු කළ අතර ඔවුනගේ පෙර පව් ක්ෂමා කරනු ලැබුණි.කුරුස යුද්ධ මූලිකව ඇරඹියේ යෙරුසලම සහ ශුද්ධ වූ දේශය මුස්ලිම් පාලනයෙන් මුදාගැනීමට වන අතර මුලින්ම එය පෙරදිග ඕතඩොක්ස් බයිසැන්තින් අධිරාජ්‍යයේ ඉල්ලීමකට අනුව මුස්ලිම් සෙල්ජුක් තුර්කිවරු ඇනටෝලියාවට ගමන් කිරීම වැලැක්වීමට සිදුකරන ලදී. එසේම මෙය සමකාලීනව හා ඉන්පසු 16 වන සියවස දක්වා ලැවෙන්ට් ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශවල සිදුකෙරුනු යුද ව්‍යාපාරය සඳහාද යෙදේ. එම යුද්ධ බොහෝ විට සිදුකරනු ලැබුයේ පැරණි ආගම් අදහන්නන්ට, මිත්‍යා දෘෂ්ටිකයනට සහ ආගමික ආර්ථික හා දේශපාලනික හේතූන් මිශ‍්‍රණයක් මත නෙරපාහරිනු ලැබූ මිනිසුන් ට එරෙහිවය. ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් බල කඳවුරු අතර තරගය ඇතැම් ආගමික කල්ලි වලට තම සතුරාට එරෙහි බල කඳවුරු හා එක්වීමට මග පෑදීය. පස්වන කුරුස යුද්ධයේ දී ක‍්‍රිස්තියානු බල කඳවුර රම් හි සුල්තාන්වරයා සමග එක්වීම එයට උදාහරණයකි.

කුරුස යුද්ධ සුවිශාල දේශපාලනික ආර්ථික හා සමාජයීය බලපෑමක් ඇතිකල අතර ඇතැම් බලපෑම් වර්තමානය දක්වාම බල පැවැත්වීය. ක‍්‍රිස්තියානි රාජධානි වල අභ්‍යන්තර ආරවුල් සහ දේශපාලනික බලපෑම් ඇතැම් කුරුස යුද්ධ ඒවායේ මුල් අරමුණින් බැහැර කරවීමට සමත් විය. ක‍්‍රිස්තියානි කොන්ස්තන්තිනෝපලය අල්ලා ගෙන බයිසැන්තින් අධිරාජ්‍යය වෙනීසිය සහ කුරුස යුධකරුවෝ අතර බෙදාගැනීමෙන් කෙලවර වූ හතරවැනි කුරුස යුද්ධය එබන්දකි. පාප් තුමාගේ නිල ආශිර්වාදය නොමැතිව ආරම්භවූ පළමු කුරුස යුද්ධය හයවැනි කුරුස යුද්ධය වූ අතර එමගින් පාප් වහන්සේ හැර වෙනත් නායකයන්ට ද කුරුස යුද්ධ ආරම්භ කළ හැකි බව තහවුරු විය. 

ඉතිහාසය තුල කුරුස ප්‍රධාන කුරුස යුද්ධ 9 ක් සහ සෙසු වශයෙන්, උතුරු කුරුස යුද්ධ, ටියුටොනික් සංවිධානයේ කුරුස යුද්ධය,ස්වීඩන, වෙන්ඩ්යානු, ස්ටෙඩින්ජර්, අරගොනීස්, ඇලෙක්සැන්ඩ්‍රියානු, නොර්විච්, මාහ්ඩියානු, බෝල්කන්, ටාටර්වරුන්ට එරෙහි, හුසිට් වශයෙන් කුරුස යුද්ධ ගණනාවක් කාර්මික පුනරුදයකට ‌ෙඒතිහාසික වශයෙන් තත්වය නිර්මාණය කරන ලදි.

කුරුස යුද්ධයට අමතරව කාර්මික පුනරුදයක් සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිම සදහා ‌ෙඒතිහාසික වශයෙන් බලපෑ තවත් කරුණක් වශයෙන් ප්‍රොතෙස්තන්ත්‍රවාදය දැක්විය හැකිය. ප්‍රොතෙස්තන්ත වාදය යනු දෙවන විශාලතම වර්ගයෙහි ක්‍රිස්තියානි ආගම වන අතර සමස්තයක් වශයෙන් ගත් කල ලොවපුරා මිලියන 900 ඉක්මවන බැතිමතුන් සංඛ්‍යාවක් හෝ සියළු ක්‍රිස්තියානුවන් අතුරින් 40% පමණ එයට අයත් වෙයි.

ප්‍රොතෙස්තන්ත වාදය , ක්‍රිස්තියානු විශ්වාස රැසක් වටා ගෙතුනකි. Reformation ක්‍රිටාවට නංවන එකකි. ප්‍රොතෙස්තන්ත ධර්මය රෝමනු කතෝලික ධර්මය හා සසදන විට පාප් පදවිය බලය හා ධර්මය ප්‍රතික්ෂේප කරයි. මෙය යුරෝප මහ්දවීපයේ සංස්කෘතික අනුව කිතු දහම අනුකූල ධර්මයක් ලෙස හදුන්වයි. ශූද්ධ ලියවිලි මගින් සත්‍ය ප්‍රකාශ කිරීමත්, ගැලවීම දිනාගත හැක්කේ දෙවනියන් වහන්සේගේ දේව වරිමින් බවත් පිළගත්තේය. ප්‍රොතෙත්නත්වාදයේ ප්‍රධානතම පිළිවෙත් සාරාංශය වී ඇත්තේ Five Soals වලය.

"ප්‍රොතෙස්තන්ත" යන වචන පැවත එන්නේ ලතින් "ප්‍රොතෙස්තාෂියෝ' (අර්ථය - නීත්‍යානුකූල ප්‍රකාශය 1599 දි විරැද්ධත්වය පළ කිරිමේ ලිපිය සම්බන්ධව) වන්නෙකි. ඒ කාලය සිටම, ප්‍රොතෙස්තන්තවාදය විවිධ ආකාරයෙන් භාවිතා වී ඇත. බොහෝ විට, පාප් පදවිය බලය පෙර දැරි නොකොට ගත් බටහිර ලෝකයේ ක්‍රිස්තු ධර්මයට පටහැකිය.

ප්‍රොතෙන්තන්වාදයට අනුගාමීව හෝ නොඅනුගාමීව බිහිවුණු විශ්වාස හා පල්ලි තිබුණ කාලයේදි පොතෙත්න්තුමා රොමාණු කතෝලික ධර්මය හා නැගෙනහරි යුරෝපිය - මැදපෙරදිග සම්ප්‍රදාය හා සැසැදීම සදහා භාවිතා විය. නිරවද්‍ය භාවිතයකි. Reformation දිගු කාලෙකට පෙර පැවතෙන්නේ බොහෝ රෝමානු කතෝලික නොවන නැගෙනහිර යුරෝපිය හා මැදපෙරදිග සම්ප්‍රදාය නොවන කණ්ඩායම් වලින් බව කියැවේ. එංගලන්තයේ සභාවන් reformation ප්‍රතිපත්ති/ මුල ධර්ම වලට වඩා වෙනස්ය. Mormons හා ජෙහෝවාගේ සාක්ෂිකරැවන් වැනි අනෙකුත් කණ්ඩායම්, ක්‍රිස්තුධර්ම ප්‍රොතෙස්තන්තවාදයට වඩා වෙනස් බව පිළි නොගනී. 

14 වන සියවසේ වූ ජොන් වයික්ලිෆ්, ඉංග්‍රිසි සංශෝධනය ආගමික සංශෝධනයේ පහන් තරුව වශයෙන්ද, 15 වන සියවසෙහි වූ ජෑන් හස්, (චෙක් සංශෝධක/ විමතික, මිත්‍යාදෘෂ්ටිකභාවය නිසා රෝමානු කතෝලික දේවස්ථානය ඔහුව පුළුස්සා මරණ ලදි) ද 16 වන සියවස තුල සිට ජැකොබද් ආර්සිනියස්, ලන්දේසි දේවධර්මධරයෙක්, ආර්මිනියැසියම් නම් චින්තනයේ පාසැලේ ආදිකර්තෘ ද, හයින්ච් බුලිංජර් (ද්විංග්ලියේ අනුප්‍රාප්තිකයා, ප්‍රධාන සංශෝධකයා දේවධර්මධරයෙකි) ද, ජෝන් කැල්වින් (ප්‍රංශ දේවධර්මධරයෙකි. සිවිස්ටලන්තයේ ජිනිවා හි සංශෝධනයක් ලෙස වාසය කර ඇත. ගැල්විනිසම් නම් දේවධර්මශාස්ත්‍ර පාසල ආදී කතෘ) ද, කුල්වියටිස් (කොන්ග්ස්බර්ග් ඇල්බටිනා   

විශ්වවිද්‍යාල‍යේ මහාචාර්යවරයෙකි. ලිතුවේනියානු දේවස්ථාන‍යේ සංශෝධකයකි.) ද, ජෝන් නොක්ස් (ස්කොට්ලන්තයට අයත් කැලවිනිස්ථ සංශෝධකයෙකි.) ද, මාර්ටින් ලුතර් (ජර්සනි ජාතික ආගමික සංශෝධයෙකි. දේවදර්ධයෙකිල ලුතරන් දේවස්ථානයේ සහ ලුතරන්වාදයේ ආදි කර්තෘ) ද, ෆිල්ප් මෙලාන්ච්කන් (මුල් කාලින ලුතරන් නායකයෙකි) ද, මෙන්නෝ සිමෝන්ස් (මෙනොනිස්ට් වාදයේ ආදී කර්තෘ) ද හුල් ඩිරිච් සිවින්ගිලි (සිවිස් සංශෝධන සම්ප්‍රදායේ ආදිකතෘ) ද, ජෝන් ස්මිත් (බැප්ටිස්ට් නිකායේ ආදී කර්තෘ) ද, ඩේවිඩ් කූර්ටිනි (1542-1621 සංශෝධනයේ ආදි කර්තෘ) යන සියල්ලෝම පාප් වහන්සේ තනතුර වටා කේන්ද්‍රකර ගෙන තිබු බලයට විරුද්ධව සමාජ අරගල කරමින් ඇදහිල්ලෙන් ගැලවීම නැමැති මතවාදය සාක්ෂාත් කර ජනතාවට නිදහසේ තම කටයුතු කරගැනිම සදහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරන ලදි.

1774 දී ප්‍රංශය යුරෝපයේ ජනගහණයෙන් වඩාත් ම අධික වූ (මිලියන 25 ක්) සහ වඩාත්ම සමෘද්ධිමත් වූ රට වූයේය. පැරිසිය යුරෝපයේ විශාලතම නගරය විය. එහි ජනගහණය 650,000 කි. මුළු ප්‍රංශයේ ජනතාව පංති 3 කට අයත් වූහ. පූජක පක්ෂය 130,000 ක් පමණ සහ රදළයන් 400,000 ක් පමණ වෙද්දී තෙවැනි තලයේ නොහොත් (Tier État) වූ පිරිසක් ආර්ථික අතින් නැඟ ආවත් ඊට සරිලන දේශපාලන බලයෙන් හා සමාජයීය වැදගත්කමෙන් යුතු වූයේ නැත.(Will & Ariel Durant, The Story of Civilization, Simon and Schuster, New York, 1967)

1756 සිට 1763 දක්වා පැවති අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධ වලින් යුරෝපීයයන් බංකොළොත් වී සිටියහ. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යාගේ භාණ්ඩාගාරයේ මුදල් එක පැත්තකින් හිස් වෙද්දී ප්‍රංශ භාණ්ඩාගාරයේ මුදල් එහි රජ හා ප්‍රභූන් අතින් ද, ඇමෙරිකාවේ යුද ආධාර වලට ද වැය වී හිස් වෙන්නට පටන් ගති.

ඒ වියදම් කළ ප්‍රංශ රදළයන් අතරින් නැඟී ආ විනිශ්චය පදවි හා මන්ත්‍රණ සභා තනතුරු මුදල් ගෙවා ලබාගත් අය රදළ වස්ත්‍ර හැඳි (noblesse de robe) නමින් හැඳින්වුනු පවුල් හාරදහසක් පමණ විය. රජු සහ රජුට පාක්ෂික අමාත්‍යවරු හිස්වන භාණ්ඩාගාරය පුරවන්නට රදළයන්ට අධිකරණ සහ පරිපාලන තනතුරු මුදල් වලට විකිණුවේය. ඒ නිසා රටේ අල්ලස් හා දූෂණ ගහණ විය.

රටේ සදාචාර වර්ධනයට පල්ලි වල සහාය නිතරම අපේක්ෂා කළ ඔටුනු පැළඳි ලෝකය පල්ලිය නඩත්තු කළේ ජනතාවගේ බදු වලිනි. එහෙත් පල්ලියේ ඉහළ තනතුරු හා ආර්ථික වාසි රදළයන්ටත්, පල්ලි නඩත්තු කරන බදු ගෙවීම ගම්බදවැසියන්ටත් පැවරෙද්දී සහ කතෝලික පල්ලියේ බැහීමත්, පොතෙස්ත්‍රන්ත්‍ර පල්ලියේ නැඟීමත් අතර ගැටුම් ඇති වෙද්දී, ප්‍රංශයේ හියුගනොට් (Huguenot) නම් ආගමික භක්තියන් 200,000 ක් රට අත්හැර ගිහින් තිබුණි. ඒ ප්‍රංශය හැරදමා ගිය මුල් සංක්‍රමණික රැල්ලකි. ජාතික පල්ලිය කුමක් දැයි වික්ශිප්තයෙන් විසූ ප්‍රංශ ජනතාව පල්ලි අත්හැර මිථ්‍යා විශ්වාස වන්දනාවන්ට නැවත බැස්හ.

16 වැනි ලුවී රජු තමන්ටත් සිය රටවැසියන්ටත් හිමිතැන කුමක්දැයි විමසුවෙකි. වැඩවසම් මිනිසුන් අතර අසමාන වූ ලැබීම් ගැන පහදන්නට ජනතාවගේ අධ්‍යාපනය බාර වූයේ පල්ලියටයි. යහපත් අස්වැන්න වෙනුවෙන් දෙවියන්ගේ ආශීර්වාදය ඉල්ලන්නටත් බාරවූයේ පල්ලියටයි. 16 වැනි ලුවී එය තමන් ඇදහූ කතෝලික පල්ලියට සීමා නොකර පොතෙස්ත්‍රන්ත හා යුදෙව් ආගම් වලටත් අවසර දුන්නේ ය. ජනතාව විසින් තෝරාපත් කරගන්නා ප්‍රාදේශීය සභාවන් පිහිටුවා රජයත් ජනතාවත් අතර ගැටළු විසඳන්නට උත්සාහයක් ගත්තේ ය. තමන් යටතේ වූ වහලුන් නිදහස් කළේය. එහෙත් රදළයන්ට හා පූජ්‍ය පක්ෂයට වහල් සේවකයන් තබාගන්නට හැකි අයිතිය අහිමි නොකළේය. සාක්කිකරුවන්ට හා අපරාධකරුවන්ට වදහිංසා කිරීම තහනම් කළේය. දුප්පතුන්ට 3% පොලියට ණය ලබා ගැනීමේ ස්ථාන පටන් ගත්තේ ය.



ක්රිස්තියානි ඉතිහාසයේ විශිෂ්ටතම දේවධර්මාචාර්යවරයෙකු වන මාටින් ලූතර් රෙපරමාදු ප්රතිසංස්කරණය ආරම්භ කිරීම සඳහා වගකීම දරයි. 16 ශතවර්ෂයේ සිටි කිතුනුවන්ට සත්යය සහ ආගමික නිදහස පිළිබඳ පුරෝගාමි ආරක්ෂකයෙකු ලෙස හුවා දැක්වේ.  1505 දී මාර්ටින් නීතිය හැදෑරීමට පටන් ගත්තේය. එම වසරේදි භයානක කුණාටුවකින්  මාර්ටින්ගේ අනාගතය වෙනස් කළ අකුණු සැර වැදීමකින් තම ජීවිතය වෙනුවෙන් බියට පත් වූ මාටින් දෙවියන් වහන්සේට බාරයක් දැක්වීය. ඔහු දිවි ගලවා ගත්තේ නම් ඔහු භික්ෂුවක් ලෙස ජීවත් වීමට පොරොන්දු විය.  රෝමයේ කතෝලික පූජකවරුන් අතර ඔහු දැක ඇති දුරාචාරය හා දූෂණයෙන් ඔහු කලකිරී සිටියේය. 1514 දී ලූතර් තම දේවවේදය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා විතෙන්බර්ග් වෙතට යොමු විය.විතෙන්බර්ග් විශ්ව විද්යාලයේ බයිබලීය දේවධර්මය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස උගන්වන විට

දෙවියන් වහන්සේ හා මනුෂ්යයා අතර එකම මැදිහත්කරු ලෙස ක්රිස්තුස්වහන්සේගේ කාර්යභාරය ගැන උද්යෝගිමත් ලෙස කතා කළේය. සතුට ඇත්තේ මරණින් පසු නොව මේ ජීවිතය තුල මහන්සි වී වැඩ කොට ධනය උපදවා ගැනීමෙන් බව ඔහුගේ ඉගන්වීම් තුල විය.

ඒ් අනුව එවකට කතෝලික පල්ලියේ ආධිපත්‍යය සදහා විශාල බලපෑමක් මාටින් ලූතර්ගෙන් සිදුවිය. ලූතර්ගේ පල්ලි විවේචනය පාප් පදවියට තර්ජනයක් ලෙස සලකනු ලැබූ අතර 1521 ජනවාරි මාසයේදී ලූතර්ව පාප්වරයා විසින් නිල වශයෙන් බැහැර කරනු ලැබීය.

එතෙක් කතෝලික පල්ලිය හෝ රජු  හෝ විසින් පාලනය කල ආර්ථික කටයුතු ක්‍රම ක්‍රමයෙන් සමාන්‍ය මහජනයා වෙත ලැබුනු අතර ඒතෙක් පාලිත ක්‍රමවේදයක් යටතේ ප්‍රසාරණය වූ ආර්ථික උපක්‍රම පාලනයකින් තොරව රිසි පරිදි වර්ධනය විය.  ගැලවීම උදෙසා පැවති ඇදහීම වෙනුවට ඇදහිල්ලෙන් ගැලවිම නැමැති මතවාදය සංකල්පය සමාජය තුල කිදා බැස යාම නිසා අගාමික ආයතනය වෙත නැඔුරු වීම මන්දගාමී වීමෙන් යහපැවැත්ම සදාචාරය වැනි සාමාජීය ගුණවත්කම් හි පරිහානිය ආරම්භය සටහන් විය. සමාජ සංස්ථාවන්හි අත්‍යවශ්‍යම සංස්ථාවක් වන සහ අනෙක් සිව් සංස්ථා කේන්ද්‍රවන පවුල නැමැති සංස්ථාව අභියෝගයන් සහ වෙනස්කම් සදහා බදුන් විය. ආශාවන් අරමුණු වල පාලනය ගිලිහි යාම නිසා වැඩි වැඩියෙන් නිෂ්පාදන වෙළද අරමුණු උදෙසා නිර්මාණය විය. මේ සදහා ස්වභාවික සම්පත් බහුල වශයෙන් බාවිතා වීම් නිසා ස්වභාවික පරිසරයන් වල පැවැත්මට අහිතකර ලෙස බලපෑම් සිදුවීම ආරම්භ විය. 

18 සහ 19 වැනි ශත වර්ෂවලදී එංගලන්තයේ කාර්මික ක්‍ෂ්ත්‍රයේ වෙනස්වීම් රාශියක් ඇතිවිය. අන් රටවලට පෙර එංගලන්තයේ ‍මෙවැන්නක් ඇතිවීමට, දියුනුවට බාධාවක්ව පැවති වැඩවසම් ක්‍රමය බිඳවැටීමත් සමග නිෂ්පාදන සාධක සංචලනයත් ස්වයංපෝෂිත බව අතුරුදහන්වීම කාර්මික භාණ්ඩ අලෙවියට හිතකර වීමත් බලපෑහ. 

මේ අනුව මුලින්ම ප්‍රවේණිදාස විමුක්තිය උදාවීම බ්‍රිතාන්‍යයේ සිදුවීමත් සමග ශ්‍රමය නිදහස් වීමත්,ඒකාධිකාර ලිහිල් වීමත් තරඟය වර්ධනය වීමත්, ‍ශ්‍රේණි ක්‍රමය බිඳවැටීමත් සිදුවිය. එමගින් කාර්මික වර්ධනය ඉක්මන්විය. මෙකල බ්‍රිතාන්‍යයේ දේශපාලන ස්ථාවරත්වය ද කාර්මික දියුණුවට වාසිදායක විය. අන් රටවලට වඩා බ්‍රිතාන්‍යය රජය කර්මාන්ත කරුවන්ට සහයෝගී වැඩපිළිවලක් අනුගමනය කිරීමත්, නිර්බාධවාදී ප්‍රතිපත්තියත්, ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් පැවති වාසිදායක තත්ත්වයත්, යටත් විජිතවලින් අඩුමිලට අමුද්‍රව්‍ය සපයාගත හැකි වීමත්, දියුණු ප්‍රවාහන පහසුකම් ද පුද්ගල ආකල්ප අතින් ප්‍රගතිශීලී ලක්ෂණ පෙන්නුම් කිරීමත්, කතෝලික පල්ලියෙන් මිදී කටයුතු කිරීම නිසා ලාභ ඉපයීම අන් රටවල් මෙන් පාපකාරී ක්‍රියාවක් ලෙස නොසැලකීම නිසා ලැබුණ පිටු බලයත් කාර්මික විප්ලවය ඇතිවීමට හේතු සාධක විය.

මෙහිදි පහත සදහන් කාර්මික පුනරුදයන් නිසා ඒ ආශ්‍රිත සමාජයන් විශාල ලෙස පෙරළි රැසකට බාජනය විය. 

1820-1960 දක්වා - උතුරු සහ බටහිර යුරෝපය

1820-1940 දක්වා - එක්සත් ජනපදය

1870-1970 දක්වා - ජපානය

1950-2000 දක්වා - ඒෂියන් ටයිගර් රටවල්

1968-1998 දක්වා - චීනය

ගෘහස්ථ පරිසරයක නිෂ්පාදනය වූ දෑ කර්මාන්ත වටපිටාවකට මාරුවෙද්දි සේවකයන්ට තිබූ නිදහස සම්පූර්ණයෙන් නැතිවු අතු අවශ්‍යතාවය අනුව ගෘහස්ථ පරිස‍රයෙන් ඈත්ව ‍දිගු කාල පරිච්ඡේද කර්මාන්තවල ගත කරන්නට සිදුවිය. මේ නිසා ගෘහස්ථ කර්මාන්තයේදි සමබරව ගෙන ගිය ගොවිපල කටයුතු ඒ සමගම අභාවයට ගියේය. රැකියාවල ඒකාකාරී බවක් ඇතිවී 1816 දී පමණ බොහෝ පිරීස් රැකියා අතහැර ගිය අතර දක්ෂතා සහිත කම්කරුවන්ගේ කාලය යාන්ත්‍රීක වූ නිසා ඔවුන්ගේ හැකියාවන් යටපත් වනවා යැයි සමහරු අදහස් කලහ. ඔවුන් සහ නුපුහුණු අයට ලැබෙන සමාන වැටුප් ගැන කලකරී සමහරු පේෂ කර්ම බලවේග කඩා සුණු විසිනු කර දැමීය.එකල රජය පිළිවෙත වූ Laissez-faire නිසා රජය ව්‍යාපාරික කටයුතු සදහා කිසිම බලපෑමක් නොකල නිසා කර්මාන්ත කරුවන් තමන්ගේ ආයතනික රදා පැවැත්ම වෙනුවෙන් රිසි සේ කටයුතු කරන්නට වූහ.


ඒ අනුව ‍වයස් සීමා නැතිව අඩු වයස් සීමාවල සිටින ළමුන් පවා පතල් කර්මාන්තයේ සිට සියළු කර්මාන්ත සදහා සේවයට බදවා ගත් අතර බොහෝ අවස්ථා වල කම්කරුවන්ට පැය 12-14 දක්වා එක දිගට සේවය කරන්න සිදුවිය.  මෙහිදී කම්කරුවනට නිවාඩු නොමැතිකම, අඩු පඩි,අනතුරු, කාන්තා සහ ළමා කම්කරුවන් සහ නිවාස ප්‍රෂ්න වැනි ගැටළු රාශියක් උද්ගත වෙමින් අර්බූද ගණනාවක් නිර්මාණය විය.






ඒ නිසා සේවකයෝ ප්‍රථම වතාවට වෘත්තීය සමිති පිහිටුවා තම අයිතීන් දිනා ගැනීමට කටයුතු කලහ. ආරම්භයේදි මෙම වෘත්තීය සමිති, මිත්‍රත්ව සමිති මට්ටමෙන් පටන් ගත් අතර පසුව ඒවා අයිතීන් වෙනුවෙන් සටන් කර අරගල කොට අයිතිවාසීතම් දිනා ගැනීම සදහා වෘත්තීය සමිති මට්ටමට පත්විය. 1886 මැයි 1 වැනිදා ඇමරිකාවේ චිකාගෝ නුවරට එක්රැස් වී සිය හාම්පුතුන්ගෙන් දිනක සේවා මුරය පැය 8ක් දක්වා කෙටි කරන ලෙස ඉල්ලා සිටියේය. පසුව එය වැඩ වර්ජනයක් දක්වා ම පරිවර්තනය වූ අතර කම්කරුවන් පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය පිළිබඳව ආරංචිය පැතිරයාමත් සමග තවත් දහස් ගණනින් කම්කරුවන් එම භූමිය වෙත පැමිණෙන්න විය. 




එහි ප්‍රතිඵලයක් වශයෙන් මැයි 3 වැනිදා වන විට 65, 000ක පමණ කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවරට ඒකරාශී වී විවිධ සටන් පාඨ කියමින් තම ඉල්ලීම දිනාගැනීම වෙනුවෙන් අරගලයේ යෙදුණාහ. කම්කරුවන්ගේ නැගිටීම හාම්පුතුන් දුටුවේ ඔවුන්ට එල්ල වුණු අභියෝගයක් ලෙසයි. එනිසා ඔවුන් පොලිසිය යොදවා විරෝධතාවයේ යෙදුණු කම්කරුවන්ට නින්දිත අයුරින් පහරදුන්නේය.



පොලිසිය සහ කම්කරුවන් අතර දරුණු ලෙස සටන් ඇවිලී ගිය අතර ආයුධ සන්නද්ධව පැමිණි පොලිස් භට පිරිස් නිරායුධ කම්කරුවන්ට පහර පිට පහර එල්ල කලේය. අරගලයේ යෙදුණු කම්කරු පිරිසත් නොසැලෙමින් පොලිස් භටයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කල නමුත් තත්ත්වය පාලනය කිරීමට අපහසු වීමත් සමග පොලිස් භටයන් කම්කරු පිරිසට වෙඩි තබන්නට පටන් ගත්තහ. එයින් ඇතැමුන් මරණයට පත්වෙද්දී තවත් පිරිසක් තුවාල ලැබුහ. එලෙස අරගලය මර්ධනයෙන් අවසන් කිරීමට පොලිසිය උත්සාහ කරද්දී කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වනි. එනිසා අකමැත්තෙන් වුව ද එම අරගලය තාවකාලිකව නැවැත්වීමට සිදුවිය. 

පොලිසිය, ඇල්බට් පාසන්ස්, ජෝර්ජ් එන්ගල්, ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔගස්ටස් ස්පයිස්, ඔස්කා නිබේ, සැමුවෙල් ෆීල්ඩන්, ඇඩොල්ෆ් ෆිෂර් යන කම්කරු නායකයන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබු අතර  එම නඩු විභාගය අවසානයේ දී ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් ලැබෙද්දී ෆිල්ඩන්ට සහ ෂ්වොබ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණි. ඉතිරි පස්දෙනා එල්ලා මැරීමට තීන්දු විය. 

1887 නොවැම්බර් 11 වැනි දින කම්කරු නායකයන් පස්දෙනා එල්ලා මැරීමට නියමිතව තිබුණත් ඉන් එක් අයෙකු ඊට පෙර සියදිවි හානිකර ගතතේය. ඉතිරි හතරදෙනා නියමිතව තිබුණු පරිදි එල්ලා මරා දැමීය.

1889 වසරේ මැයි 1 වැනිදා ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්ගේ නායකත්වයෙන් යුතුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රංශයේ පැරිස් නුවර දී රැස්වුණා. ඊට වසර 3කට පෙර ඇමරිකාවේ චිකාගෝ නුවර දී පැය 8ක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවන් රුධිරයෙන් කළ පරිත්‍යාගය සදාකල් සැමරිය යුතු බව එහි දී යෝජනා වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම වසරකම මැයි 1 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට එම සමුළුවේ දී තීරණය වුණා. එදා සිට ලෝකයේ ඇතැම් රටවල් සෑම වසරකම මැයි 1 වැනිදාට ලෝක කම්කරු දිනය සැමරීම ආරම්භ කළා.



1893 ජූනි 26 වැනිදා චිකාහෝ පිහිටි ඉලිනොඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයවරයා ලෙස කටයුතු කළ ජෝන් පීටර් ඇල්ට්ගෙල්ඩ් තීන්දු කළේ එම කම්කරු නායකයන් 8 දෙනා නිවැරදිකරුවන් බව යි. එහි ප්‍රතිඵලයක් වශයෙන්  සිරගතව සිටි සෙසු කම්කරු නායකයන් තිදෙනාට නිදහස ලැබුණි. 

වර්තමානයේ මෙම කම්කරු වෘත්තීය සමිති වැඩිදියුණු වෙමින් දේශපාලනයට මැදිහත් කරන තත්වයකට පත්වු අතර කම්කරු සමිති දේශපාලන අතකොලු බවට පත්වී ඇත. 

නිදහසේ පරිසරය සමග එකාබද්ධව අල්පේච්ඡතාවයෙන් ජීවත් වූ ජනතාවක් ප්‍රාග්ධනය සහ ආශාවන් පසුපස හඹා යෑමේ ආශාව නිර්මාණය කල මාටින් ලූතර් කිසි දිනක එදා පල්ලිය තුල සිරවි සිටි වහලා වහල් බාවයෙන් තවදුරටත් පහතට වැටී ගැටළු ගණනාවක සිරවී පැටලී සිටින කම්කරුවෙක් බවට පත්වේ යැයි සිතන්නට ඇත්ද ? 

දෙගම්බඩපහුර | හර්ෂ නෝනිස් | 20220501

No comments:

Post a Comment